Monthly archives: ජනවාරි, 2018

ජනාධිපති ආවේස වෙලා වගේ කටට එන එන බොරු කියනවා.. – අමරසේකර

(31.01.2018 – 18:48 +0530 – lankacnews.com) මැතිවරණය ඉලක්ක කරමින් ආණ්ඩුවේ නායකයන් විසින් සිදු කරමින් සිටින ප‍්‍රකාශ හේතුවෙන් ජාත්‍යන්ය හමුවේ ශ‍්‍රි ලංකාවට දැඩි ලෙස හානි සිදුවිය හැති යයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. ඡන්ද ගැනීම සදහා නායකයන් විසින් ජනතාව නොමග යැවීමට සිදු කරන ප‍්‍රකාශ රටට නොගැලපෙන බවත් නායකයන් ප‍්‍රකාශ සිදු කිරීමේදී වගකීම් සහගත විය යුතු බවත් …

හිරු සී.අයි.ඒ. : වැලි ජාවාරමේ සුළමුල

(31.01.2018 – 19:46 +0530 – hirunews.lk/sinhala) ඉදිරියේදී පුත්තලම තබ්බෝව වැවේ රොන් මඩ ඉවත් කිරීමේදී රාජ්‍ය නිලධාරින්ගේ හා ගොවි සංවිධාන නියෝජිතයන්ගේ නිරන්තර අධීක්ෂණයෙන් එය සිදු කිරීමට වාරිමාර්ග බලධාරීන් තීරණය කර තිබෙනවා. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ තබ්බෝව වැවේ මහා පරිමාණයෙන් වැලි කැනීම් පිළිබඳ හිරු සී.අයි.ඒ. කළ හෙළිදරව් කිරීමෙන් පසුවයි. ‍හිරු සි.අයි.ඒ. හරහා පසුගිය 26 වැනිදා තබ්බෝව …

නිදහස වෙනුවෙන් නව සමරු මුදල් නෝට්ටුවක්

(31.01.2018 – 16:00 +0530 – lankadeepa.lk) ලබන 4 වැනි දා ට යෙදෙන 70 වැනි නිදහස් සැමරුම නිමිති කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 1000ක වටිනාකමකින් යුත් සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කර තිබේ. මෙය මහ බැංකුව විසින් නිකුත් කළ සිව්වැනි සමරු මුදල් නෝට්ටුවයි. මෙහි වම් පස කෙළවරේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ හා 70 වැනි නිදහස …

ෆයිසර්ට – කිරිඇල්ලට එරෙහිව පැමිණිල්ලක්

(31.01.2018 – 16:00 +0530 – lankadeepa.lk) උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන අමාත්‍යවරු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඡන්ද දායකයින්ට තර්ජනය කරමින් ප්‍රකාශ සිදු කරන බව සඳහන් කරමින් ලිඛිත පැමිණිල්ලක් නීතිඥ සංවිධාන ජාතික එකමුතුව මැතිවරණ කොමිසමට අද (31) බාර දෙනු ලැබීය. මෙහිදී ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා ස්වකීය කතාවේදී …

පාදුක්කම කම්පා කරමින් අවසන් සුසුම් හෙලූ තිලිණිගෙන් ලොවට ම ආදර්ශයක්

(31.01.2018 – 11:46 +0530 – hirunews.lk/sinhala) රිය අනතුරකින් පසුව හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට මොළය මියගිය කාන්තාවකගේ සිරුරේ සියලු අවයව දන්දුන් පුවතක් වාර්තා වනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පාදුක්ක කොටිගංගොඩ ප්‍රදේශයේ පදිංචි තිලිණි ජීවන්ති අල්විස් නමැති එක්දරු මවක්. ඇය සිය සැමියා සමඟ විවාහ මංගල්‍ය අවස්ථාවකට සහභාගී වී නැවත එමින් සිටියදී පාදුක්ක …

රෝයල් පාටියේදී කාන්තාවන් හෙළුවෙන් නැටවූ සුනිල් පෙරේරා ජාතියට මඟ පෙන්වයි..

