Day archives: නොවැම්බර් 7th, 2017

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් නෑ – ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය

(07.11.2017 – 19:30 +0530 – sinhala.adaderana.lk) නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ප්‍රමුඛ අවශ්‍යතාවක් නැතැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පවසයි. කොළඹ පිහිටි එහි මූලස්ථානයේදි අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංඝරතනය මේ බව කියා සිටියේය. විධායක ජනාධිපතිධූරයේ අසීමිත බලතල සීමා කළ යුතු බව ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරි මහාචාර්ය අත්තන්ගනේ රතනපාල හිමියන් පැවසීය. …

හඬකවන ලද විදෙස් ටෙලිනාට්‍ය මිල ඉහළට

(07.11.2017 – 17:26 +0530 – sinhala.adaderana.lk) හඬකවන ලද විදේශ ටෙලිනාට්‍ය සඳහා අයකරනු ලබන ගාස්තුව රු. 90,000 සිට රු. 150,000 දක්වා වැඩි කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවට පිටරටින් ආනයනය කර හඬ කවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර …

බණ කියවමින්, භාවනා කරවමින්, සිංහල බෞද්ධයින්ටම දස වධ දෙන යහපාලන පොලිසිය..! මහත්වරුණි ලැජ්ජා නැතිද?

(07.11.2017 – 13:40 +0530 – lankaenews.com) පාලකයෝ කට ඇරිය ගමන් ලෝකයාට කියන්නේ යහපාලන ආණ්ඩුව මානව හිමිකම් රකින බවයි. නමුත් ආණ්ඩුවේ පොලිස්පතියා, බණ කියවමින්, භාවනා කරවමින් මිනිසුන්ට දස වධ දෙයි. පුෂ්ප කුමාර දකුණේ, සිංහල බෞද්ධයෙකි. දරු තිදෙනෙකුගේ පියෙකි. පසුගිය 27 දින පොලූ වලින්, පහර දී අත්අඩංගුවට ගෙන, මීටියාගොඩ පොලිසියට ගෙනගොස්, 29 දින දක්වා රඳවාගෙන වධ දී, …

නිශාන්ත රණතුංග සභාපති ධූරය දැරූ මිහින් ලංකා සහ ශිරන්තිගේ සොයුරා සභාපති ධූරය දැරූ ශ්‍රී ලන්කන් ගැන සොයන්න කොමිසමක්..!

(07.11.2017 – 12:20 +0530 – lankaenews.com) ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සේවාවන් දිගින් දිගටම පාඩු ලබමින් පවත්වාගෙන ඒම පිලිබඳව සොයා බැලීමට කොමිසමක් පත් කිරීමට රජය කටයුතු කරන බව පසුගියදා හෙළිදරව් විය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මේ බව සනාථ කර …

මහාරාජාගේ නාළිකාවේ දී රනිල්ට මඩ ගහන්නට ආ බන්ධුල ජයසේකර ඩිව් හා රෝහණ ලක්ෂ්මන් ගෙන් සල්ලං වෙයි

(07.11.2017 – 16:05 +0530 – lankaenews.com) රට පුරා මේ දිනවල උද්ගතව පවතින පෙට්‍රල් හිඟය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මඩ ප්‍රහාර එල්ල කිරීමට මහරාජාගේ මාධ්‍ය ආයතනය ඊයේ (06) දින සිටම විවිධ උත්සාහ දරණ බව පෙණින. ඊයේ (06) පස්වරුවේ ප්‍රධාන පුවත් විකාශයේ දී ඉන්ධන හිගයට හේතුව අගමැතිවරයාගේ අදුරදර්ශි ක්‍රියාකලාපය බව පෙන්වා දෙමින් ඔහු මේ ගැටළුව පසුපස …

දූෂිත රණතුංගලා TOTAL සමාගමෙන් කප්පම් ඉල්ලලා : නොදුන් නිසා ව්‍යාජ තත්ත්ව සහතික දී තෙල් නැව ප්‍රතික්ෂේප කරලා : කෘතිම තෙල් හිඟයට තවත් හේතු හෙලිවේ

(07.11.2017 – 14:50 +0530 – lankaenews.com) අවශ්‍ය තරම් පෙට්‍රල් සංචිත තිබෙනවා යයි කීවද දින 4 ක් ගත වීද විසඳුමක් නැති පෙට්‍රල් හිඟයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු වන්නේ රණතුංග සොයුරන් බවත් ඔවුන් සිතා මතා මේ අර්බුදය ඇති කරන ලද්දක් බවත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. ඉන්දියානු තෙල් සමාගම ආනයනය කළ නැවේ තෙල් අයත් …

බාල තෙල් ගන්න දේශපාලන බලපෑම් – ඇමැති අර්ජුන

(06.11.2017 – 17:56 +0530 – lankadeepa.lk) ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි. ඕ.සී) මගින් ගෙන්වා ප‍්‍රමිතියෙන් තොරවීම නිසා ප‍්‍රතික්‍ෂේප කළ තෙල් නැව ගොඩබෑමට අවසර දෙන ලෙසට දේශපාලනඥයින්ගෙන් මෙන්ම ව්‍යාපාරිකයින්ගෙන් ද බලපෑම් එල්ල වන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එම නැවෙහි ඇති තෙල් වෙළඳපළට නිකුත් කළේ නම් දැනට ඇති වී තිබෙන අර්බුදයට …

අතුරුගිරිය ඔරුවල රෝහල ඉදිරිපිට පදික මාරුවෙන් මාරුවීමට ගිය කාන්තාවක් යටකර ගිය ටිපර් රථය මෙන්න (විඩියෝ)

(06.11.2017 – nethnews.lk) අතුරුගිරිය ඔරුවල රෝහල ඉදිරිපිට පදික මාරුවෙන් මාරුවීමට ගිය 65 හැවිරිදි කාන්තාවක් අතුරුගිරිය සිට කඩුවෙල දෙසට ධාවනය වූ ගල් පැටවූ ටිපර් රථයක ගැටීමෙන් අද (06) දහවල් අනතුරක් සිදු වුණා. බරපතල තුවාල ලැබූ කාන්තාව ඔරුවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ අතුරුගිරිය …

මඩාටුගම දැරියට ජාතික පාසලක් සමඟ නිවසක්

(06.11.2017 – 16:05 +0530 – lankadeepa.lk) නිරාහාරව පාසල් පැමිණ සිටියදී වමනය කිරීම නිසා, ගැබ් ගෙන ඇතැයි පවසමින් පාසලෙන් ඉවත් කරන ලද කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ සිසුවිය අද (6) සිට අනුරාධපුර නගරයේ ජාතික පාසලක් වන අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථාව ලැබී තිබේ. කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ නිවෙසේ …