කුලී වාහන අලෙවි කිරීමේ ජාවාරමක්
(31.12.2017 – 08:25 +0530 – hirunews.lk/sinhala) කුලී පදනම මත වාහන ලබාගෙන ඒවාට ව්‍යාජ ලිපිලේඛණ සකස් කර අලෙවි කළ පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. බොරැල්ල – කොටා පාර, තැපැල් ස්ථානය අසළදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේයි. …