Monthly archives: ජූනි, 2018

කැතකුණු අතගෑ ලාංකික ගෘහසේවිකාවගේ මිනියට අරාබියේ සිට මීගමුවට ආ හාම්පුත්තු කරගසති

(29.06.2018 – gossiplankanews.com) එදා දවස පුරාවටම වැහි බීරම දසත පැතිරී යද්දී කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ මළහිරු බැස යන යාමයේ ජා-ඇළ සිට කපුවත්ත මිහිදන් පිටියට කාගෙත් දෙනෙතට නුහුරු නුපුරුදු ශෝචනීය දුලභ ගනයේ දසුනක් දකින්නට ලැබුණේය. කාන්තාවන් දෙදෙනකු පෙරටුකරන්ගෙන උස මහතට හැදුණු වැඩුණු අරාබි ජාතිකයන් 6 දෙනෙකු මිනියක් කර තබාගෙන යන අයුරු මළගෙදර සැමට මවිතයට හේතුවක් …

මලික් සමරවික්‍රම ඇමතිවරයා නාහිමිවරුන්ට අසත්‍ය තොරතුරු ලබාදීලා

(29.06.2018 – nethnews.lk) සිංගප්පූරු වෙළද ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍ය මලිත් සමරවික‍්‍රම මහා නාහිමිවරුන්ට පවා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව තොරතුරු තාක්‍ෂණ වෘත්තියවේදීන්ගේ සංසදය පවසනවා. එහි සභාපති කපිල පෙරේරා මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබද මෙලෙස කරුණු පැහැදිලි කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ අමාත්‍යධුරය සමබන්ධයෙන් ජනාධිපතිවරයා තීරණයක් ගත යුතු බවයි. මෙම …

EAP සමූහ ව්‍යාපාරය විකිණීම ගැන සිංහලේ ජාතික පෙරමුණ සහ රාවණා බලයෙන් ජනපතිට සංදේශයක්

(29.06.2018 – 19:23 +0530 – hirunews.lk/sinhala) ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයට අයත් සමාගම්, දෙමළ ඩයස්පෝරාවට අයත් රාජ්‍ය නොවන සංවිධානයක් මිලදී ගැනීම සහ කරුණු කිහිපයක් පිළිබද අවදානය යොමු කරන ලෙස ඉල්ලමින් රාවණාබලය සහ සිංහලේ ජාතික පෙරමුණ අද ජනාධිපති කාර්යාලයට සංදේශයක් භාර දුන්නා. ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම මහතා වෙත එම සංදේශය භාර දුන් බවයි අදාළ සංවිධානවල නියෝජිතයන් ප්‍රකාශ …

පෞද්ගලික සිනමා මණ්ඩල චිත්‍රපට කර්මාන්තයට කිසිදු ආයෝජනයක් සිදුකර නැහැ – ප්‍රවීනයින්

(29.06.2018 – 20:31 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික සිනමා මණ්ඩල චිත්‍රපට ප්‍රදර්ශනයෙන් මිලියන ගණනින් ලාභ ඉපැයුවද චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කිසිදු ආයෝජනයක් සිදුකර නොමැති බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සඳහන් කරනවා. ඒ, අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා පෞද්ගලික සිනමා මණ්ඩල සඳහා පැවති ඒකාධිකාරය අහෝසි කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණේ විෂයභාර …

ගෑස් මිල අද (29) මධ්‍යම රාත්‍රියේ සිට පහළට

(29.06.2018 – 16:58 +0530 – hirunews.lk/sinhala) අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් පහත දමා තිබෙනවා. ජීවන වියදම් කමිටුව ගත් තීරණයකට අනුව මෙලෙස ගෑස් මිල පහත දැමීමට තීරණය කළ බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ. පසුගිය අප්‍රේල් මස 27 වනදා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 245 …

මාතර වෙඩි තැබීමේ තවත් සැකකරුවෙකු හඳුනා ගනියි – හබරකඩ වසන්තගේ බිරිඳ අත්අඩංගුවට

(29.06.2018 – 08:24 +0530 – sinhala.adaderana.lk) මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණි සැකකරුවෙකු පොලීසිය විසින් හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. හබරකඩ වසන්ත නැමති මෙම පුද්ගලයා සොයා පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වී ඇති අතර, අදාළ සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි ඔහුගේ නිවසේ සිටින ඇතැයි පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය …

සිංගප්පූරු වෙළඳ ගිවිසුම කිව්වට මෙක ලෝක වෙළඳ සංවිධානය සමග ගහපු ගිවිසුමක්

(28.06.2018 – lankatruth.com) සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම නමින් හැඳින්වුවද එම ගිවිසුම ලෝක වෙළඳ සංවිධානය සමග අත්සන් කළ වෙළඳ ගිවිසුමක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභි, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. “ශ‍්‍රී ලංකා-සිංගප්පූරු ගිවිසුම හා ආර්ථිකයේ හෙට දවස” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද (28) කොළඹදී සංවිධානය කර තිබූ …

විදුහල්පති ස්ථාන මාරු කළ වරදට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන්න හිටපු මහ ඇමතිට නියමවෙයි

(28.06.2018 – newsfirst.lk/sinhala) උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. 2016 වසරේ සැප්තැම්බර් මස 14 වන දා අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ කරුණාරත්න බණ්ඩාර මහතාට නීති විරෝධී ලෙස ස්ථාන මාරුවක් ලබාදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු …

ඔට්ටුසුඩාන් ප්‍රදේ‍ශයේ සිදුකළ මෙහෙයුමට දේශපාලනය මැදිහත්වීම නිසා විශාල පාවාදීමක් සිදුවෙලා

(28.06.2018 – 17:57 +0530 – sinhala.adaderana.lk) පසුගියදා ඔට්ටුසුඩාන් ප්‍රදේශයෙන් LTTE අවි ආයුධ සහ ඇඳුම් කට්ටල සොයාගැනීමේ සිදුවීමට දේශපාලනය මැදිහත්වීම නිසා විශාල පාවාදීමක් සිදුව ඇති බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. අද (28) පැවති මාධ්‍යහමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. පසුගියදා ඔට්ටුසුඩාන් ප්‍රදේශයෙන් LTTE අවි ආයුධ සහ ඇඳුම් කට්ටල සොයාගැනීමේ සිදුවීම …

පන්සලට පැමිණි නොදරුවාට ගමම හඬවමින් අත් වූ අවාසනාවන්ත ඉරණම

(27.06.2018 – 19:15 +0530 – hirunews.lk/sinhala) පොකුණකට වැටී කුඩා දරුවෙක් මියයයි සුරතල් මසුන් ඇති කරන කුඩා පොකුණකට වැටී වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකු මියගිය පුවතක් හබරාදූව – කොක්වත්ත ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානයෙන් වාර්තාවුණා. එහි පොකුණකට වැටී ඊයේ මෙලෙස මියගොස් ඇත්තේ වංචාවල – අත්තරගොඩ පදිංචිගොඩ කුඩා දරුවෙක්. පොකුණ අසළ තිබූ කුඩා බාල්දියකින් වතුර ගැනීමට උත්සාහ කිරීමේදී දරුවා …