Day archives: පෙබරවාරි 26th, 2018

1. ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වාර දෙකක් අවලංගුයි | 2. වියානා ඇලේ සැඟව ගිය ජීවිතය

(26.02.2018 – 17:51 +0530 – lankadeepa.lk) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අද දිනට නියමිත ගුවන් ගමන් වාර දෙකක් අවලංගු කර ඇති බව එම සමාගම නිවේදනය කර සිටී. අද දින දහවල් 1.20 ට පකිස්තානයේ කරච්චි බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 183 දරන යානයත් , අද රාත්‍රී 10.20 ට මාලේ බලා පිටත් වීමට …

මත් මුද්දර ජාවාරමක් නීතියේ රැහැනට

(26.02.2018 – 11:02 +0530 – sinhala.adaderana.lk) මත්ලෝලීන් අතර ප්‍රසිද්ධියට පත් ස්ටෑම්ප් හෙවත් මත් මුද්දර ජාවාරමක් නීතියේ රැහැනට හසුකරදීමට අද දෙරණ උකුස්සාට හැකි විය. හොරණ ගෝනපල ප්‍රදේශයේදී රාත්‍රී සාදයක ස්ටෑම්ප් හෙවත් මත් මුද්දර විශාල වශයෙන් භාවිත වන බවට ලද තොරතුරකට අනුව කොළඹ සුරාබදු විශේෂ වැටලීම් ඒකකය සමඟ එක්ව අද දෙරණ උකුස්සා මෙහෙයුමක් දියත් කළේය. එහි පළමු …

28 දා පැය 12 ක ජල කප්පාදුවක්

(26.02.2018 – 15:42 +0530 – sinhala.adaderana.lk) අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ලබන 28 වනදා දින පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පවසයි. එදින පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වා කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව අදාළ කාලසීමාව තුළ කැළණිය, වත්තල, …

අගමැතිවරයා දැන් රටට විහිළු සපයන්නෙක් වෙලා – මෛත්‍රී ගුණරත්න

(26.02.2018 – 14:23 +0530 – sinhala.adaderana.lk) වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටට විහිළු සපයන්නෙක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පල කළේ ඊයේ පස්වරුවේ කොළඹ රාජගිරියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. තවදුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා, පසුගිය කාලය පුරාම අගමැතිවරයා ගත්ත හැම තින්දුවකටම අසාර්ථකයි …

එජාපයේ දෙවැනි පිපිරීම අත ළඟයි – උදය ගම්මන්පිල

(26.02.2018 – 15:52 +0530 – sinhala.adaderana.lk) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යධූරයවත් ලැබේවි යැයි බලාපොරොත්තු වු තරුණ මන්ත්‍රීවරුන්ට එය නොලැබීම නිසා අසහනයට පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා එසේ අදහස් පළ කළේය. මෙම හේතුව නිසා එක්සත් ජාතික පක්ෂයේ දෙවන පිපිරීම අත ළඟ …

මහ බැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලීසිය බාර දීම, හොර පූසෙකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක් – විමල් වීරවංශ

(26.02.2018 – 16:21 +0530 – sinhala.adaderana.lk) ජනාධිපතිවරයා විකට ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කොට ඇති බවටත් එමඟින් මහ බැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය ද අයත් වන නීතිය හා සාමය අමාත්‍යාංශය භාර දීම හොරා කා පැන යන බළලකුට උම්බලකඩ පොල්ලකින් පහර දීමකට සමාන බවටත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා චෝදනා කර සිටියි. අද (26) ජාතික …

හම්බන්තොට දී පෞද්ගලික බස් රථයක් තුළ වෙඩි ප්‍රහාරයක් – අයෙක් මරුට

(26.02.2018 – 13:09 +0530 – sinhala.adaderana.lk) මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් තුල අද සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයා හම්බන්තොට මහාධිකරණයේ පැවති නඩු විභාගයකින් අනතුරුව යළි නිවස බලා ගමන් ගනිමින් සිටි අයෙක් බවයි. මාතර බස් නැවතුම්පොලින් අම්පාර දක්වා අද (26) මධ්‍යහනයේ ගමන් ආරම්භ කළ පෞද්ගලික බස් රථයක් …

විපක්ෂ නායකයාගේ කාර්යභාරය ඊළාම් සිහිනය සැබෑ කර ගැනීමක් බව හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

(25.02.2018 – nethnews.lk) මුළු රටම නියෝජනය කරන විපක්ෂ නායකයෙකු රටට අවශ්‍ය වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු කියා සිටියේ වත්මන් විපක්ෂ නායකයා එක් පළාතකට පමණක් සීමා වී කටයුතු කරන බවයි. මහනුවර ගැටඹේ විහාරයට අද (25) පැමිණි හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් වෙත මෙම අදහස් පල කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් …

රතු වරෙන්තු ගෙන උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ඩුබායි ගිය අය හිස් අතින් එති

(25.02.2018 – 07:09 +0530 – lankadeepa.lk) ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ද ඇතිව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විදෙස් ගත වූ සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත කණ්ඩායම හිස් අතින්ම ශ්‍රී ලංකාවට පැමිණියේය. ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) වෙතින් ලබා ගත් රතු වරෙන්තු අත ඇතිව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා …

බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විරෝධතාවයක

(25.02.2018 – 20:30 +0530 – sinhala.adaderana.lk) බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාවට කැඳවීමට එරෙහිව සහ දෙමළ ඩයස්පෝරාවට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණි. බ්‍රිතාන්‍යයේ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ සංවිධානය විසින් සංවිධාන කර තිබූ මෙම උද්ඝෝෂණයට යුරෝපයේ රටවල් කිහිපයක ශ්‍රී ලාංකිකයින් එක්ව සිටියේය. බ්‍රිතාන්‍යයේ පැවති එල්.ටී.ටී.ඊ. හිතවාදී …