Day archives: සැප්තැම්බර් 22nd, 2017

බැඳුම්කර විමර්ශන කොමිසමේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් අද හරස් ප්‍රශ්න විමසනු ලැබී ය.

(22.09.2017 – newsfirst.lk/sinhala) අර්ජුන මහේන්ද්‍රන් මහතා අද කොමිසමේදී පැවසුවේ, 2015 ජනවාරි 8 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අධිපති ධූරය භාර ගන්නා ලෙස ඉඟියක් දැක්වූ බව ය. කෙසේ වෙතත් වැඩ බලන සොලිසිටර් ජනරාල් දප්පුල දි ලිවේරා මහතා කියා සිටියේ, මහේන්ද්‍රන් මහතාට අග්‍රාමාත්‍යවරයා දුරකතනයෙන් අමතා එම තනතුර භාර ගන්නා ලෙස ඉල්ලීමක් කළ බව ය. 2015 …

ජනාධිපති උදහසින් ගෙදර යැවූ වයඹ පට්ට පරිසර දූෂිතයා සමන් සේනානායක, මහ ඇමති තමාගේ උපදේශකයා කර ගනී : හොරා කෑම නන්ස්ටොප්..!

(22.09.2017 – 13:15 +0530 – lankaenews.com) වසර 26 ක් තිස්සේ වයඹ පළාතේ මහා පරිසර විනාශයන්ට උඩ ගෙඩි දෙමින් විවිධ දේශපාලකයින්ගේ මන දොල සපුරා අවසානයේ යහපාලන ජනාධිපතිගේ උදහසට ලක්වීමෙන් පසු වසර 2 කට කලින් විශ්‍රාම ගිය කුප්‍රකට සමන් සේනානායක නමැති හිටපු වයඹ පරිසර අධ්‍යක්ෂකයා දැන් යලි වටයක් කරකැවී වයඹ මහ අැමතිගේ පරිසර උපදේශකයා ලෙස පත් වී …

මහාරාජා පචවෙයි..! අධිවේගී මාර්ග කොන්ත්‍රාත්තු ගැන නගන අභූත චෝදනා වලට ඇමැති කිරිඇල්ල පිළිතුරු දෙයි..!

(22.09.2017 – 06:50 +0530 – lankaenews.com) “පිටත වටරවුම් මාර්ගය (අදියර 3) කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා පසුගිය රජය රු.බිලියන 6.9 ක් වියදම් කලා. නමුත් අපේ රජය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගය 3 වන අදියරේ කි.මී.1 ක් සඳහා වියදම බිලියන 3.9 ක් පමණයි. කිලෝමීටරයක වියදම බිලියන 3 කින් අඩුවෙලා තිබියත් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කරන්න ඇතැමුන් උත්සාහ කරනවා.“ “පසුගිය …

බැදුම්කර මගඩි සල්ලි පෙරේදා පාර්ලිමේන්තුවේ විසිවේ ! සුලු පක්ෂ නායකයන් ඇතුළු සමහරුන්ට මිලියන 100-300 දක්වා ලංසු !

(22.09.2017 – 09:20 +0530 – lankacnews.com) පෙරේදා පාර්ලිමේන්තුවේ දී පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සදහා අවශ්‍ය වූ 2/3 බලය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ කෝටි ගණන් මුදල් හුවමාරැ වූ බව අන්තර්ජාල පුවත් අඩවි හා සමාජ ජාලාවල වාර්තා කර ඇත. පනත සම්මතයට අවශ්‍ය වූ 2/3 ඡන්ද ප්‍රමාණයේ අඩුවිම නිසා එදින පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම බොහෝ වේලාවක් ප‍්‍රමාද …

අවි ගබඩාව කඩා ගිනි අවි තොගයක් පැහැර ගනිති…

(22.09.2017 – 08:40 +0530 – lankacnews.com) වස්ගමුව ජාතික වනෝද්‍යානයට අයත් අවි ගබඩාව කඩා ගිනි අවි පහක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ඇතැයි විල්ගමුව පොලිසිය කියයි. ඊයේ (21) මධ්‍යම රාත‍්‍රියේ දී පමණ අවි ගබඩාව කඩා ටී 56 වර්ගයේ ගිනි අවි 01 ක්, රීපීටර් වර්ගයේ ගිනි අවි 2 ක් හා ශොට් ගන් 2 ක් සොරගෙන ඇතැයි පොලිසිය කියයි. …

