Day archives: පෙබරවාරි 21st, 2018

හිරු සී.අයි.ඒ. : කාමාතුරයා කොටුකරගත් මෙහෙයුම

(21.02.2018 – 19:45 +0530 – hirunews.lk/sinhala) හිරු සී.අයි.ඒ. අනාවරණ කළ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන කප්පම් ඉල්ලු තරුණයා පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කළ බව ඇඹිලිපිටිය පොලිසිය පවසනවා. ඒ, තරුණයාගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරිමේදී තවත් කාන්තාවන් රැසකගේ නිරුවත් ඡායාරූප හමුවීමත් සමගයි. හිරු සී.අයි.ඒ. හරහා ඊයේ (20) අප අනාවරණ කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයෙකු කලකට ඉහතදී තම පෙම්වතියගේ නිරුවත් …

සයිටම් සිසුන් ගැන ජනපති තීරණයක් ගනී

(21.02.2018 – 21:18 +0530 – hirunews.lk/sinhala) මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් කර ගැනීමට තීරණය වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණයට එළඹී ඇත්තේ. නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන …

උසස් පෙළ අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් (23) අවසන්

(21.02.2018 – 10:58 +0530 – hirunews.lk/sinhala) මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් (23) අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව, පාසල් අයදුම්කරුවන් සිය අයදුම්පත් විදුහල්පතිවරුන් මගින් ද පෞද්ගලික අයදුම්පත් අදාළ අයදුම්කරුවන් විසින් ලබන 23 වනදින හෝ ඊට පෙර යොමුකරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කළේ. එදිනට …

දියතලාවේදී බස් රථයක් තුළ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන් අතර 12 දෙනෙකු හමුදා සාමාජිකයින්

(21.02.2018 – 10:10 +0530 – hirunews.lk/sinhala) දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ පිපිරීමත් සමඟ ඇති වූ ගින්නෙන් තුවාල ලැබූවන් 19 දෙනා අතර හමුදා සාමාජිකයන් 12 දෙනෙකු සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඉන් 7 දෙනෙකු යුද හමුදා සාමාජිකයින් වන අතර, 5 දෙනෙකු ගුවන් හමුදා සාමාජිකයින් …

බල පෙරේතයෙක් අගමැති පුටුව අල්ලගෙන.. එලවන්න ක‍්‍රමයක් නෑ.. – විමල් බයනැති අගමැති පට්ටා ගහයි..

(20.02.2018 – 03:25 +0530 – lankacnews.com) 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් බලපෙරේතයන් නිර්මාණය වී ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. 19 වැනි සංශෝදනය හේතුවෙන් අගමැතිවරයා ධුරයෙන් පැන්නීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් අගමැති ඉවත් කල හැකිද නැද්ද යන්න පිලිබදව ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට යන බවත් මන්ත‍්‍රීවරයා කියයි. අගමැති පුටුව …

විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්‍ෂට.. ?

(20.02.2018 – 22:33 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය : පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු හංස සංධානය දෙකට බෙදුනා. කොල පාට නිල් පාට හංසයෝ ආණ්ඩු පක්ෂයේ වාඩි වෙන විට රතු පාට කහ පාට හංසයෝ (දෙමළ ජාතික සන්ධානය) විපක්ෂයේ වාඩි …

විදුහල්පතිනියකට මරු කැඳවූ නායකත්ව පුහුණුව

(19.02.2018 – 16:12 +0530 – hirunews.lk/sinhala) නායකත්ව පුහුණු කදවුරකට සහභාගී වී සිටි විදුහලපතිනියක් හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රෝහිනී කුමාරි අතපත්තු නමැති 52 හැවිරිදි හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනියයි. අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සංවිධානය කෙරුණු නායකත්ව පුහුණු කදවුරකට සහභාගී වී සිටියදී එහි ක්‍රියාදාමයක නිරතවෙමින් සිටියදී හදිසි අනතුරකට ලක්වීමෙනුයි විදුහල්පතිනිය මියගොස් ඇත්තේ. පසුගිය …

කැබිනට් අනුමැතිය හිමි වු ටැබ් පරිගණක ලබා දීම තාවකාලිකව නවත්වයි

(20.02.2018 – 17:01 +0530 – sinhala.adaderana.lk) අ.පො.ස. උසස් පෙළ සිසුන් 175,000 ක් සහ උසස් පෙළ ගුරුවරුන් 28,000 ක් සඳහා ටැබ් පරිගණක ලබා දීමේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ වැඩපිළිවෙල අමාත්‍ය මණ්ඩලය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ. තාක්ෂණික දැනුමින් පෝෂිත ලාංකේය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින්, ඉගෙනුම් සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය නවීන තාක්ෂණය යොදා ගනිමින් බලගැන්වීම සඳහා 2017 …

කන්ටේනර් රථයක් ගැටී කඩුගන්නාව අම්බලමට හානි

(20.02.2018 – 19:22 +0530 – sinhala.adaderana.lk) කන්ටේනර් රථයක් ගැටී සිදු වූ අනතුරකින් කඩුගන්නාව අම්බලමට හානි සිදු වී තිබේ. ඒ ඊයේ(19) පස්වරුවේදීයි. මාතලේ සිට කොළඹ බලා ධාවනය වූ කන්ටේනර් රථයක් කඩුගන්නාව ප්‍රෙද්ශයේදී රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තිබේ. රථය ගැටී ඇත්තේ ඓතිහාසික වැදගත්කමකින් යුත් ඉපැරණි කඩුගන්නාව අම්බලමයි. එම අනතුර අසල ආරක්ෂිත කැමරාවක …