Day archives: ජූනි 2nd, 2018

දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක් කරගනිමින් නව පෙරමුණක්

(02.06.2018 – 17:18 +0530 – sinhala.adaderana.lk) දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක් කරගනිමින් නව පෙරමුණක් නිර්මාණය කිරීම සඳහා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව දැන් සිටියා ඇති බවත් ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙසයි. මේ වන විට …

වීදාගමදී තරුණයෙකු ජීප් රථයක ගැටෙන හැටි CCTV කැමරාවේ සටහන් වෙයි

(02.06.2018 – 17:11 +0530 – hirunews.lk/sinhala) බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේදී ජිප් රථයක ගැටීමෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ සවස නොසැලකිලිමත් ලෙසට මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී ඔහු අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ වීදාගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්. ඔහු මේ වන විට කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. …

වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ ශ්‍රී ලාංකිකයන්ට පහර දෙන්න මොන්සැන්ටෝව අත දිග හැර වියදම් කරලා. විකිලීක්ස් පන්නයේ හෙළිදරව්වක්…

(02.06.2018 – 14:10 +0530 – lankacnews.com) ශ්‍රී ලංකාව ඇතුළු ඝර්ම කලාපීය රටවල කෘෂිකාර්මික ජනප්‍රජාව අතර පැතිර යන වකුගඩු රෝගයට ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගම නිෂ්පාදනය කරන කෘෂිරසායන හේතුවන බව පෙන්වා දුන් ශ්‍රී ලාංකික පර්යේෂකයන්ට සහ ඔවුන්ගේ පර්යේෂණවලට අපහාස කිරීමට මොන්සැන්ටෝ සමාගම 2014 වසරේ සිට ව්‍යාපෘතියක් දියත් කළ බව “කැරේ ගිලාම්” නම් ගවේෂණශීලී ජනමාධ්‍යවේදිනියක් පළ කල “ වයිට් …

බදුර්දීන් හරහා අන්තවාදී හා වහබ්වාදී මුස්ලිම් රටවල් ලංකාවට අතපෙවීම් කරනවා – නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු

(01.06.2018 – colombotoday.com) විල්පත්තුව පිලිබදව නඩු පවරන බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසනවා. රක්ෂිත වනයක් විනාශ කිරීමට කිසිවෙකුට බලයක් නොමැති බවත් ඒ සඳහා නිත්‍යානුකුල අවසරයක් ලබාදීමට කිසිවෙකුටත් නෛතික බලයක් නොමැති බවත් ඒ මහතා පවසනවා. විල්පත්තු සංහාරය නීති විරෝධී ක්‍රියාවක් බවත්, රජයට කිසිසේත්ම රක්ෂිත වනාන්තරයක් විනාශ කල නොහැකි බවත් වනය කපනකොට කොහෙත්ම නිත්‍යානුකුල අවසරයක් ගෙන නොමැති …