Day archives: නොවැම්බර් 5th, 2017

‘‘ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන UN එකට ලැබුණු සංඛ්‍යා ලේඛන වැරදියි’’ ලෝඩ් නේස්බි කියයි

(05.11.2017 – 12:47 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් වී ඇති සංඛ්‍යා ලේඛන නිවැරදි නොවන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ලෝඩ් නේස්බි මහතා පවසයි. දරුස්මාන් වාර්තාව පදනම් කර ගනිමින් එල්ල කරන ලද චෝදනා අසත්‍ය ඒවා බවත්, දරුස්මාන් වාර්තාව තුළ යුද සමයේ අවසන් සතියේ සිවිල් වැසියන් 40,000 ක් පමණ …

හවුල් කතා අහවරයි.. මහින්ද අනුරපුර පින් බිමෙන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ..

(05.11.2017 – 10:40 +0530 – lankacnews.com) එළැඹෙන පළාත් පාලන මැතිවණය සදහා සිය ප‍්‍රචාරක වැඩසටහන අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ සියළු පක්‍ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 12 වැනිදා අනුරාධපුර සල්ගාදු පිටියේදී සමාරම්භක ජන රැුළිය පැවැත්වෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැුළියට ඒකාබද්ද …

මරණයෙන් පසු අන්තරා භාවයක් තියෙනවා ! – පූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥාණවිමල නාහිමි

(05.11.2017 – mawbima.lk) කෙනකුගේ මරණයේදී පහළ වන චුති චිත්තයත් සමඟම ඊළඟ ප්‍රතිසන්ධිය හටගන්නේය යන න්‍යායයෙහි පිහිටි ථෙරවාදීහු පෙර භවයත් අලුත් භවයත් අතර, අතුරු භවයක් හෙවත් අන්තරා භවයක් ඇතැයි පිළිගන්නේම නැත. එසේම ඒ මතයෙහි දැඩිව සිටින අය පුනර්ජන්ම සිද්ධීන් ගවේෂණය කිරීමේදී පෙර භවයත් අලුත් භවයත් අතර යම් කාල පරාසයක හිස් බවක් ඇත්තේ ඇයි දැයි යන ප්‍රශ්නයට …

‘‘සත්‍ය ජයගන්න නිසා බියක් තිබුණේ නෑ පරීක්ෂණවලට උපරිමයෙන් දායක වුණා’’ – විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ

(05.11.2017 – mawbima.lk) දිනය – 2017-10-23 ස්ථානය – හෝකන්දර දකුණ, විමල් වීරවංශ මහතාගේ නිවෙස හෙළිදරව්ව – විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය “ගිය අවුරුද්දේ ඔක්තෝබර් 25 වැනිදා රෑ හෝ 26 වැනිදාට එළිවෙන්නට තමයි ඔය සිදුවීම වෙලා තියෙන්නේ. මේ දරුවා මගේ පුතාගේ හොඳ යාළුවෙක් කියලා තමයි හැම මාධ්‍යයකින්ම ප්‍රචාරය වුණේ. හැබැයි මේ දේ කීමට අවශ්‍යමයි. …

පලාලි යුද හමුදා කඳවුර වටලා විරෝධතා.. අධිආරක්‍ෂිතයේ ඉඩම් ඉල්ලති..

(05.11.2017 – 16:40 +0530 – lankacnews.com) යුද සමයේදී පලාලි අධිආරක්ෂිත කලාපයට ගත් සාමාන්‍ය වැසියන්ගේ මුල් ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා අද (05) දහවල් පලාලි යුද හමුදා කඳවුර ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවත්වූහ. පලාලි දකුණ ප්‍රදේශයේ ගොවි සංවිධාන කිහිපයක් විසින් අදාල උද්ඝෝෂණය සංවිධානය කොට තිබූ අතර පලාලි අධිකආරක්ෂිත කලාප වලට ගෙන ඇති සෙසු ඉඩම්ද සියල්ලක්ම නිදහස් කරන මෙන් …

රජය දුන් සයිටම් විසදුමට සයිටම් සිසුන් එකගයි..

