Monthly archives: මාර්තු, 2018

නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය හෙට සිට ක්‍රියාත්මකයි

(31.03.2018 – 19:01 +0530 – sinhala.adaderana.lk) නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය හෙට (01) සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි. නව ප්‍රතිපත්තියෙන් ක්ෂේත්‍ර රැසක බදු සංශෝධනයට ලක්ව ඇති අතර සේවා නියුක්තිකයින්ගේ ආදායම මත බදු පනවා තිබීම විශේෂත්වයකි. 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනතේ බදු විධිවිධාන අප්‍රේල් 01 වැනිදා සිට එනම් …

අපේක්ෂා රෝහලේ අපේක්ෂාවන් ඉටුවෙමින් පෙට් ස්කෑනර් යන්ත්‍රය අප්‍රේල් 1 ජනතා අයිතියට

(31.03.2018 – 09:39 +0530 – sinhala.adaderana.lk) පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත ලබාගත් පෙට් ස්කෑනර් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කර අප්‍රේල් (01) සිට සේවා කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. මෙම පෙට් ස්කැනර් යන්ත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් මස 24 දින ගුවන් මඟින් ශ්‍රී ලංකාවට ගෙන් වූ අතර එය …

උදයංග පිටුවහල් කරන්න

(31.03.2018 – 12:30 +0530 – hirunews.lk/sinhala) ඩුබායි හිදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග වහාම මෙරටට පිටුවහල් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වන …

හන්තාන බෞද්ධ මධ්‍යස්ථානය කඩා දැමුවේ කවුද ?

(30.03.2018 – 19:25 +0530 – hirunews.lk/sinhala) උඩරට අමරපුර මහ නිකාය සතු මහනුවර හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි පසුගියදා කිසියම් පිරිසක් කඩා බිදදමා විනාශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද එහි විමර්ශන චාරිකාවක නිරත උඩරට අමරපුරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමියන් ඇතුළු පිරිසකට පොලීසියෙන් බාධා එල්ලවුණා. අමරපුර මහ නිකාය සතු මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කිසියම් …

වෙසක් දිනවල තොරණ සහ දන්සල් තහනම් කිරීමක් නැහැ

(30.03.2018 – 20:53 +0530 – sinhala.adaderana.lk) වෙසක් පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් තහනම් කිරීමක් සිදු කර නැති බව රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ : වෙසක් පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් තහනම් කිරීමක් සිදු කර නැහැ – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය වෙසක් සහ පොසොන් පොහෝ …

විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂයේ ස්ථාවරය අප්‍රේල් දෙවන දා – රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

(30.03.2018 – 15:23 +0530 – sinhala.adaderana.lk) අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධ වීමට කිසිඳු හැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. මහ …

බුද්දදාස පන්නා දමා කඩුවෙල මුදාගනී.. විමල්ගේ ගෝලයා බුද්ධික කඩුවෙල නගරාධිපති වේ..

(30.03.2018 – 10:00 +0530 – lankacnews.com) දීර්ඝ කාලයක් තිස්සේ කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කල ජී.එච්. බුද්ධදාස මහතා පරාජයට පත් කරමින් එහි නව නගරාධිපතිවරයා ලෙස පත්ව ඇත්තේ බුද්ධික ජයවිලාල් මහතායි. ඔහු වැඩ බාර ගැනීමේ උත්සවය ඊයේ දිනයේ පැවැත්වුයේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙනි. බුද්ධික ජයවිලාල් මහතා ජාතික නිදහස් …

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් සිතා මතා විකෘති කිරීම, හානි කිරීම හා වෙනස් කිරීම

(29.03.2018 – cbsl.gov.lk/si/) 2018.03.31 දිනෙන් පසු සිතා මතා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු හුවමාරු කිරීමේ දී සාමාන්‍ය මහජනතාව මුහුණ දෙන අපහසුතා හා ඔවුන්ගේ බලවත් ඉල්ලීම සැලකිල්ලට ගනිමින් එ වැනි මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් හුවමාරු කිරීමේ සේවාව අඛණ්ඩ ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන ලදී. ඒ අනුව, එ …

1. කොළඹ පාතාලය මෙහෙයවූ පිරිසක් අල්ලයි – 2. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ අභාවප්‍රාප්ත වෙයි

(29.03.2018 – 16:53 +0530 – hirunews.lk/sinhala) මාකදුරේ මධුෂ් ඩුබායි හී සැගව සිටි කාලයේදී ඔහු සමග එක්වී කොළඹ පාතාලය මෙහෙයවූ කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල නායකයාගේ ඥාතීන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයකු අද (29) කෙසෙල්වත්ත මුහන්දිරම් මාවතේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා. ජීව උණ්ඩ 6ක් සමග මෙසේ අත්ඩංගුවට ගත්තේ දිනුක නැමැත්තාගේ පුංචි අම්මා, ඥාති සහෝදරයෙක් …

වැලිකඩ සිද්ධියට බන්ධනාගාර කොමසාරිස් අත්අඩංගුවට

(29.03.2018 – 12:04 +0530 – hirunews.lk/sinhala) 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ කොළඹ 9 බේස්ලයින් පාර ප්‍රදේශයේ පිහිටි බන්ධනාගාර නිල නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් බන්ධනාගාර …