Day archives: අප්‍රේල් 13th, 2018

උතුරේ සිංහලයන්ට අවුරුදු කන්න දෙනු…

(13.04.2018 – 15:00 +0530 – lankacnews.com) ඊයේ සහ පෙරේදා දින දෙකේ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු කිහිප දෙනෙක් උතුරේ සිංහල ගම්මාන කිහිපයකට සහ බෞද්ධ වෙහෙර විහාර කිහිපයකට පැමිණියහ. උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, එම්.කේ.සිවාජිලංගම්, පී.සත්‍යලිංගම්, ටී.රවීකරන්, ජී.ටී.ලිංගනාදන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී වූහ. ඔවුන් මෙසේ පැමිණියේ උතුරේ සිංහලයන්ට අවුරුදු සැමරීමට අග හිඟ …

නිදහස් පක්ෂ 16 යේ කල්ලිය, 25 ක් වෙයි

(13.04.2018 – 07:32 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනාගේ කණ්ඩායමට තවත් එම පක්ෂයේම පිරිසක් සහය පළ කර ඇති බව හිටපු අමාත්‍ය, එස්. බී. දිසානායක මහතා පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වනවිටත් එම 16 කල්ලිය 25 දක්වා ඉහළ ගොස් …

රනිල් පරද්දන්න සිතියමකුත් අරගෙන මෛත‍්‍රී ගාවට ගිය කෙනාට වූ දේ…

(13.04.2018 – 13:20 +0530 – lankacnews.com) තම පක්‍ෂයේ සිට රනිල් පරද්දන්න යයි කියමින් සිතියම් දෙකකුත් අරගෙන මෛත‍්‍රි ගාවට ගිය කෙනා රනිල් පන්නන විශ්වාස භංගයේදී අතුරුදහන් වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි. එම පක්‍ෂය විසින් සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මේ බව කීය. විශ්වාසභංගයෙන් දිනන්න රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දෙමළ …

ග්‍රීසියේ සිදු වූ විනාශය ලංකාවේ සිදුවිය හැකියි – දිනේෂ් ගුණවර්ධන

(13.04.2018 – mawbima.lk) අද අප රට තුළ ක්‍රියාත්මක වන වැරැදි ආර්ථික කළමනාකරණය නිසා ආයෝජකයන් ආපසු හැරී යනවා. එවිට රජය අලුතින් සල්ලි අච්චු ගසා රටේ උද්ධමනය පියවීමට උත්සාහ කරනවා. ඉන් සිදුවන්නේ රට තවත් දරුණු ලෙස ආර්ථික අවපාතයක් වෙත ගමන් කිරීමයි. ඒ එදා ග්‍රීසියේ ඇති වූ ආකාරයේ දරුණු මූල්‍ය අර්බුදයක් කරා අප රටද ඇදී යෑමක් සිදු විය …

ජනාධිපති කඩුව ගන්න විදිහට වැඩේ කළානම් අගමැති දැන් ගෙදර

(12.04.2018 – 13:56 +0530 – lankadeepa.lk) ‘‘ජනාධිපති සිරිසේන මහත්තයාගේ වැනෙන සුළු ප්‍රතිපත්ති හින්දා විශ්වාසභංගයට පෙර දවසේ ඒ පක්ෂයේ පිරිස ගත් තීරණය නිසා තමයි අපි පැරදුණේ. සිරිසේන මහත්තයා කඩුව ගන්නවා එළියට. දාගන්නවා කොපුවට. ආයේ එළියට ගන්නවා. ආයෙත් කොපුවට දාගන්නවා. කඩුව එළියට ගන්න විදියට වැඩේ කළා නම් රනිල් ගෙදර’’ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් …

ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම්වලට විකල්ප ක්‍රම ඔස්සේ විසදුම් සෙවිය යුතුයි – යුධ හමුදාපති

(12.04.2018 – 18:41 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා යුධ හමුදාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම්වලට විකල්ප ක්‍රම ඔස්සේ විසදුම් සෙවිය යුතු බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිලිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය. ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා මෙරට හමුදා සාමාජිකයින් සහභාගීකරවීමට අදාළ නව ක්‍රමවේදයක් ද …

හිරු සී.අයි. ඒ හෙළිකළ අමුතු වෙදකම

(12.04.2018 – 21:59 +0530 – hirunews.lk/sinhala) හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කළේ විශ්ව ශක්තියෙන් අංශභාග, පිළිකා, වකුගඩු ඇතුළු දරුණු රෝගාබාධ කිසිදු ඖෂධයක් නොමැතිව සුවකළ හැකි බවට අභියෝග කරන පුත්තලම – මදුරන්කුලිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු පිළිබදවයි. ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරයේ පවතින දොස් තම දෑතට ලබා ගන්නා බව පවසමින් කාන්තාවන් ස්පර්ශ කරමින් මොහු සිදු කරන්නේ …

නිදහස් පක්ෂය තුළ ඡන්දයක් – මහලේකම්ගේ මාධ්‍ය හමුවත් අවලංගුයි

(12.04.2018 – 18:40 +0530 – hirunews.lk/sinhala) තමන් දරණ අමාත්‍ය ධුරවලින් ඉවත් වුව ද ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනවා ද නැද්ද යන්න පිළිබදව එළඹෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් දැනුම්දෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු අමාත්‍යවරුන් එම පක්ෂ මූලස්ථානයේ අද කැදවා …

එජාප 2018 ප්‍රතිසංස්කරණයත් පුස් වෙඩිල්ලක්..!

(12.04.2018 – lankanewsweek.com) සුදත් චන්ද්‍රසේකර වන මේ ලියුම්කරුත්, මේ ලියුම්කරුගේ කණ්ඩායමත් රට පුරා ගම් නියම්ගම් සිසාරා ගොස් එක්සත් ජාතික පාක්ෂිකයින් සංවිධානය කිරීමේදී එම පාක්ෂිකයින් අපගේ වචනය විශ්වාස කොට,පිළි ගෙන ඒ අයගේ දරුපවුල්, රැකී රක්ෂා, ව්‍යාපාර අමතක කොට, දිවි හිමියෙන් එකා වගේ අප සමග අත් වැල් බැද එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමට පෙරමුණ ගත්හ. එක්සත් ජාතික …