Day archives: ජූනි 5th, 2018

ටී එන් එල් රුපවාහිනී සේවාවේ පොල්ගවෙල විකාශනාගාරය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මුද්‍රා තැබේ

තැන් කීපයක TNL රූපවාහිනියේ විකාශන කටයුතු නවතියි (05.06.2018 – 15:11 +0530 – sinhala.adaderana.lk) ටෙලිශාන් නෙට්වර්ක් (පුද්ගලික) සමාගමට අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය අද (05) දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වටලා එම විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගත් බවත් එසේ සිදු කරනු ලැබුවේ අධිකරණයෙන් ලබා ගත් අවසරයක් මත බවත් නිවේදනයක් නිකුත් …

ජනාධිපතිවරණය අහෝසිකර රටට ‘ශික්‍ෂණය’ ගෙන ඒමට අනුර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිලට ගත හැකි පුද්ගලයකු ජනාධිපති කිරීමට යෝජනා කරයි..

(05.06.2018 – 15:50 +0530 – lankacnews.com) ශික්‍ෂණයට වඩා සමීප මුළු රටේම ජනතාවගේ කැමැත්තෙන් ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම ද? නැතහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිලට ගත හැකි අර්ජුන් ඇලෝසියස් වැනි පුද්ගලයකු ජනාධිපති ධුරයට පත් කර ගැනීම ද? යන ප්‍රශ්නයට ජනාධිපතිවරණය අහෝසිකර රටට ශික්‍ෂණය ගෙන ඒමට යෝජනා කරන ජවිපෙ නායකයා විසින් පිළිතුරු ලබා දිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ …

විල්පත්තුව වගේ තවත් ස්ථාන කිහිපයක දැවැන්ත විනාශයක්

(05.06.2018 – nethnews.lk) විල්පත්තුව ආශ්‍රිතව සිදුවූවාක් මෙන් මහා පරිමාණ වන විනාශයක් තවත් ස්ථාන කිහිපයකම සිදුවෙමින් ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙනවා. ඔවුන් ඒ පිළිබඳ කරුණු දැක්වූයේ අදට යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි. පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්‍ෂ සජීව චාමිකර මහතා සඳහන් කළේ වස්ගමුව ජාතික වනෝද්‍යානයෙන් අක්කර 10000 ක් සහ දුම්බර අඩවිය ආශ්‍රිතව පිහිටා තිබෙන …

සල්ලි ගත්තේ කවුද ? – ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

(05.06.2018 – 07:32 +0530 – hirunews.lk/sinhala) මහබැංකු බැඳුම්කර වංචාව සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් පුද්ගලයින් පිළිබදව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා. අද දිනයේදී පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබදව කථානායක කරු ජයසූරිය වෙත දැනුම් දීමට සූදානමින් සිටින බවයි ඒකාබද්ධය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට …