Day archives: නොවැම්බර් 11th, 2017

පුංචි ඡන්දයේ නාමයෝජනා කැදවන්න ඡන්ද කොමිසම සූදානම්

(11.11.2017 – 19:28 +0530 – hirunews.lk/sinhala) පළාත් පාලන ආයතනවලට අදාළ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් වීමත් සමග මැතිවරණය සදහා නාමයෝජනා කැදවීමේ කටයුතුවලට අදාළ මූලික වැඩපිළිවෙල ආරම්භ කිරීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පිටු 220 කින් සමන්විත වන අදාළ ගැසට් නිවේදනයේ නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නෝර්වුඩ් සහ මස්කෙළිය යනුවෙන් ප්‍රාදේශීය සභා 2 ක් …

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ගෙන් යෝජනාවක්

(11.11.2017 – 19:48 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට තැත් කළහොත් ලක්ෂ ගණනකින් ජනතාව මහ මඟට බැස එය ව්‍යර්ථ කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළකළේ මාතර පාලටුව ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති හමුවකදී. ***************************************** මැදමුලන බද්ද වෙනුවට ඒකාබද්ධයෙන් බැඳුම්කර බද්දක් (11.11.2017 – 19:35 +0530 – hirunews.lk/sinhala) රටේ …

හිරු සී.අයි.ඒ : සැමියන්ගෙන් වෙන්ව ජීවත්වන කාන්තාවන් යොදාගෙන කළ ජාවාරම

(11.11.2017 – 20:02 +0530 – hirunews.lk/sinhala) තරුණ කාන්තාවන් බලහත්කාරයෙන් මහනුවර ප්‍රදේශයේ නිවසක රඳවාගෙන ගණිකා ව්‍යාපාරයේ යෙදවූ ජාවාරමක් හිරු සී.අයි.ඒ ලබාදුන් තොරතුරකට අනුව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය වටලනු ලැබුවා. අද සී.අයි.ඒ අනාවරණය එම වැටලීම පිළිබඳවයි. මෙරට සූක්ෂමව සිදුකරන දූෂණ වංචා හඹායන හිරු සී.අයි.ඒ 2016 වසරේ ජනවාරි 9 වැනිදා මහනුවර ෆිම්රෝස් උද්‍යාන පෙදෙසේ තෙමහල් නිවසක තරුණියන් …

අයවැයෙන් බදු සහන දුන්නත් ‘නිසාන් සමාගම’ ලීෆ් රථය ලංකාවට දෙන්නේ නෑ !

(11.11.2017 – nethnews.lk) ලොව ජනප්‍රියම විද්‍යුත් රථය ලෙස සැළකෙන ‘ලීෆ් රථය’ නිසාන් සමාගම විසින් ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පෙන්වා දෙන්නේ විද්‍යුත් වාහන නඩත්තුව සඳහා ශ්‍රී ලංකාවේ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා නිසාන් සමාගම මෙලෙස කටයුතු කරන බවයි. ඉලෙක්ට්‍රික් වාහන සඳහා ලබාදී තිබෙන බදු සහන …

දූෂිතයින් ආරක්ෂා කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කලකිරීමෙන්

(10.11.2017 – lankatruth.com) වත්මන් යහපාලන ආණ්ඩුව, පසුගිය රාජපක්ෂ පාලන සමයේ වංචා හා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගෙන දඬුවම් කරන බව පවසා ජනවරමක් ලබාගත්තද මේ මොහොතවන විට එම ජනවරමට පිටුපාමින් දූෂිතයින් ආරක්ෂා කිරීමේ ක්‍රියාපිළිවෙතක නිරතවෙමින් සිදුකරණු ලබන බලපෑම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීහු දැඩි කලකිරීමකට පත්ව සිටිති. විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් සිදුකරන බව පවසමින් හිටපු අමාත්‍ය …

මේක රට සම්පූර්ණයෙන් විකුණන්න පාර කපන අයවැයක්… – ජනතා විමුක්ති පෙරමුණ

(10.11.2017 – lankatruth.com) වර්තමාන ආණ්ඩුවේ සිව්වෙනි අයවැය මෙන්ම මංගල සමරවීර ඇමතිවරයාගේ මංගල අයවැය රට සම්පූර්ණයෙන් විකිණීමට පාර කපන අයවැයක් බවත් 1977 න් පස්සේ මේ රටේ ඇතිවුණු කොල්ලකාරී ආර්ථික ක‍්‍රමය තවදුරටත් වේගවත්ව ඉදිරියට ගෙනයෑම මේ අයවැයේ මූලික හරය බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව පැවසූවේ අද (10) …

උතුරේ කොටි මහ විරු සැමරුම මහ ඉහලින් සූදානම්…

(11.11.2017 – 06:29 +0530 – lankacnews.com) යුද සමයේදී මිය ගිය මහවිරුවන් නොවැම්බර් 27 වනදා උතුරු පලාතේ ස්ථාන කිහිපයකම සැමරීමට පියවර ගෙන ඇති අතර ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ පැවත්වීමට දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් හා ස්වේච්චා සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කොට ඇත. උතුරු පලාතේ මහවිරු ප්‍රධාන සැමරුම කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ පිහිටි අක්කර පහක පමන …

විභාග රහස් ලොක්කා ගෙදර යවයි

(10.11.2017 – 16:35 +0530 – sinhala.adaderana.lk) විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ රාජකාරී වැඩ අද සිට තහනම් කර තිබේ. ඔහුට විරුද්ධව විෂමාචාර චෝදනා එල්ල වීම හේතුවෙන් මෙලෙස ඉවත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ …

ධර්ම ප්‍රචාරයට යන මුවාවෙන් කාන්තාවක් රට පටවන ජාවාරමක් හෙළි වුණු හැටි

(10.11.2017 – nethnews.lk) ධර්ම ප්‍රචාරය සඳහා ඩුබායි රටට යන බව පවසමින් කලක සිට නීතිවිරෝධී අයුරින් කාන්තාවන් විදෙස් ගත කිරීමට උත්සහ කළ චීවරධාරියෙකු ඇතුළු තවත් දෙදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දින (09) කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සැකකටයුතු ලෙස හැසිරුණු කතුන් දස දෙනෙකුගෙන් ප්‍රශ්න කරනු ලැබුවා. එහිදී …

‘‘පැණි බීම බොනවාට වඩා බියර් බීම ගුණයි…’’ යමපාලන ප්‍රතිපත්තිය මුදල් ඇමතියා පැහැදිලි කරයි…

‘‘පැණි බීම බොනවාට වඩා බියර් බීම ගුණයි…’’ යහපාලන ප්‍රතිපත්තිය මුදල් අමාත්‍යවරයා පැහැදිලි කරයි… (11.11.2017 – 00:08 +0530 – lankacnews.com) ආණ්ඩුවේ අයවැයෙන් සියලුම පැණි බීම සඳහා නව බද්දක් හදුන්වා දුන්නේ ය. ඒ අනුව සියලුම සිසිල් බීම වර්ගවල මිල ලීටරයක් රුපියල් 50 කින් පමණ වැඩිවීමට නියමිතය. එනම් සමාන්‍ය කොකා කෝල හෝ අලියා බීම බෝතලයක් රුපියල් 15 සිට …