Monthly archives: පෙබරවාරි, 2018

සිංහල බෞද්ධ සංවිධාන ලියාපදිංචිය නවතයි.. සංහිදියාවටලු.. – අස්ගිරි මහා ලේකකාධිකාරී හිමියෝ හෙලි කරති..

(28.02.2018 – 16:40 +0530 – lankacnews.com) ‘‘මොන ආකාරයේ කැබිනට් සංශෝධන කලද චන්ද්‍රකා නෝනයි, එන්ජී ඕ නඩයයි යට සිට ආණ්ඩුව මෙහෙයවන තුරු රට යන්නේ අගාධයටයි’’ – අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති. කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ. ‘‘සන්දාන ආණ්ඩුවක් හදනවා කියා ජනාධිපති මෛත‍්‍රි මුලින් කිවුවා. ඊට පස්සෙ ඇමරිකා-ඉන්දීය …

තඹුත්තේගම විරෝධතාව අතරතුර 44 ක් අත්අඩංගුවට – පොලීසියේ 4 ක් ඇතුලු පිරිසකට තුවාල

(28.02.2018 – 14:14 +0530 – sinhala.adaderana.lk) තඹුත්තේගම නගරයේ පැවති ගොවි විරෝධතාව අතරතුර කළහකාරී ලෙස හැසිරුණු කාන්තාවන් 05 දෙනෙකු ඇතුලු 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ සිද්ධියෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ඇතුලු කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි. අද දහවල් ගොවීන් අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගය තඹුත්තේගම නගරයෙන් අවහිර කරමින් සිදුකළ විරෝධතාව විසුරුවා …

ජනතාවට එකම විසදුම ගෝටා කියයි.. දේශපාලනය උණුසුම් කරමින් ගෝටාභයගෙන් නිවේදනයක්..

(28.02.2018 – 12:00 +0530 – lankacnews.com) හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි : නීතිය අවනීතිය කරණ වත්මන් රජයේ පොලිස් විමර්ශණ පසුගිය කාලය පුරා අවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස්, රක්නා ලංකා ආරක්ෂක සේවා, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම, ඩී ඒ රාජපක්ෂ පදනම වැනි විෂයන් රාශියක් යටතේ විවිධ විමර්ශණ පවත්වමින් මගේ …

පුංචි ඡන්දයේ මහා මගඩියක් හෙලි වෙයි.. පොහොට්ටුවට තවත් මන්ත‍්‍රී ධුර 200 ක්.. තවත් සභා 36 ක්..

(28.02.2018 – 10:00 +0530 – lankacnews.com) පැවති පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල ගණනයේදී ඉතා බරපතල වරදක් සිදුව ඇති බව ඒකාබද්ද විපක්‍ෂය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී සදහන් කලේය. ලයිස්තුවලින් මන්ත‍්‍රීවරුන් පත් කිරීමේදී මෙම බරපතල දෝෂය සිදුව ඇති බවත් එය නිවැරදි කිරීමෙන් තවත් මන්ත‍්‍රී ධුර 200 ක් පමණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී …

විශ්ව විද්‍යාල සේවකයින් 16,000 ක් අඛණ්ඩ වර්ජනයේ

(28.02.2018 – nethnews.lk) විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් දහසය දහසක් අද (28) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වැටුප් දීමනා ඇතුළු ඉල්ලීම් 06 ක් මුල් කර ගනිමින්. විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ පැවසුවේ, “හිටපු අමාත්‍යවරයා සමග එකඟතාවයක් තිබුණ. ඒව කඩල තියෙනව. ඒ සඳහා සංඛේත වැඩවර්ජන කිහිපයක් කළා. පලක් …

අර්ජුන මහේන්ද්‍රන් වගකීම බාරගෙන නිර්දේශ කළේ අගමැතියි.. අද නිතිය භාර අගමැතිට තම මිතුරා ලංකාවට ගෙන්නා නීතිය කරන්න අවස්ථාව..

(28.02.2018 – 06:26 +0530 – lankacnews.com) පසුගිය කාලය පුරාම සාමාන්‍ය මහා ජනතාව අතර අල්ලසට දුෂණයට විරුද්ධව ලොකු හඩක් රට පුරා තිබුණු බවත් එය මැතිවරණයේදී ජනතාව විසින් ඔප්පු කල බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ලේ පවතී ජන හමුවක් අමතමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ගුණරත්න …

ඉතා දුර්ලභ පුස්කොළ පොත් ඇතුළු පෞරාණික ග‍්‍රන්ථ රැසක් සංරක්‍ෂණ කර අවසන්

(27.02.2018 – 20:18 +0530 – sinhala.adaderana.lk) පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි ආරම්භක පියවරක් ලෙස, ගම්පහ දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන 55 ක් සතුව තිබූ ඉතා දුර්ලභ පුස්කොළ පොත් ඇතුළු 3,600 කට අධික පෞරාණික ග‍්‍රන්ථ ප‍්‍රමාණයක් අනාගත පරපුර සඳහා සංරක්‍ෂණය කිරීමේ කටයුතු මේ වන විට අවසන්ව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මීට අදාළව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් …

අගමැතිට එරෙහි විශ්වාසභංගයකට සහය දෙන්න ජවිපෙ සූදානම් – බිමල් රත්නායක

(27.02.2018 – 21:46 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංගයකට සහය දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. බී බී සී සංදේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ. බිමල් රත්නායක මහතා : ‘‘රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ සතුරු පක්ෂය දුර්වල කරන්න දෙකට …

ජනාධිපති රටට ආදරේ නම් ශ්‍රීල.නි.ප මන්ත්‍රීවරු ජාතික ආණ්ඩුවෙන් ඉවත් කර ගත යුතුයි

(27.02.2018 – 16:28 +0530 – sinhala.adaderana.lk) ජනාධිපතිවරයා රටට ආදරේ නම් ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූම මන්ත්‍රීවරු ජාතික ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බව හිටපු මන්ත්‍රී සරත් විජේසේකර මහතා පවසයි. අද (27) කොළඹ පැවති එළිය සංවාද කවයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. 19 වන සංශෝධනය දින 100 වැඩපිළිවෙළ තුළ සම්මත …

බ්‍රිගේඩියර් ප්‍රියංකගේ පවුලේ සාමාජිකයන් බ්‍රිතාන්‍යයෙන් පිටමං කරන්න, ගෝලීය දෙමළ සංසදය උත්සාහයක

(27.02.2018 – 12:27 +0530 – hirunews.lk/sinhala) බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක අමාත්‍ය උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ පවුලේ සාමාජිකයන් වෙත නිකුත් කර ඇති වීසා බලපත්‍ර අහෝසි කරන ලෙස ගෝලීය දෙමළ සංසදය එරට ස්වදේශ කටයුතු ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඔවුන් එම ලිපිය මගින් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට යැවීම පිළිබද …