Day archives: අප්‍රේල් 6th, 2018

අගමැති ආලවක යකාට අහුවුණා වගේ – හෑගොඩ විපස්සි හිමි

(06.04.2018 – lakbima.lk) විශ්වාසභංගයෙන් ජය ලැබිමට දෙමළ සන්ධානයේ කොන්දේසිවලට අගමැතිවරයා එකඟවීම අලව් රජු ආලවක යකාට හසුවුණා වගේ භයානක සිදුවීමක් යැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ කියති. විශ්වාසභංගයේදී අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන තම අරමුණු ඉටු කර ගත්තේ දෙමළ සන්ධානය බවත් ඒ අනුව බලනවිට විශ්වාසභංගයෙන් ජය ලබා ඇත්තේද අගමැති නොව දෙමළ සන්ධානය බවත් විපස්සි …

කන්තලේ ගම්වාසීන්ට පහරදුන් වලහා මරුට

(06.04.2018 – 14:33 +0530 – lankacnews.com) කන්තලේ 97 – සිරාජ් නගර් ප්‍රදේශයේදී වෙළඳසැල් දෙකකට ඇතුළු වූ වලහෙකු සිදුකළ පහරදීමකින් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. පසුව මෙල්ල කිරීමට පැමිණි කන්තලේ වනජිවි කාර්යාලයේ නිලධාරින්ට ද වලහා පහරදී තිබෙනවා. එහිදී සිදුවූ වෙඩි තැබීමකින් වලහා මියගිය බවයි වනජිවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. සිද්ධියෙන් තුවාල ලැබූ සිව්දෙනා කන්තලේ …

විශ්වාස භංගයට පක්ෂ වූ ශ්‍රීලනිප කණ්ඩායමට විධායක රැකවරණය..?

(06.04.2018 – lankanewsweek.com) ජනාධිපතිවරයා ලෙස සිය වැඩ කටයුතු සහ තීන්දු තීරණ අභියෝගයට ලක් කළොත් හෝ ඊට බාධා එල්ල කළොත් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ඉදිරියේදී ගැනීමට තමාට සිදු වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ට අනතුරු අඟවා තිබේ. 2020 ජනාධිපතිවරණයට තරඟ කිරීමට තමාට අදහසක් නොමැති නිසා සිය …

රට පුරා පොහොට්ටු පිපේ.. පුංචි ආණ්ඩු 211 ක බලය පිහිටුවයි.. අලුත් අවුරුද්දට පෙර 220 පනී..

(06.04.2018 – 11:20 +0530 – lankacnews.com) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට පළාත් පාලන ආයතන 211 ක බලය පිහිටුවා අවසන් කර ඇත. පළාත් පාලන ආයතන තුළ බලය දිනාගැනීමේදී සාම්ප‍්‍රදායිකව එක්සත් ජාතික පක්ෂ බල කදවුරු ලෙස ප‍්‍රකට මහ නගර සභා බහුතරයෙහිද බලය දිනාගැනීමට පොදුජන පෙරමුණ සමත් වීම විශේෂත්වයකි. පසුගිය පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලවලට අනුව ශ‍්‍රී …

කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍රවල ශබ්දය වහාම අඩු කරන්නැයි මහාධිකරණයෙන් නියෝගයක්

(05.04.2018 – 21:14 +0530 – sinhala.adaderana.lk) ”දෙවියන්ට මනුෂ්‍යන්ට වඩා හොදින් කන් ඇසෙන නිසා කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍රවල ශබ්දය වහාම අඩු කොට දෙවියන් උදෙසා භක්තියෙන් යුතුව පූජා පවත්වන්නැයි” යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන් මහතා යාපනයේ නායන්මාර්කණ්ඩු කෝවිලේ පූසාරිවරයාට නියෝග කොට තිබේ. මීට සති තුනකට පෙර මෙම කෝවිලේ ශබ්ද වාහිනී යන්ත්‍රවල හඩ අඩුකරන ලෙස යාපනය මහධිකරණ විනිසුරුවරයා නියෝගයක් …

ජනාධිපති ශ්‍රීලනිප ඇමතිවරුන්ට දුන් උපදෙස් මොනවාද ?

(05.04.2018 – bbc.com/sinhala) ආණ්ඩුව තුළ අනිවාර්යයෙන් රැඳී සිටිමින් කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම කණ්ඩායමෙන් ඉල්ලීමක් කළ බවත්, ජනාධිපතිතුමාගේ කැමැත්ත අනුව ඇමති පදවිවල දිගටම රැඳී සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා එම ප්‍රකාශය කළේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව …