Day archives: පෙබරවාරි 6th, 2018

දිල්කාට ප‍්‍රශ්න මදිවෙයි… මහින්දට උත්තර වැඩිවෙයි.. මහින්ද සමග මනරංජන 360ක් දෙරණේ..

(06.02.2018 – 12:00 +0530 – lankacnews.com) දෙරණ රූපවාහිනිය ඊයේ පැවති 360 දේශපාලන වැඩසටහන සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී විය. පැය එකහමාරකට ආසන්න කාලයක් තිස්සේම රාජපක්‍ෂ මහතා වැඩසටහනේදී අදහස් පල කලේය. පළාත් පාලන මැතිවරණයක් සාමාන්‍යයෙන් පවතින ආණ්ඩුවට වාසිදායක බැවින් පොදුජන පෙරමුණ දිනන බව කියන්නේ මන්දැයි දිල්කා විමසූ විට රාජපක්‍ෂ මහතා කියා සිටියේ අප ඉතිහාසයේදී …

උදයංග වීරතුංග ගේන්න, විශේෂ කණ්ඩායමක් ඩුබායි වෙත

(06.02.2018 – 07:30 +0530 – hirunews.lk/sinhala) ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු හිටපු තානාපති උදයංග වීරතුංග පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් ඩුබායි රාජ්‍යය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. ආයතන කිහිපයකින් සමන්විත නිලධාරීන් කිහිප දෙනෙකු ඒ සඳහා එක්වනු ඇති අතර, මේ වන විටත් ඊට …

වසර 28 කට පසු පේදුරුතුඩුව-කන්කසන්තුර මාර්ගය විවෘත කරයි

(05.02.2018 – 19:02 +0530 – lankadeepa.lk) වසර 28 කාලයක් වසාදමා තිබූ පේදුරුතුඩුව – කන්කසන්තුරය ඒ.බි. 21 මාර්ගය අද (05) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියෝග අනුව විවෘත කරනු ලැබීය. 1990 ජුනි 20 වැනිදා සිට යාපනය පලාලි යුද හමුදා අධි ආරක්ෂිත කලාපය පිහිටා තිබීම හේතුවෙන් ආරක්ෂිත ක‍්‍රියාමාර්ගයක් ලෙස සිවිල් ජනතාවට මෙම මාර්ගය වසා දැමූ බව යුද හමුදාව …

බැදුම්කර අරක්කු ව්‍යාපාරය කඩා වැටේ.. බදු ගෙවා නෑ.. නිෂ්පාදන තහනම් කරයි..

(05.02.2018 – 17:30 +0530 – lankacnews.com) ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාරගත කර සිටින පර්ර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ ‘WM මෙන්ඩිස්’ මත්පැන් සමාගමේ නිෂ්පාදනය අත්හිටුවා ඇත. නියමිත පරිදි බදු මුදල් නොගෙවීම නිසා මෙසේ එහි නිෂ්පාදන කටයතු අත්හිටවූ බවයි. කෙසේ වෙතත් දැනට සතියක පමණ සිටම එහි …

දුම්රිය පාපුවරුවේ ගිය පිරිසක් ලොරියක වැදී බිම – 4 ක් මරුට

(05.02.2018 – 17:18 +0530 – lankadeepa.lk) කොළඹ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසක් අද පස්වරුවේ ලුනාව පාලන අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිවු දෙනෙකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව අඟුලාන පොලිසිය කියයි. දුම්රියේ ගමන් ගත් තරුණයකුගේ පිටේ එල්ලාගෙන සිටි බෑගයක් ලොරියේ …

මගේ ප‍්‍රජා අයිතිය නැති කරන ‘තියරිය’ටම මෛත‍්‍රිගේත් ප‍්‍රජා අයිතිය අහෝසියි.. – සියවසේ නීති ගැටේ මහින්ද අඹරයි…

(05.02.2018 – 23:10 +0530 – lankacnews.com) තමන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇති චෝදනාව අනුවම වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රජා අයිතියද අහෝසි වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. තමන්ගේ ප‍්‍රජා අයාතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇත්තේ සභාපතිවරයෙක් පත් කිරීම හරහා වංචාවට අනුබල දුනනේ යයි කියමින් බවද කී රාජපක්‍ෂ මහතා එලෙසම …

බැඳුම්කර මාමා සහ බැදුම්කර බෑණා තවත් දැවැන්ත වංචාවක.. ලංකාව යලිත් අලි අමාරුවක…

(06.02.2018 – 00:02 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය : බැඳුම්කර වංචාවේ සැකකරුවන් වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස්. තේරෙන භාෂාවෙන් කිව්වොත් බැඳුම්කර මාමා සහ බෑනා සිදු කළ තවත් දැවැන්ත වංචාවක් හෙලිදරව් කරන්නයි අපේ මේ සූදානම. මධ්‍යම අධිවේගි …