Day archives: නොවැම්බර් 20th, 2017

ඡන්ද ආධාර විදිහට අර්ජුන් ඇලෝසියස් මට සල්ලි දුන්නා – ෆොන්සේකාගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

(20.11.2017 – 19:19 +0530 – sinhala.adaderana.lk) මැතිවරණ ආධාර වශයෙන් අර්ජුන් ඇලෝසියස් මහතා විසින් තමාට මුදල් ලබාදුන් බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැළණිය, දළුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මේ අතර කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන ඇමතුම් විස්තර රහසිගතව සටහන් කෙරුණේ කවරෙකුගේ උපදෙස් මත ද යන්න පිළිබඳ අනාවරණය කළ යුතු බව …

විනිවිදභාවයට දුන් උපදෙස් මත අර්ජුන් මහේන්ද්‍රන්, ක්‍රියා කරනු ඇතැයි, විශ්වාස කළ බව, අගමැති බැඳුම්කර කොමිසමේදී කියයි

(20.11.2017 – 20:00 +0530 – hirunews.lk/sinhala) ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සිදුවන කාලවකවානුවේ පැවති, බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය වඩාත් විනිවිදභාවයකින් යුත් ක්‍රමයක් බවට පත්කරන ලෙස, තමන් හිටපු මහබැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ, බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටිමින්. කෙසේ වෙතත්, එය නීත්‍යානුකූල ක්‍රමවේදයකට අනුව සිදුවේයැයි තමන් …

‘ජාතික ධජයට බෑ නම් ඇමැතිකමත් බෑ; උතුරේ පළාත් ඇමැති ජාතික ධජයට ගරු නොකිරීම ගැන දෙමළ දේශපාලනඥයෝම එරෙහි වෙති

(19.11.2017 – News e Lanka) ‘සම්බන්ධන්ට පුළුවනි නම් සර්වේස්වරන්ට බැරි මොකෝ..! ‘ජාතික ධජයට බෑ නම් ඇමැතිකමත් බෑ; උතුරේ පළාත් ඇමැති ජාතික ධජයට ගරු නොකිරීම ගැන දෙමළ දේශපාලනඥයෝම එරෙහි වෙති දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් විපක්ෂ නායකතුමාට ජාතික ධජයට ගරු කිරීමට හැකිනම් පළාත් සභා අමාත්‍යවරයෙකු වන සර්වේස්වරන්ට ගරු බුහුමන් දැක්වීමට නොහැකි යයි පවසන්නේ නම් ඔහු පිස්සකු …

‘වැසියන් බියෙන්; සවස 6 න් පසුව නිකරුණේ ගැවසෙන ගැටව් අල්ලන්න‘ – යාපනේ පුරවැසි කමිටු පොලිසියෙන් ඉල්ලයි

(19.11.2017 – News e Lanka) යාපනයේ තැනින් තැන සවස් කාලයට රංචු ගැසී සිටින තරුණ කණ්ඩායම් නිසා යාපනයේ වැසියන් බියට පත්ව සිටින නිසා පස්වරු හයෙන් පසුව නිකරුණේ ගැවසෙන තරුණයින් අත් අඩංගුවට ගැනීමක් හෝ ඔවුන්ගෙන් ප්‍රශ්න කොට අනන්‍යතාවය තහවුරු කරගැනීමේ වැඩ පිලිවෙලක් හෝ සකස් කරණ මෙන් පොලීසියෙන් ඉල්ලා සිටීමට යාපනයේ දිස්ත්‍රික් පුරවැසි කමිටුව 19 දා තීරණය කොට …

ඉන්දීය බෙහෙත් විශාල තොගයක් යාපනය වෙරළට ගොඩ ගසයි

(19.11.2017 – News e Lanka) යාපනයේ තොණ්ඩමානාරු ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට මුහුදේ පාවෙමින් ගොඩ ගසමින් තිබුණු ඉන්දීය බෙහෙත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් 19 දා හමු වී ඇති අතර ඔවුන් ඒ පිළිබඳව පලාතේ ධීවර අධ්‍යක්ෂවරයාව දැණුවත් කොට තිබේ. යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නියෝජ්‍ය අධ්‍යාක්ෂක එස්.ශිවකරන් මහතා කියා සිටියේ කිසියම් හේතුවක් මත ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් රැගෙන එන ලද …

කලු රෙද්දක ඔතා සවුදි ගුවන් තොටුපළට ඇරලූ නරුමයින් ගැන “කාංචනා” කියන කඳුළු කතාව

(19.11.2017 – 13:13 +0530 – hirunews.lk/sinhala) සවුදි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගිය එක් දරු මවක් බරපතල තුවාල සහිතව ඊයේ (18) නැවත සිය නිවසට පැමිණ තිබෙනවා. 33 හැවිරිදි කාංචනා කුමාරි නමැති මෙම කාන්තාව ගලේවෙල, බඹරගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ. වයස අවුරුදු 04 ක් වූ කුඩා දියණිය සැමියා සමඟ නිවසේ දමා මෙම කාන්තාව 2016 සැප්තැම්බර් …

මන්ත්‍රි කෙහෙළියගෙන් ආණ්ඩුවට චෝදනාවක්

(19.11.2017 – nethnews.lk) වත්මන් ශ්‍රී ලංකාවේ පවතින ආණ්ඩුව තුළ ආණ්ඩු කිහිපයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා චෝදනා කරනවා. ඔහු කියා සිටියේ ආණ්ඩුව සිදු කරන ඇතැම් ප්‍රකාශවලද කිසිදු ස්ථාවරත්වයක් නොමැති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ අද (19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින්. ********************* ( නැවත …

හමුදාවේ 176 ක් : පොලිසියේ 428 ක් : ගිංතොට රැකවල් කරති

(19.11.2017 – 16:41 +0530 – lankadeepa.lk) ගිංතොට ඇතිවූ කලබලකාරී තත්ත්වය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බවත් තවදුරටත් එවැනි අවාසනාවන්ත සිද්ධියක් වීම වැළැක්වීම සඳහා දෙපාර්ශවය සමග සාකච්ඡා කර එකඟතාවයට එළැඹී ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසයි. අද සවස් වන විටත් යුද හමුදා (74) සහ නාවික හමුදා (102) සෙබළු 176 දෙනෙක්ද, ගිංතොට පොලිස් …

යාපනයේ සෝදිසි මෙහෙයුමකින් 47 ක් පොලිස් කූඩුවේ

(19.11.2017 – 18:27 +0530 – sinhala.adaderana.lk) යාපනය ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවු පහරදීම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 47 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය කෝපායි මානිප්පායි යන ප්‍රදේශවලදී පුද්ගලයින්ට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත උතුරු පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් …