(31.01.2018 – 09:20 +0530 – lankacnews.com) 2015 ජනවාරි 08 වැනිදා මුළුමහත් ජාතිය වළට වැටුණේ එදා ‘ජාතියට මඟ කීමට’ පැමිණි බම්මන්නන්ට රැවටුණු නිසා බවත් අද ආණ්ඩුවේ පිල්ලියක් වුණු රතු අලි පැටවුන් ‘ජාතියට මඟ කියන්නට’ එවා ඇත්තේ රෝයල් කොලීජියේ ‘ස්ටැග් සාදයක දී’ කාන්තාවකගේ ඇඳිවත ඉවත් කරවමින්, අසභ්‍ය වචන කියමින් ඇය නැටවූ තැනැත්තා බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක …

හිරු සී.අයි.ඒ. : තබ්බෝවේ වැලි කැනීම

(30.01.2018 – 19:51 +0530 – hirunews.lk/sinhala) පුත්තලම – තබ්බෝව වැවේ සිදුකළ මහා පරිමාණ නීති විරෝධී වැලි කැනීම පිළිබඳ හිරු සී.අයි.ඒ. කළ අනාවරණයෙන් පසු රාජ්‍ය ආයතන නිලධාරීන් පිරිසක් ඊයේ තබ්බෝව වැව නිරීක්ෂණයට පැමිණියා. එහිදී වැවේ රොන් මඩ ඉවත් කිරීමට අවසර ලබාගත් ගොවි සංවිධාන නියෝජිතයන් මෙහි නීති විරෝධී ක්‍රියාවක් සිදුව නැති බවට ඒත්තු ගැන්වීම සදහා දැඩි පරිශ්‍රමයක …

මෙවැනි වංචාකරුවන්ට මුලා වෙන්න එපා – රේගුව ශ්‍රී ලාංකීකයන්ට අවවාද කරයි

(30.01.2018 – nethnews.lk) විදේශ රටවල සිටින ශ්‍රී ලාංකීකයන් මුලා කරමින් අන්තර්ජාලය හරහා මුදල් වංචා සිදුකරන පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස සියළුම ශ්‍රී ලාංකීක ජනතාවට ශ්‍රී ලංකා රේගුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා www.nethnews.lk වෙත කියා සිටියේ විදේශ රටවල සිට ඉතාමක් සූක්ෂම ලෙස අන්තර්ජාලය හරහා ශ්‍රී ලාංකීකයන් මුලා …

මහින්ද රාජපක්‍ෂ මහතා ‘හිරු සළකුණේ’ විචිත‍්‍ර සලකුණක් තියයි.. YouTube හොල්ලමින් ප‍්‍රතිචාර ගලයි..

(30.01.2018 – 13:20 +0530 – lankacnews.com) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වූ ‘සලකුණ’ වැඩසටහන හිරු නාලිකාවේ ඊයේ රත‍්‍රියේ විකාශණය විය. දෙපැයකට ආසන්න කාලයක් තිස්සේ සිදු කරන ලද සාකච්චාවේදී රාජපක්‍ෂ මහතා විසින් කිසිදු දේශපාලඥයෙකුට මඩ ගැසීම් අවලාද කිසිත් නොනැගූ අතර මනා සංයමයකින් සිය අදහ් නිරවුල්ව ඉදිරිපත් කිරීමටද කටයුතු කලේය. හිරු නාලිකාව විසින් එය යූ ටියුබය …

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බරපතල විෂමාචාරයක..! පාර්ලිමේන්තු මන්ත්‍රී 225 දෙනාගේ වරප්‍රසාද උල්ලංඝනය කරලා..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බරපතල විෂමාචාරයක..! පාර්ලිමේන්තු මන්ත්‍රී 225 දෙනාගේ වරප්‍රසාද උල්ලංඝනය කරලා..! එමගින් ජනතා පරමාධිපත්‍යයත් උල්ලංඝනය කරලා..! – නීති විශාරදයෝ කියති (30.01.2018 – News e Lanka ඇසුරෙන්) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමේ දී එහි පිටු අඩුවෙන් ඉදිරිපත් කිරීම උත්තරීතර පාර්ලිමේන්තුව නොමග යැවීමක් සහ එහි සිටින …