Day archives: පෙබරවාරි 18th, 2018

තලංගම, විමලතිස්ස මාවතේ නිවෙසට ඇතුළු වී යුවලට වෙඩි තබයි

(18.02.2018 – 07:15 +0530 – nethnews.lk) අද (18) අලුයම නිවසක් තුළ සිටි යුවලක් එල්ල කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ තලංගම, විමලතිස්ස මාවතේ නිවසකදීයි. අද අලුයම් කාලයේ මෙම නිවසට ඇතුළු වී ඇති නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙලෙස එහි සිටි යුවල වෙත වෙඩි තබා ඇති බවයි වාර්තා වුණේ. වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ යුවල කොළඹ ජාතික …

අවයව පරිත්‍යාග කරන රෝගීන්ගෙන් කිසිඳු ගාස්තුවක් අය කරන්න එපා

(18.02.2018 – 16:43 +0530 – sinhala.adaderana.lk) අවයව පරිත්‍යාග කරන රෝගීන්ගෙන් කිසිඳු ගාස්තුවක් අය නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සියලුම පෞද්ගලික රෝහල්වලින් සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලනාධිකාරියෙන් ඉල්ලීමක් කරයි. එවැනි රෝගීන්ට සහන ලබාදිය යුතු බව පවසන අමාත්‍යවරයා ඉදිරියේ දී එම තීරණය නියෝගයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බව පවසයි. ශ්‍රී ජයවර්ධනපුර රෝහල විසින් සංවිධානය …

ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් ජනපති හමුවෙයි-රනිල්ට අගමැති පුටුව අහිමි වෙයිද?

(18.02.2018 – 17:31 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබේ. අද රාත්‍රී ජනාධිපති නිල නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතු බවට …

දෙදෙනෙකුට මරු කැඳවමින් මඟ වැරඳුණු මෝටර් රථය

(18.02.2018 – 17:43 +0530 – hirunews.lk/sinhala) නුවරඑළියේ සිට හලාවත බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් කොත්මලේ ජලාශයට පෙරළීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. අධික වේගයෙන් ධාවනය වී ඇති මෙම මෝටර් රථය අද (18) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන ජලාශයට පෙරළී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරෙන් මිය ගිය කාන්තාවගේ සහ පිරිමි …

ඉදිරි පැය 48 තුළ ආණ්ඩු ප්‍රශ්නයට විසදුමක් එන ලකුණු

(17.02.2018 – 19:24 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරි තත්ත්වයට ඉදිරි පැය 48 තුළ විසදුමක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි කියා සිටියේ ඊයේ (16) රාත්‍රියේ සිටම පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක් ඊට අදාළව පැවති බවයි. ඒකාබද්ධ විපක්ෂය අමාත්‍ය ධුර කිහිපයක් භාර ගැනීමට එකග …