Day archives: අප්‍රේල් 27th, 2018

වත්තල පෞද්ගලික බැංකුවක් මිරිස් කුඩු ගසා කොල්ල කයි

(27.04.2018 – 17:03 +0530 – sinhala.adaderana.lk) අද (27) දහවල් 2.30 ට පමණ වත්තල පිහිටි පෞද්ගලික බැංකුවක් කොල්ල කා පලා ගොස් ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් එහි ආරක්ෂක නිලධාරියා වෙත මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර බැංකුව තුළට ගොස් තිබේ. අනතුරුව කවුන්ටරයේ තිබු රුපියල් ලක්ෂ හත හමාරක් කොල්ල කා ඔහු පැමිණි යතුරු පැදියෙන්ම පලා …

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපය තුළ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය සමථයකට පත්වේ

වවුනියා මණ්ඩපය නිවෙයි (26.04.2018 – 20:29 +0530 – sinhala.adaderana.lk) යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපය තුළ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය මණ්ඩපාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට මුළුමනින්ම සමථයකට පත් කළ බව වවුනියාව හා මන්නාරම දිසාවන් බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පැවසීය. මෙම විශ්වවිද්‍යාලය තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති වූයේ වෙසක් සතිය නිමිත්තෙන් විශ්වවිද්‍යාල භූමිය තුළ බුදු පිළිමයක් තැන්පත් කිරීමට …

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණෙන් ඇමති මලික්ට අභියේගයක්

(26.04.2018 – 19:05 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකාව සහ සිංප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් භාණ්ඩ හා සේවා ගිවිසුමෙන් රටට ලැබෙන වාසිය කුමක්දැයි පැහැදිළි කරන ලෙස වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට අභියෝග කරයි. අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාව …

‘රෝ – සී. අයි. ඒ. ඒජන්සියක්’ වුණු වත්මන් ජනතා විමුක්ති පෙරමුණ 88-89 දී දිවි පිදූ 60,000 ක සොහොන් කොත්වලට මුත‍්‍රා කරයි..

88-89 දී දිවි පිදූ 60,000 ක සොහොන් කොත්වලට ජවිපෙ මුත‍්‍රා කරයි.. (27.04.2018 – 03:26 +0530 – lankacnews.com) 1987 දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක වූ පූර්ණ සන්ධීය රාජ්‍යයක් බිහිවීම වැළැක්වීමට එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාට ව්‍යවස්ථා බාධක හෙවත් ‘අඩ කොට’ තැබීමට සිදු වූයේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පිදූ ජවිපෙ සාමාජිකයන් 60,000 කගේ පරිත්‍යාගයන් හේතුවෙන් …

හිරු සී.අයි.ඒ. : හෑෂ් මත්ද්‍රව්‍ය කොටුකළ මෙහෙයුම

(26.04.2018 – 21:41 +0530 – hirunews.lk/sinhala) විදේශිකයින්ගෙන් මෙන්ම මෙරට ධනවත් තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් හෑෂ් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර බෙදාහරින මහාපරිමාණ ජාවාරමක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති හරහා ඊයේ අප අනාවරණය කළා. හික්කඩුව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන ගිය මෙම ජාවාරම වටලනු ලැබුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්. අද හිරු …

රනිල්ගේ රෙදි ගලවන ෆයිල් තොගයක් රවී ලඟ.. රවී ඉවත් නොරකන හේතුව මේකයි..

(26.04.2018 – 23:00 +0530 – lankacnews.com) එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානයෙන් පසු එම පක්‍ෂ ඉදිරිපෙල හා පසුපෙල සියළු මන්ත‍්‍රිවරුන් සියළු දෙනා ඉන්නේ ඇටිකෙහෙල් කෑ උගුඩුවන් වගේයයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි. රට පුරාම පාක්‍ෂිකයන් කියන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාට නායකත්වයෙන් ඉවත් වන ලෙස යයි එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් මෛත‍්‍රී ගුණරත්න මහතා කියා සිටී. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රෙදි …