(05.11.2017 – 17:30 +0530 – lankacnews.com) සයිටම් ආයතනයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපියක් පහත දැක්වෙයි : අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. අතිගරු ජනාධිපතිතුමනි, අපි සයිටම් වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් වෙමු. වසර කිහියක සිට විවිද බාධක කම්කටොලු මධ්‍යයේ වුවද අප අපගේ අධ්‍යාපන කටයුතු ඉතා …

ලොකු ගේමකට සැරසුණු අතුරුගිරියේ පාතාල කල්ලියක් කොටු

(05.11.2017 – nethnews.lk) අතුරුගිරිය ප‍්‍රදේශය භීතියට පත් කරමින් වෙළඳසල් කොල්ලකෑම්, පහරදීම් ආදී අපරාධ රැසකට සම්බන්ධ බව කියන අතුරුගිරියේ මන්නා පිහි කල්ලියේ තරුණයින් පස් දෙනෙකු අපරාධ සඳහා යොදා ගත් තියුණු ආයුධ සහ ගිනි අවි සමගින් අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසිය සමත් වී තිබෙනවා. අතුරුගිරියේ ලඩියා නමැති පාතාල නායකයා විදේශ රටක සිට මෙහෙයවනු ලබන බව කියන මෙම මන්නා …

අයියා එල්ලී මළා දැන් මල්ලීටත් අලකලංචියක්‌ – දසුන්ගේ ගෙදරට තවත් අකරතැබ්බයක්‌

(05.11.2017 – divaina.com) ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන් ද සිල්වා සියදිවි නසාගෙන මාසයකුත් ඉක්‌ම ගොසින්ය. දැන් දසුන්ගේ එම අවාසනාවන්ත මරණය බොහෝ අයට අමතක වී ගොසින්ය. එහෙත් ඔහුගේ ආදරණීය මෑණියන්ගේ සහ සොහොයුරාගේ සිත් තුළ දසුන් තවමත් ජීවත් වෙති. තවමත් ඔවුහු දසුන් වෙනුවෙන් හඬා වැළපෙති. දසුන්ගේ මරණින් පසු එම පවුලේ උදවියට තවත් නොසිතූ කරදරයකට මුහුණ පෑමට සිදුවිය. …

මධුසමය ගතකරපු කුලියාපිටිය රජාණා හෝටලයේ දොරවල්වල සිදුරු රැසක්

(04.11.2017 – nethnews.lk) පෙරේදා (02) දිනයේ විවාහ පත් යුවළක් මධුසමය ගත කිරීම සඳහා කුලියාපිටිය රජාණා හෝටලයට පැමිණ තිබෙනවා. ඊයේ උදෑසන මෙම යුවළ නවාතැන්ගෙන සිටි කාමරයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී අහම්බෙන් දොරේ තිබූ අඟල් භාගයක පමණ සිදුරක් දැක තිබෙනවා. මෙම සිදුර යුවළ නවාතැන්ගෙන සිටි කාමරයේ, යහනට මුහුණලයි පිහිටා ඇත්තේ. දහවල් වනවිට ඔවුන්ව රැගෙන යාමට පැමිණි නෑදෑ හිතවතුන් …

කිරිඇල්ල සිසුවාගේ අභිරහස් මරණය ඝාතනයක්

(04.11.2017 – nethnews.lk) රත්නපුර – කිරිඇල්ල – කරදන ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි සිසුවාගේ මරණය ඝාතනයක් බව අනාවරණ වී තිබෙනවා. මෙම සිසුවා අභිරහස් ලෙස මියගොස් සිටියදී ගල් තලාවකින් සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු විසින් සිදුකරන ලද පාපොච්චාරණයෙන් පසු එය ඝාතනයක් බවට හෙළිවී තිබෙනවා. පාසලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම …