යාපනය සරසවිය දින නියමයක් නොමැතිව වසා දමයි – ශිෂ්‍ය නේවාසිකාගාරයේ බුදු පිළිමයක් තැබීමට පාලන අධිකාරියේ විරෝධතාවය
(23.04.2018 – 20:25 +0530 – sinhala.adaderana.lk) යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ බුදු පිළිමයක් තැබීමට විරුද්ධව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විශ්වවිද්‍යාලය අද (23) දින නියමයක් නැතිව වසා දැමීමට කටයුතු කර ඇති බව විශ්වවිද්‍යාල සිසුන් පවසති. විශ්වවිද්‍යාල සිසුන් පැවසූවේ සරසවි නේවාසිකාගාර තුළ අනෙකුත් ආගම්වල සිසුන්ට සිය ආගමික වතාවක් සිදුකිරීමට ස්ථාන පවතින අතර, විශ්වවිද්‍යාලයේ බහුතර සිංහල සිසුන් පිරිසක් සිටන …