Day archives: නොවැම්බර් 14th, 2017

ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනා රිමාන්ඩ්

(14.11.2017 – dinamina.lk) ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටියේ ග්‍රෑන්ඩ් හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය යටතේ 2012 වසරේදි වෙන්කෙරුණු රුපියල් බිලියන 18.5 ක මුදලින් රුපියල් බිලියන 4ක් නිතිවිරෝධී ලෙස හම්බන්තොට හයට් රීජන්සි හෝටල් ව්‍යාපෘතියට යොදවා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර ඇති හිටපු ජනපති …

එජාප මන්ත්‍රිගේ පෙට්‍රල් බවුසරයට භූමිතෙල් කළවම් කළ ජාවාරම හෙළි වෙයි

(13.11.2017 – nethnews.lk) ඉන්ධන පිරවුම්හල් වෙත ගෙනයන පෙට්‍රල්වලට බවුසරය තුළදීම භූමිතෙල් කලවම් කරන ජාවාරමක් හෙළි වී තිබෙනවා. දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් අද (13) දහවල් මෙම වැටලීම සිදු කළා. ගලේවෙල මකුලුගස් වැව ප්‍රදේශයේ පිහිටි අතහැර දමා ඇති කළුගල් මෝලක බවුසර් රථය සගවා මෙම ජාවාරම සිදු කරමින් ගොස් තිබෙනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ …

බීර මිල අඩු කිරීමෙන් මත්පැන් පානයට යොමුවීම වැඩිවනවා – ජාතික සංඝ සම්මේලනය

(13.11.2017 – 21:16 +0530 – hirunews.lk/sinhala) මෙවර අයවැයෙන් බීර මිල අඩු කිරීමට ගත් යෝජනාව හරහා මෙරට තරුණ පරපුර මත්පැන් පානයට යොමුවීමේ ප්‍රවනතාව වැඩිවිය හැකි බව පුජ්‍ය පාහිංයගල ආනන්ද සාගර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ ජාතික සංඝ සම්මේලනය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදියි. පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි මංගල සමරවීර අමාත්‍යවරයා ගෙනල්ලා තියෙන අය …

‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නීතියෙන් බල ශූන්‍යයි’ – විජයදාස ගෙන් තර්කයක්

(13.11.2017 – nethnews.lk) නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පිහිටුවා ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නීතියෙන් බල ශූන්‍ය බව ප‍්‍රකාශ කරන්නැයි එහි සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නිතිඥ විජයදාස රාජපක්ෂ මහතා කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටිනවා. කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව, ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව විසින්ම ක‍්‍රියාකත්මක කළ යුතු …

ඇඩ‍්‍රස් නැතිවෙලා හිටපු ඇපල්වත්තේ මිනිස්සුන්ට අලුත් ඇඩ‍්‍රස් එකක් හම්බුණා

(13.11.2017 – 18:56 +0530 – sinhala.adaderana.lk) ඇඩ‍්‍රස් නැතිවෙලා හිටපු ඇපල්වත්තේ ජනතාවට උගත් වැදගත් අනාගතයක් සඳහා නව ඇඩ‍්‍රස් එකක් ලැබුණු බවත්, එම ඇඩ‍්‍රස් එක පාවිච්චි කර දරුවන්ව විශ්වය ජයගැනීමට හැකි ඉහළම තැනකට ඔසවා තබන ලෙස ඉල්ලා සිටින බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික …

ඒකාබද්දයට එරෙහි අලුත් අවලාදකාරයන් ටිකක් මහින්ද පිලෙන්ම කුලියට ගනී… – විමල් වීරවංශ මහතා

(13.11.2017 – 23:05 +0530 – lankacnews.com) පළාත් පාලන ඡන්දයත් සමඟ ආණ්ඩුවේ මහින්දවාදීන්ට එරෙහි පරණ අවලාදවලට පණ එමින් ඇති බවත් ඒ අතර අලුත් අවලාදකාරයන් ටිකක් මහින්ද පිලෙන්ම දැන් කුලියට හොයා ගෙන ඇති බවත් පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඒ ජවනිකා බලමින් ඡන්දය දිනයේ දී ආණ්ඩුවට නිසි පිළිතුරක් ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා …