Day archives: පෙබරවාරි 13th, 2018

රට පුරා ගණිකාවෝ 45,000 ක්‌ දිනකට පිරිමි ලක්‍ෂ 3 කට සේවයේ – ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස්‌ මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය එච්. ඒ. සී. ඩබ්ලිව්. හතුරුසිංහ

(13.02.2018 – divaina.com) ලිංගාශ්‍රිත රෝග වලට ගොදුරු වූ ලංකාවේ වැඩිම පිරිස වයස අවුරුදු 15 ත් 25 ත් අතර තරුණ පිරිමි පුද්ගලයන්. රට පුරා ගණිකා වෘත්තියේ දැනට නියෑලෙන කාන්තාවන් 45,000 ක්‌ සිටිනවා. ඔවුන් දිනකට පිරිමි පුද්ගලයන් ලක්‍ෂ 03 කට පමණ සේවය සපයනවා” යෑයි කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස්‌ මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය එච්. ඒ. …

බෙල්ලන්විල නාහිමිට සැත්කම කළ වෙදැදුරු මව්බිමට කියන කතාව

(11.02.2018 – mawbima.lk) පන්සල පාළුය. ලොකුහාමුදුරුවෝ යළි පන්සලට වඩින්නේ නැත. මියන්කුමාර ඇත් පැටවා පන්සලෙන් රැගෙන ගොස්ය. මියන්කුමාර දැන් ඉන්නේ වාද්දුව පැත්තේ පන්සලකය. බෙල්ලන්විල පන්සලේ ඇත් පන්තිය හැඩ කළ දඟකාර පුංචි ඇත්පැටවාගේ හුරතලය එදවස බෙල්ලන්විල පන්සල පුරවා තිබුණා මතකය. මඟට බට මොහොතේත් දාංගලයේ අහවරක් නැති, දුටු දුටුවන්ගේ සිත් පැහැරගත් මේ සුරතලා රටම හැඬවූ මහා ඛේදවාචකයකට දායක …

“පූර්ණ කාලීන රැකියාව තමයි ගණිකා වෘත්තිය. ඒ අතරතුර කොහොමහරි ටෙලි නාට්‍යයකට මූණ දාගන්නවා”

(12.02.2018 – webgossip.lk) අපේ රටේ ඉන්න ජනප්‍රිය නිළියන් අතර ඉහළින්ම සිටින දක්ෂ නිළියක් තමයි දුලීකා මාරපන මහත්මිය කියන්නේ. ඕනෑම පරාසයක රඟපෑමේ දක්ෂතාවයක් තියෙන ඇය සමාජයේ ලොකු කතාබහක් ඇති කළ චරිත කිහිපයකටම තම රංගන දායකත්වය ලබාදී තිබුණා. කෙළින් කතා කරන නිළියක් විදිහටත් ඇය ජනප්‍රියයි. ඒ විදිහට නිළියන් ගණිකා වෘත්තියේ යෙදෙන එක ගැන ඇය සතිඅන්ත පුවත්පතකට කෙළින්ම …

නව රජයක් පත්කිරීමට මහින්ද සැරසෙයි – ආණ්ඩුවට අභියෝගයක් කරමින් හිටපු ජනපති කරන්න හදන දේ මෙන්න (විඩියෝ)

(12.02.2018 – webgossip.lk) රටේ තිබෙන අස්ථාවර භාවය නැති කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවාහැර පවත්වන මහ මැතිවරණයකින් නව රජයක් තෝරා පත්කරගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පළාත් පලන මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙම ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් බවත් පළාත් …

සද්ධන්තයෙකුට දිවි අහිමි කළ විදුලි රැහැන

(12.02.2018 – 14:14 +0530 – hirunews.lk/sinhala) අම්පාර, උහන, හිමිදුරාව, 10 ඇල ප්‍රදේශයේ විදුලි සැර වැදීමෙන් වන අලියෙක් මියගොස් තිබෙනවා. අම්පාර වනජීවි කාර්යාලය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ අවරුදු 15 ක් පමණ වයසැති සත්වයෙක් බවයි. හේනක් වටා ඇද තිබූ විදුලි රැහැනක, විදුලි සැර වැදිමෙන් පසුගිය 10 වනදා මෙම වන අලියා මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. …

බලය පිහිටුවීම ගැන එකඟතාවක් නෑ – ජනාධිපති මාධ්‍ය අංශය

(12.02.2018 – 18:23 +0530 – hirunews.lk/sinhala) පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට හෝ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සමඟ කිසිදු එකඟතාවයකට එළඹ නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ඒ අනුව එවැනි එකඟතාවයකට පැමිණි බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ද ආදාළ නිවේදනයේ දැක්වෙනවා. මේ අතර එක්සත් ජාතික පෙරමුණ …

ජනාධිපති ධුරය සහ අග්‍රාමාත්‍ය ධුරය ඒකාබද්ධයට දිය යුතු බව ගම්මන්පිළ කියයි

(12.02.2018 – 20:48 +0530 – hirunews.lk/sinhala) පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ජනාධිපති ධුරය සහ අග්‍රාමාත්‍ය ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසනවා. පිවිතුරු හෙළ උරුමය අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. මේ අතර, කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා, භාරකාර …