නූගත් දේශපාලනඥයින්ට නිසි අවස්ථාවේදී ජනතාව පිළිතුරු ලබා දෙනු ඇති – පූජ්‍ය උලපනේ සුමංගල හිමි

(21.09.2017 – 19:51 +0530 – hirunews.lk/sinhala) භික්ෂූන් වහන්සේට අශීලාචාර ලෙස කතා කළ නූගත් දේශපාලනඥයින්ට නිසි අවස්ථාවේදී ජනතාව පිළිතුරු ලබා දෙනු ඇති බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ දූෂණ විරෝධී පෙරමුණ අද පස්වරුවේ කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි. ************************************** ටිපර් රථ අනතුරින් අයෙක් මරුට (21.09.2017 – 14:55 +0530 – lankadeepa.lk) මාලබේ …

ජනාධිපතිතුමනි මේ පිස්සා එළවන්න..! විරූපවාහිනී අධ්‍යක්ෂ ජෙනරාල් තන්ත්‍රි-මැලවෙ ‘පිස්සා’ කෙළිය ‘පිස්සු 18 ක්’ හෙළිකරමින් විශ්මලන්ත ජනපතිට ලිපියක්

(22.08.2017 – News e Lanka) විදෙස් පුවත් / විශ්මලන්තය : විජාතික විරූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් වන සිර-තු තන්ත්‍රි-මැලවෙ නමැත්තා තමාට ‘සර්‘ කොටස හයියෙන් කියා සුබ පැතුවේ නැති නම් සේවකයන්ගෙන් පලි ගන්නා ජාතියේ ‘පිස්සෙක්‘ බවත් මේ ‘උම්මත්තකයා‘ කර ඇති එවැනි ‘පිස්සු 18 ක්‘ හෙළිකරමින් ඔහුව ඉවත් කරන ලෙස ඉල්ලා විරූපවාහිනී සේවකයන් විසින් විශ්මලන්තයේ ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඇමැතිවරයාටත් යවන …

උමාඔයේ විනාශයෙන් කිරිඳි ඔය අඹදන්ඩේගමින් ගිලා බසියි

(20.09.2017 – lankatruth.com) විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය නිසා මේ වනවිට කිරිඳි ඔය, අඹදන්ඩේගම ප්‍රදේශයෙන් ගිලාබැසීමකට ලක්ව ඇති බව වාර්තාවේ. එම ප්‍රදේශයෙන් කිරිඳි ඔයේ විශාල කුහරයක් ඇතිවී ජලය සම්පූර්ණයෙන්ම ඒ තුළට ගිලාබහිමින් තිබේ. මෙම ප්‍රදේශය විශාල භූගත හුණුගල් තට්ටුවලින් පිරී ඇති බවත් විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය නිසා භූ ඝර්භයේ ඇති ජලය කාන්දු වීම නිසා භූ අභ්‍යන්තරයේ ගිලා බැසීම් …

කොටහේන අලුත් මාවත දින 3 ක් වැසෙයි

(21.09.2017 – 22:08 +0530 – sinhala.adaderana.lk) කොටහේන අලුත් මාවත මාර්ගයේ අලුතින් ජලනල එලීමේ ව්‍යාපෘති කටයුත්තක් මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ හේතුවෙන් හෙට (22) රාත‍්‍රී 9 සිට 25 වන දා උදෑසන 5 දක්වා කොටහේන අලුත් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමන බව පොලීසිය පවසයි. මෙම ජලනල එලීමේ ව්‍යපෘතිය හේතුවෙන් කොටහේන අලුත් මාර්ගය වසා තැබෙන බැවින් …

කේමදාස දියණියගෙන් මැසිවිල්ලක්

(20.09.2017 – lakbima.lk) ප්‍රේමසිරි කේමදාස කියන මහා සංගීතවේදියාගේ නම අමතක කරලා ලංකාවේ සංගීතය ගැන කතා බහ කරන්න බැරි තරම්. මොකද ඔහු තමන්ගේ අනන්‍යතාවය මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ සනිටුහන් කරලයි මෙලොවින් නික්ම ගියේ. ඉදිරි මාසයේ යෙදෙන කේමදාසයන්ගේ නව වැනි ගුණ සැමරුම නිමිත්තෙන් සුවිශේෂී කටයුත්තකට ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ප්‍රමුඛ කේමදාස පදනම මේ දිනවල සූදානම් වෙනවා. …