Day archives: පෙබරවාරි 25th, 2018

දකුණේ විහාරස්ථානයකදී ඇතාගෙන් පහර කෑ ඇත්ගොව්වා, බීමතින් සිටි බව හෙළිවේ

(25.02.2018 – 19:13 +0530 – hirunews.lk/sinhala) පෙරහැර වලට සහභාගි වන අලි ඇතුන් සහ ඇත්ගොව්වන් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් දියත් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව තිස්සමහාරාම රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ එම විහාරයට අයත් ‘සමන්’ නැමැති හස්තියාගේ පහරදීමෙන් ඇත්ගොව්වෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය …

අද (25) සිදුකළ නව කැබිනට් සහ රාජ්‍ය ඇමති සංශෝධනය

(25.02.2018 – 11:46 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්) අද (25) ජනපති ඉදිරියේ දිවුරුම් දුන්න කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු : • නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ. • ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙසද අග්‍රමාත්‍යවරයා කටයුතු කරනු ඇත. • මීට පෙර උසස් අධ්‍යාපන හා මහාමාර්ග …

උදයංග වීරතුංග ඩුබායි නිවසෙන් පැනයයි

(22.02.2018 – lankatruth.com) (සිව්වන සංස්කරණය) ශ්‍රී ලංකා රාජයට අත්‍යාවශ්‍ය සැකකරුවෙකු බවට පත් කර සිටින, හිටුපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි නිවසින් පැනගොස් ඇතැයි වාර්තා වේ. උදයංග වීරතුංග මහතා පසුගිය 04 වන දා ඩුබායි රටින් පිටව යෑමට තැත් කිරීමේදී ඩුබායි බලධාරීන් විසින් රඳවාගෙන ප්‍රශ්න කර තිබූ අතර ඔහුව මෙරටට ගෙන ඒම සඳහා නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි …

ලසන්ත ඝාතන නාටකයේ තිරෙන් පිටුපස

(22.02.2018 – 21:34 +0530 – lankadeepa.lk) ‘‘බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන් පස්සේ එයාලා ගියා.’’ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ සාක්කි වසන් කළේයැයි කියන සිද්ධියට හිටපු පොලිස් ලොක්කන් කිහිප දෙනකුට මාංචු වැටෙන අයුරු පසුගිය සති දෙකේ දක්නට ලැබිණි. ඒ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද විය. ඒ සමඟ ‘ලසන්තගේ සැකකරුවන් …

ළමුන් 12 ක් අපයෝජනය කළ හිමිවරුන් 2 ක් සමඟ තවත් 6 ක් අත්අඩංගුවට

(24.02.2018 – 21:20 +0530 – sinhala.adaderana.lk) නිකවැරටිය රස්නායකපුර ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් දොලොස් දෙනෙකු අපයෝජනය කිරීමට සැකපිට එම ළමා නිවාසයේම හිමිවරුන් දෙපලක් සමඟ ගිහි නේවාසිකයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජීව බංඩාර මහතාට ලැබුණ තොරතුරක් මත පරීක්ෂණ සිදු කිරීමේ දී බාල වයස්කාර ළමුන් දොලොස් දෙනා අවස්ථා තිස් දෙකක දී අපයෝජනයට …

‘අපේ නායකයා ගෝඨා.. 2019 ජනාධිපතිවරණය දිනනවා නිසැකයි‘ තවත් සති දෙකකින් රටම කළඹන නව රැල්ලක් – විමල් කියන කතාව මෙන්න..!

(24.02.2018 – nethgossip.lk) විමල් වීරවංශ මහතා මේ ලබපු මැතිවරණ ජයග්‍රහණය ඇත්තටම ආණ්ඩු විරෝධයක් ද එහෙමත් නැතිනම් මහින්ද රාජපක්ෂට ආපු රැල්ලක්ද? මේක මහින්ද රාජපක්ෂ කියන සුවිශේෂී රාජ්‍ය නායකයා කෙරෙහි අසීමිත විශ්වාසය හා බලා‍පොරොත්තුව පළවීමක්. අනෙක් පැත්තට මේ තියෙන ඊනියා ජාතික ආණ්ඩුව ජනතාවට වහකදුරු මෙන් තිත්ත වී ඇති බව පළ කිරීමක්. ව්‍යවස්ථාවෙන් අගමැතිවරයාට තවදුරටත් බලයේ ඉන්න බලය …