Day archives: පෙබරවාරි 5th, 2018

ජල සේවකයන් අද පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක

(05.02.2018 – 09:38 +0530 – lankadeepa.lk) අද පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ. වැටුප් වර්ධක ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනයට එළැඹි බව ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසීය. කෙසේ …

කෙහෙල්වත්තේ ඉපදී අමාරුවෙන් ජීවත් වූ ප්‍රේමදාසගේ පුතාට මේ තරම් බෙද බෙදා යන්න සල්ලි කොයින්ද… යාල කැලේ සජිත් කරන වැඩේ මෙන්න..

(05.02.2018 – 03:24 +0530 – lankacnews.com) අද රටම ගඳ ගස්සමින් සිටින අලි – බුලත් – සීනු ලකුණු වෙනුවට රටම සුවඳවත් කළ හැකි රටම දිනවිය හැකි, ආණ්ඩුවේ පළුවක් නොවන, සැබෑ ආණ්ඩු විරෝධය දැක්විය හැකි එකම ලකුණ වන ‘නෙළුම් පොහොට්ටුව’ ඉදිරියේ කතිරය සලකුණු කිරීම මේ රටේ සුජාත දූ පුතුන්ගේ අත්හළ නොහැකි වගකීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක …

විදුහල්පතිනිය දණ ගැස්වූ, ඌව මහඇමති ගෙන් හිමි නමකටත් තර්ජන

(04.02.2018 – 18:58 +0530 – hirunews.lk/sinhala) විදුහල්පතිනියක් දණ ගැස්වූ බවට චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හිමි නමකට තර්ජනය කොට පහරදීමට උත්සාහ දරණ වීඩියෝ පටයක් මේ වන විට සමාජජාල වෙබ් අඩවිවල දක්නට ලැබෙනවා. එහිදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභා ගොඩනැගිල්ල තුළ දී අදාළ හිමිනමට බැන වැදී පහරදීමටයි තැත් කර ඇත්තේ. …

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන රිමාන්ඩ්

(04.02.2018 – 20:26 +0530 – hirunews.lk/sinhala) පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද උදෑසන 6.30 ට කොල්ලුපිටියේ මල්පාරේ පිහිටි අර්ජුන් ඇලෝසියස්ගේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද …