Day archives: ජූනි 6th, 2018

සමාජ වෙබ් අඩවි තහනම් කිරීමට පිබුරුපත් සැකසීමක්…?

(06.06.2018 – 18:48 +0530 – lankacnews.com) ශ්‍රී ලංකා පරිවර්තන සමූහය / ෆේස්බුක් පරිවර්තන සමූහය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : පසුගිය සමයේ රජය විසින් ජනමාධ්‍ය මර්ධනය විවිධාකාර ක්‍රියාමාර්ග මුවාවෙන් පටන්ගනිමින් ඇති බව පෙනී යයි.විශේෂයෙන්ම පසුගිය දිනවල රටේ ඇතිවුන කලබලකාරී තත්වයකට මුවාවෙන් සමස්ත මුළු මහත් ශ්‍රී ලංකාවටම අවහිර වන පරිදි ෆේස්බුක් ආදී සමාජ …

ග්ලයිෆොසෙට් නිසා රතන හිමි හැඟුම්බර වෙයි

(06.06.2018 – 13:20 +0530 – sinhala.adaderana.lk) ග්ලයිෆොසෙට් නියාමනය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි නීතිමය ලියවිල්ලක් සැකසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි. උන් වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (05) කොළඹ පැවති සම්මන්ත්‍රණයකට සහභාගි වීමෙන් අනතුරුවයි. මෙම අරගලය වෙනුවෙන් තමා ජීවිතය පුජා කිරීමට වුවද සුදානම් බව කියා සිටි රතන හිමියන් බොහෝමයක් …

ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න දිවි ගමනට සමුදෙයි

(05.06.2018 – 14:05 +0530 – sinhala.adaderana.lk) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම රූපවාහිනි නිවේදකයෙකු වන හේමනලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මාළඹේ, මිල්ගහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. මියයන විට ඒ මහතා 55 වන වියේ පසු වුණි. හේමනලින් කරුණාරත්න මහතා පදිංචිව සිටි නිවසේ දොර ඊයේ (04) රාත්‍රියේ සිටම වසා තිබීම හේතුවෙන් අද (05) …

කිරිඇල්ල-කබීර් ඇමති දෙබෑයෝ දුම්බර අක්කර 21,000 ක් අල්ලයි.. න්‍යෂ්ටික අපද්‍රව්‍යවලින් රට පුරවන්න ගිවිසුමක්..

(06.06.2018 – 03:29 +0530 – lankacnews.com) නකල්ස් කඳුකරයේ දුම්බර අඩවියේ අක්කර 21,000 කබීර් හෂීම් හා ලක්ෂ්මන් කිරිඇල්ල යන අමාත්‍යවරුන්ගේ හිතවතුන්ට ලබාදීම වෙනුවෙන් සිදු වන මහා පාරිසරික විනාශයක් සහ ලෝකයේ තිබෙන න්‍යෂ්ටික අපද්‍රව්‍යවලින් රට පිරවීමට අවසර ලබාදෙන සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම අගමැතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමතිවරයා විසින් හොර රහසේම අත්සන් කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් අපට …

ඒකාබද්ද විපක්‍ෂය දෙකඩ වේ.. දිනේෂ්, වාසු, විමල්, උදය පක්‍ෂ ඒකාබද්ද නායක හමුවත් අතහරිති..

(05.06.2018 – 22:53 +0530 – lankacnews.com) තිලංග සුමතිපාල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී තිබූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී ඒකාබද්ද විපක්‍ෂයේ පැහැදිලි දෙකඩ වීමක් දක්නට ලැබින. එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී ආනන්ද කුමාරසිරි මහතා යෝජනා වූ අතර විපක්‍ෂය වෙනුවෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා විය. …

ජවිපෙ රට අනතුරේ දාලා – ගෙවිඳු කුමාරතුංග

(04.06.2018 – 10:19 +0530 – lankadeepa.lk) ජනතා විමුක්ති පෙරමුණ තම ඡන්දදායකයාට අවංක නම් කළ යුත්තේ 20 වන සංශෝධනය හරහා වත්මන් අගමැති සහ පාර්ලිමේන්තුව තවත් ශක්තිවත් කරනවා වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවාහැර නව රජයක් පත්කර ගැනීමට උපකාර කිරීමකැයි “යුතුකම” සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (3) පැවසීය. වත්මන් පාර්ලිමේන්තුවට රටේ ජනපති පත් කිරීම සඳහා කිසිදු …

රුපියල් කෝටි 50 ක කිරිපිටි භාවිතයට නොගත හැකි තත්ත්වයක

(05.06.2018 – 16:38 +0530 – lankadeepa.lk) මිල්කෝ අයතනය සතු රුපියල් කෝටි 50 ක පමණ වටිනාකමකින් යුතු කිරිපිටි තොගයක් භාවිතයට ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකය අද (05) පරීක්ෂණයක් අරඹා තිබේ. ධීවර හා ජලජ සම්පත් සංවර්ධක සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඒ …