Day archives: නොවැම්බර් 15th, 2017

ප්‍රවීන ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතාට අසාධ්‍යයි

(15.11.2017 – webgossip.lk) හෙළයේ මහා සංගීතඥ සුනිල් සාන්තයන්ගේ ප්‍රධානම ගෝලයෙකු වූ අයිවෝ ඩෙනිස් මහතා ස්නායු ආබාධයක් සඳහා සැත්කමකට ලක්වීමෙන් අනතුරුව මේ වන විට කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහුගේ පුතු පවසා තිබෙනවා. සුනිල් සාන්තයන්ගේ මග යමින් එතුමාගේ හඬ නැවත ජීවමාන කළ අයිවෝ ඩෙනිස් දැනට ජීවතුන් අතර සිටින එදා …

ඉන්ෆ්ලූවෙන්සා වෛරසය සීඝ්‍රයේ පැතිරී යාමේ අවදානමක්

(15.11.2017 – 13:27 +0530 – hirunews.lk/sinhala) ඉන්ෆ්ලූවෙන්සා රෝගී තත්ත්වය මේ දිනවල පැතිර යන බැවින් ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා. සෑම වසරකම නොවැම්බර්,දෙසැම්බර් සහ ජනවාරි මාස වල ඉන්ෆ්ලූවෙන්සා රෝගයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. මේ දිනවල පැතිිර …

උතුරු දුම්රිය මාර්ගයේ ගමන් සීමාව හෙට (16.11.2017) වනතුරු

(15.11.2017 – 13:46 +0530 – hirunews.lk/sinhala) උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (15) දිනයේ යථා තත්වයට පත්කිරීමට නොහැකි බව දුම්රිය මෙහෙයුම් සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පවසනවා. මේ වනවිට එහි දුම්රිය ධාවනය අනුරාධපුරය දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා. මාතර සිට වව්නියාව දක්වා ධාවනය වූ රජරට රැජිණ සීග්‍රගාමී දුම්රිය මැදවච්චිය සහ පරසන්ගස්වැව අතර දී ඊයේ …

පාරේ ගුටි ඇනගත් මුස්ලිම් සිසුන් 5 ක් අත්අඩංගුවට – අද අධිකරණයට ඉදිරිපත් කරයි

(14.11.2017 – 09:40 +0530 – sinhala.adaderana.lk) හෙම්මාතගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් අතර ඊයේ (13) පස්වරුවේ ඇති වූ ගැටුමට සම්බන්ධ සිසුන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ගැටලුවක් දුර දිග ගොස් ඇති වූ මෙම ගැටුමෙන් මේ වන විට සිසුන් තිදෙනෙකු හෙම්මාතගම මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. සැකකාර සිසුන් 5 දෙනාගේ සාක්සි සටහන් …

බ්‍රිතාන්‍යය ප්‍රබල ලාංකික කත ෂෙරී ඇචේසන් උපත දුන් මව හමු වූ සංවේදී මොහොත

(15.11.2017 – newsfirst.lk/sinhala) උපතින් ශ්‍රී ලාංකිකයෙකු වන ෂෙරී ඇචේසන් බ්‍රිතාන්‍යයේ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රබලතම කාන්තාවන් 35 දෙනා අතුරින් අයෙකි. පසුගියදා ඇය මෙරටට පැමිණෙන්නේ තමාට උපත දුන් මව සොයා ගෙනයි. මේ අතර ඇචේසන් අද පෙරවරුවේ අප ප්‍රවෘත්ති අංශයට පැමිණියා ය. එහෙත් ඇයට උපත දුන් මව ඇය වෙනුවෙන් ම මෙහි රැඳී සිටින බව ඇය දැන නොසිටියා ය. ෂෙරී …

යාපනයේ කඩු කිනිසි ගත් බිහිසුනු කල්ලියක් යලි ක්‍රියාත්මකයි.. ඊයේ රාත්‍රියේ 8 දෙනෙකු කපලා.. පෙරේදා 4 ක් කපලා…

