Monthly archives: මැයි, 2018

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (01.06.2018) ජල කප්පාදුවක්

(31.05.2018 – 16:01 +0530 – hirunews.lk/sinhala) කැළණි දකුණු ඉවුර ජල සම්පාදන ක්‍රමයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (01.06.2018) පැය 12 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, හෙට රාත්‍රී 7 සිට ලබන සෙනසුරාදා පෙරවරු 7 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ පෑලියගොඩ, ජා-ඇල, වත්තල …

ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තේ කවුද ?

(31.05.2018 – 18:49 +0530 – hirunews.lk/sinhala) පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් දේශපාලනඥයින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් අදහස් පළ වනවා. මේ පිළිබදව දැඩි අවධානයක් යොමුවූයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 118 දෙනෙකු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සමගයි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් …

මහින්දට ගෙදර යන්න හෙලිකොප්ටර් දුන්නේ මමයි කියා ජනපති මෛත‍්‍රී 2016 අප්‍රේල් කියූ වීඩියෝව සමාජ ජාලා කළඹයි….

(31.05.2018 – 10:00 +0530 – lankacnews.com) 2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තංගල්ලට යාම සදහා හෙලිකොප්ටර් දුන්නේ කවුදැයි තමන් නොදන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ (30) කියා සිටියේය. අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වන ගුන සමරුව අමතමින් සිදු කල දැඩි ආවේගකාරී කතාවේදී ඔහු …

සෝබිත හිමි හඬ නැගුවේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මිස ජනාධිපති පත් කරන ක්‍රමය වෙනස් කිරීමට නොවෙයි.. රතු අලි පැටවුන්ගේ 20 සංශෝධනයේ තදියම මොකක්ද..?

(31.05.2018 – 16:40 +0530 – lankacnews.com) සෝබිත ස්වාමීන් වහන්සේ හඬ නැගුවේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මිස ජනාධිපති පත් කරන ක්‍රමය වෙනස් කිරීමට නොවන බව දේශප්‍රේමී වෘතිකයින් විසින් කැඳවා තිබූ ප්‍රවෘතී සාකච්ඡාවක දී ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන 20 ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ගැන අදහස් දක්වමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පෙන්වා දුන්නේය. “1978 සැප්තැම්බර් 7 වනදා සිට …

ජනාධිපතිගේ සෝභිත හිමි ගුණ සමරු කතාව තුන් වසරක් රටට වැඩක් කරගැනීමට නොහැකි වීමේ අදෝනාවක්.. විපක්‍ෂයේ චෝදනා නිල වශයෙන් පිලි ගැනීමක්..

(31.05.2018 – 15:50 +0530 – lankacnews.com) සෝභිත හිමියන්ගේ ගුණසමරුවට ගොස් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පසුපස හැංගී ඇත්තේ වසර තුනක් විධායක ජනාධිපති ධුරය දැරුවත් රටට දැනෙන වැඩක් කරගැනීමට නොහැකි වීමේ අ‍දෝනාව බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. (File Photo) ඉදිරි ජනාධිපතිවරණයේ දී හිමිවන නිසැක පරාජය හමුවේ වියරු වැටී මරුවිකල්ලෙන් කියවන …

කොළඹ ගංවතුර පාලනයට බෞද්ධාලෝක මාවත යටින් මහ උමගක් – චීනය සමග ගිවිසුමක්

(30.05.2018 – nethnews.lk) = කොළඹ ගංවතුර පාලනයට බෞද්ධාලෝක මාවත යටින් මහ උමගක් – ලංදේසි යුගයෙන් පසු කෙරෙන විශාලම ව්‍යාපෘතිය අරඹන්න චීනය සමග ගිවිසුමක් = කොළඹ නගරයේ ගංවතුර පාලනය සඳහා නව උමං මාර්ග දෙකක් සැලසුම් කර ඉදිකිරීම සඳහා චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අතර ගිවිසුම් අත්සන් කිරීම අද (30) පැවැත්වුණා. …

ගම්මන්පිලගේ අභියෝගය අනුර කුමාර පිළිගනී – 20 ගැන විවාදය 7 වෙනිදා බලයේ දී

(30.05.2018 – 18:00 +0530 – hirunews.lk/sinhala) ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කල 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අභියෝගයක් එල්ල කළා. එම අභියෝගය ජනතා විමුක්ති පෙරමුණේ නායකයා එදිනම හිරු …

අර්ජුන් ඇලෝෂියස් තමන්ට ද මුදල් දුන් බව ෆොන්සේකා කියයි

(30.05.2018 – 20:23 +0530 – hirunews.lk/sinhala) බැඳුම්කර වංචා චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝෂියස් මැතිවරණ කටයුතු සඳහා තමන්ට ද මුදල් ලබාදුන් බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද පස්වරුවේ මල්වතු පාර්ශ්වයේ මහ නා හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මේ අතර, අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගෙන …

හිරු සී.අයි.ඒ. : ප්‍රමිතියක් නැති බස් වඩේ

(30.05.2018 – 20:30 +0530 – hirunews.lk/sinhala) දුර ගමන් සේවා බස් රථවලට නැග ආහාර අලෙවි කෙරෙන මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන් පිළිබදව සොයා බැලීමට අප ක්‍රියාත්මක වුණේ හිරු සී.අයි.ඒ.ප්‍රේක්ෂකයෙකුගේ ඉල්ලීමක් මතයි. බස් මගීන් මෙවැනි පුද්ගලයින්ගෙන් ආහාර මිලදී ගන්නේ බොහෝ විට කුඩා දරුවන්ට ලබාදීම සදහායි. එහෙයින් ඒවා පිරිසිදු මට්ටමක තිබීම අනිවාර්ය වනවා. එහෙත් , තොරතුරු ලබාදුන් පුද්ගලයා පැවසු …

ලංකාවේ තරග පාවාදීමේ කතාව දුරදිග යයි

(30.05.2018 – mawbima.lk) ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් අල් ජසීරා පුවත් සේවය නිකුත් කළ වාර්තාමය වැඩසටහනේදී හෙළිදරව් වූ පුද්ගලයන් පිළිබඳ සියලුම සාක්ෂි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට (අයි.සී.සී) ලබා දෙන ලෙස එම කවුන්සිලයේ දූෂණ මර්දන ඒකක ප්‍රධානී ඇලෙක්ස් මාෂල්, අල් ජසීරා පුවත් සේවයෙන් ඉල්ලීමක් කර ඇති අතර එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පවසා සිටින්නේ එම වාර්තාමය වැඩසටහනෙන් තම …