Day archives: පෙබරවාරි 15th, 2018

ලසන්ත ඝාතනයේ සාක්ෂි සැඟවූ හිටපු ඩීඅයිජී ප්‍රසන්න නානායක්කාර රිමාන්ඩ්..! සැඟවූ සාක්කි අවුරුදු 9 කට පසු තරප්පුව යටින් සොයාගනී

(14.02.2018 – 20:45 +0530 -facebook.com/lankaenews) සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයේ සාක්කි වසන් කළේයැයි සැකපිට ඊයේ අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් අද නියෝග කළේය. සැකකර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයකුව ගල්කිස්ස පොලිසිය ඇතුළු පොලිසි කිහිපයක් භාරව සිටිය …

කොළඹ – ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 7 දක්වා ඉහළට

(14.02.2018 – 15:59 +0530 – hirunews.lk/sinhala) කොළඹ – ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ ප්‍රදේශයේ පිහිටි කුළු බඩු ඇසුරුම් කරන ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුලූ 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අද පස්වරුවේ අදාළ ගොඩනැගිල්ල අසල පිහිටි වෙනත් පැරණි ගොඩනැගිල්ලක කොටසක් එහි වහලය මතට කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුර සිදුවන අවස්ථාවේදී 12 දෙනෙකු …

සමූහ දූෂණ සිද්ධීන් දෙකකට යුද හමුදාවේ තුන්දෙනෙකු ඇතුලු 8 ක් අත්අඩංගුවට

(14.02.2018 – 19:06 +0530 – hirunews.lk/sinhala) නුවරඑළිය – රාගල – හල්ග්‍රන්ඔය වත්ත ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් දැරියක් සමුහ දුෂණයට ලක්ව තිබෙනවා. මෙම දැරිය ඊයේ රාත්‍රීයේ වැසිකිලියාම සඳහා නිවසින් පිටතට පැමිණ ඇති අතර ඒ ආසන්නයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකු දැරිය පැහැරගෙන ගොස් දුෂණය කර ඇති බවයි පොලිසිය සදහන් කළේ. මෙලෙස සමුහ දුෂණයට ලක් …

රනිල් ඉවතට.. සන්ධානය බහුතර බලය පෙන්වයි.. අගමැති නිමල් සිරිපාල සමග ඇමති මණ්ඩලය දිවුරන්න සූදානම්.. එජාප විසි ගණනක් අලුත් ආණ්ඩුවේ..

(14.02.2018 – 22:46 +0530 – lankacnews.com) අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර නව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නව අගමැතිවරයෙක් පත් කර ආණ්ඩුව ගෙන යාමට එම සන්ධානය බහුතර බලය පෙන්වීමට සූදානම් වෙයි. මේ වන විටත් එක්සත් ජනතා නිදහස් සන්දානය විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට සූදානම් බව ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ. එක්සත් ජනතා නිදහස් …