(15.11.2017 – 12:00 +0530 – lankacnews.com) යාපනය දිස්ත්‍රීක්කයේ කඩු කිනිසි ගත් තවත් බිහිසුනු කල්ලියක් විසින් ඊයේ (14) රාත්‍රියේ ස්ථාන 4 කදී පුද්ගලයින් 8 දෙනෙකු කපා පලා යාම හේතුවෙන් යාපනය ජනතාව තුල නැවතත් බියක් හට ගෙන ඇත. මෙසේ ආයුධ ගත් පිරිස් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවටත් ආයුධ ගත් පිරිස් වලට මේ වන විට දේශපාලන ශක්තියක්ද …

“අපේ සැකය හරි – ඇමති අනුකමිටුව IOC නිදහස් කරලා” – ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමය

(15.11.2017 – lankatruth.com) ඉන්ධන නැව පමා විමෙන් රට තුළ ඇති වූ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සෙවීම සඳහා පත් කළ ඇමති අනුකමිටුවේ වාර්තාව මගින් ඉන්දියන් ඔයිල් සමාගම නිදොස් කොට ඛනිජ තෙල් සංස්ථාව වෙත වැරැද්ද පැටවීමේ කුමන්ත්‍රණයක් දියත්වන බව ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී.ජේ. රාජකරුණා මහතා ඊයේ (14) අනාවරණය කළ අතර එම ඇමති අනුකාරක සභාවේ සභාපති …

ඒකීය ශ්‍රී ලංකාවක්‌ උදෙසා ජයගත යුතු අභියෝග – ශාස්‌ත්‍රපති රඹුක්‌වැල්ලේ දේවානන්ද හිමි

(15.11.2017 – divaina.com) ශ්‍රී ලංකාවට නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය යෑයි ද එය පසුගිය මැතිවරණවලදී දුන් ජනතා පොරොන්දුවක්‌ යෑයි ද, එය ප්‍රධාන පක්‍ෂ දෙක විසින්ම ඉටුකරන බවට දේශපාලන වේදිකාවලදී මොර දුන් බව ද 62 ලක්‍ෂයක්‌ ජනතාව ඡන්දය දුන්නේ එය ඉටුකිරීමට බව ද පවසමින් දැන් එම ව්‍යවස්‌ථාව ගෙන ඒම සඳහා කෙටුම්පත් සකසා එය පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කොට සාකච්ඡාවට …

29,000 ක්‌ දිවි පිදුවේ බන්දේසියේ තබා පෙඩරල් දීමටද ? – කීර්ති වර්ණකුලසූරිය විසින්

(15.11.2017 – divaina.com) වන්නි මෙහෙයුමේදී අපේ සෙබළු 29,000 ක්‌ දිවි පිදූහ. එහෙත් අද ඔවුන් අමතකය. එදා කොටි රූකඩය ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සන්ධානය කිසිදු අවි ගැටුමකින් තොරව උතුරේ හමුදා කඳවුරු රජය ලවා ඉවත් කරන බව හෙළිවී ඇත. මෙයට වසර ගණනකට පෙර ජනාධිපති ආර්. ප්‍රේමදාස ලවා ඒ 9 මාර්ගයේ තිබූ හමුදා කඳවුරු රැසක්‌ ඉවත් කරගැනීමට කොටි …

දුමින්ද කුලියට ගත් ගොඩනැඟිල්ලට ජවිපෙ ‘අත තියයි’

(15.11.2017 – divaina.com) කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරේරා මහත්මියගේ ගොඩනැඟිල්ලට ගෙවන මාස දෙකක කුලිය රටේ විශාලතම බෞද්ධ පුස්‌තකාලයක්‌ සෑදීමට මෙවර අයවැයෙන් වෙන්කළ මුදලට සමාන බව ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්‌ස මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කුලී ගෙව්වද මෙතෙක්‌ කාර්යාල කටයුතු පවත්වාගෙන නොයන රාජගිරියේ පිහිටි මෙම ගොඩනැඟිල්ලට දවස්‌ දොළහකට ගෙවන කුලිය කලාකරුවන්ට රක්‌ෂණ ආවරණයක්‌ …