Day archives: සැප්තැම්බර් 26th, 2017

මැතිවරණ කොමිසමට කල හැකි කෙං ගෙඩියක් නෑ.. මහින්ද දේශප‍්‍රියට පිං පඩි ගෙවා නඩත්තු කරන්නේ ඇයි…

(26.09.2017 – 16:40 +0530 – lankacnews.com) මැතිවරණ කොමසාරිස් වහාම ගෙදර යා යුතු බව ජනතා මාධ්‍ය මධ්‍යස්ථානය සදහන් කරයි. මේ බව සදහන් කරමින් එම සංවිධානයේ කැදවුම්කරු කුල ශ‍්‍රී කාරියවසම් මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව ඔවුන් සැලසුම් කළ පරිදිම ශ්‍රේෂ්ඨාධිකරණය ද සමච්චලයට ලක් කරමින් පළාත් සභා ඡන්ද විමසීම …

රක්‍ෂිත ඉඩම් හඳුනා ගැනීමට ලේසි GPS පහසුකම් ඇති නව අන්තර්ජාල සිතියමක් එළි දැක්වේ

(26.09.2017 – 11:45 +0530 – lankaenews.com) ශ්‍රී ලංකා රජය සතු විවිධ කාර්යයන් සඳහා වෙන්කළ රක්‍ෂිත ඉඩම් පිළිබඳව තොරතුරු ඇතුළත් සිතියමක් සකස් කර ඇති අතර ආයෝජකයන් ඇතුළුව ඕනෑම අයෙකුට අන්තර්ජාලය හරහා එය භාවිතා කළ හැකිවන අයුරින් එය නිර්මාණය කර ඇත. ගරු අග්‍රාමාත්‍යතුමා යටතේ තිබෙන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ ඉල්ලීම පරිදි …

‘‘බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් 9 ක් අද මාරු කළා : සීඅයිඩියෙන් පරීක්ෂණ කරනවා : මං කාගෙවත් අනියම් පෙම්වතෙක් නොවේ..!’’ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි

(26.09.2017 – 14:00 +0530 – lankaenews.com) දූෂිත ජොස්තරී නිර්මලී තේනුවර පොල් කඩන තැන බන්ධනාගාර රෝහලේ දූෂිත ජොස්තරී නිර්මලී තේනුවර ඇතුළු වෛද්‍යවරුන් 9 දෙනෙකු වහාම මාරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අද (26) දහවල් අත්සන් තබන ලදැයි සෞඛ සේවා අධ්‍යක්ෂක ප්‍රියන්ත අතපත්තු මහතා ලංකා ඊ නිව්ස් අමතා ප්‍රකාශ කෙළේය. ‘‘පුදුමයි ඒත් ඇත්තයි..! සෞඛ්‍ය ඇමැති නියෝග කළත් බන්ධනාගාර …

ඝාතනයක සැකකරුවන් ආරක්ෂා කළ ජ්‍යෙ.නි.පොලිස්පති ලලිත් ජයසිංහට ඇප ලැබුනේ කෙසේද? – මැතිවරණ නිරීක්ෂන සංවිධාන සියල්ල ඒකාබද්ධව විරෝධය පළ කරයි

(26.09.2017 – 15:40 +0530 – lankaenews.com) පසුගිය ජනාධිපතිවරණයේ වාර්තා වූ එකම මිනිස් ඝාතනය වූ කහවත්ත ඝාතන සිද්ධියේ සැකකරුවන්ට රැකවරණ සපයන ලදැයි චෝදනාව විධිමත් විමර්ශනයකට ලක් කොට නඩු පවරනු…! පසුගිය ජනාධිපතිවරණ සමයේ වාර්තා වූ පළමු මිනිස් ඝාතනය සිදු වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ආසනයේය. එකී ඝාතනයට අදාළ නඩු විභාගය ඊයේ (25) දිනයේදී එනම් සැප්තැම්බර් මස 25 වැනිදා …

නිව්යෝර්ක් ගිය අපේ ජනපති සහ නිව්යෝර්ක් ගිය ප්‍රංශ ජනපති – විශ්වමිත්‍ර දේශබන්දු ලියයි

(26.09.2017 – 17:50 +0530 – lankaenews.com) ශ්‍රී ලංකාවේ නායකයන් කෙතරම් දුරට ලෝක නායකයන්ගෙන් ඉගනගන්නේ දැයි පෙනෙන්නට නැත. අපේ නායකයන් (බොහෝ විට සිය පවුල් ද සමග) විදේශ සංචාරවලට යති, එති. එක්සත් ජාතීන් ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධනවල සමුලුවලට යති, එති. ලෝක නායකයන් මුණ ගැසෙති. එහෙත් එම රටවලින්, එම නායකයන්ගෙන් උගත හැකි යමක් තිබේ දැයි නොසිතති. එසේ …

මෛත්‍රී ජනපතිගේ ‘බබා හුකුං‘ කාලය ඉවරයි..! මහාරාජාගේ සහ බෑණාගේ යුද නැව් ගැහිල්ලට විරුද්ධ වූ ට්‍රැවිස් සින්නයියා මාසයකින් ගෙදර යවයි..!!

(26.09.2017 – 08:45 +0530 – lankaenews.com) අද්මිරාල්ලා 3 ක් යුද නැව එපා කියලා ; ගණන් අරන් නෑ කිලී මහාරාජා සහ ජනාධිපති බෑණා ඇතුළු කල්ලියකට රුපියල් කෝටි දහස් ගණනක් ගසා කෑම සඳහා සැලසුම් කරන ලද වසර 10 ක් පරණ යුද නැවක් මිලට ගැනීමේ අති දැවැන්ත දූෂණයට නව නාවික හමුදාපතිවරයාගේ අනුමැතිය පළ නොවීම හේතුවෙන් නව නාවික හමුදාපතිවරයා …

පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට JVP දුන් සහය ගැන ඒකාබද්ධයේ මතය

විගණන පනත 20 වතාවක් සංශෝධනය කර ඇති බව ජවිපෙ කියයි (26.09.2017 – 08:07 +0530 – hirunews.lk/sinhala) ජාතික විගණන පනත් කෙටුම්පත මේ වන විට 20 වතාවකට වඩා සංශෝධනය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ++++++++++++++++++++++++++++++ පළාත් සභා සංශෝධන …

අපරාධකාරයෙක් හරියට වැරදිකරුවා කරන්න අවුරුදු 17 ක් ගතවෙන බව මාන්නප්පෙරුම වාර්තාවෙන්‘ හෙළි වේ..!

(26.09.2017 – 06:45 +0530 – lankaenews.com) හොරු ඇල්ලීම ප්‍රමාද යැයි ජනතාව දැඩි කනස්සල්ලෙන් සිටියදී ලංකාවේ බරපතල අපරාධයක් සිදු කිරීමෙන් පසු ඊට අදාල අපරාධකරුවන්ට දඬුවම් ලබා දී අවසන් යුක්තිය පසිඳලීම සඳහා සාමාන්‍යයෙන් වසර 17 ක් තරම් විශාල කාලයක් ගත වන බව හෙළි වී තිබේ. මේ හෙළිදරව්ව සිදුකරන්නේ නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය පිලිබඳ පාර්ලිමේන්තු කාරක …