Day archives: ජූනි 14th, 2018

උපරිම චැනලින් ගාස්තුව රු. 2000 ක් – රෝගියෙක් පරීක්ෂා කරන අවම කාලසීමාව මිනිත්තු 10 ක්

(14.06.2018 – 13:31 +0530 – sinhala.adaderana.lk) පුද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් චැනල් කිරීමේ දී රෝගීන්ගෙන් අය කළ හැකි උපරිම චැනල් ගාස්තුව රුපියල් 2,000 කට මේ වන විට සීමා කර ඇති බවත් වෛද්‍යවරයෙකු විසින් රෝගියෙක් පරීක්ෂා කළ යුතු අවම කාලසීමාව මිනිත්තු 10 ක් බවට තමන් විසින් නිර්දේශ කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න …

ඥාණසාර හිමියන්ට සිර දඬුවම් – එක්නැලිගොඩ බිරිඳට වන්දියක් ගෙවන්නත් නියෝග

(14.06.2018 – 12:37 +0530 – hirunews.lk/sinhala) මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණය තුලදී මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස හයකින් ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත වසරක සිර දඩුවම් අද (14) නියම කළා. ඒ, හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු …

කැලණිය විහාරයෙන් සොරා ගත් ගජමුතු වව්නියාවේ විකුණද්දි කොටුවෙයි

(14.06.2018 – 10:22 +0530 – sinhala.adaderana.lk) කැලණිය රජමහා විහාරස්ථානයෙන් සොරගත් ගජමුතු 10 ක් වව්නියාව ප්‍රදේශයේ විකිණීමට ඇති බවට ලද තොරතුරකට අනුව අද දෙරණ උකුස්සා සහ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් වව්නියාවේ එක්තරා ස්ථානයක් වෙත පසුගිය දිනක ළඟා විය. එහිදී ජාවාරම්කරුවන් උපක්‍රමයක් ලෙස අපව එක්වරම නියමිත ස්ථානයට රැගෙන නොගිය අතර වෙනත් ප්‍රදේශ කිහිපයකටම ඔවුන් පළමුව …

විශේෂ ‘‘බලය’’ රූපවාහිනී විවාදය අද (14) රාත්‍රී 10:30 ට Hiru TV

(14.06.2018 – 07:35 +0530 – hirunews.lk/sinhala) ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සංවාදයට ලක් කරන හිරු ටී වී විශේෂ ‘‘බලය’’ දේශපාලනමය වැඩසටහන අද (14) පැවැත්වෙනවා. රාත්‍රී 10.30 ට විකාශය වන මෙම වැඩසටහනට පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ …

ලංකාව තවත් ග‍්‍රීසියක් වීම ස්ථිරයි.. බැදුම්කර මගඩියේ සම්පුර්ණ වගකීම අගමැතිටයි..

(14.06.2018 – 06:31 +0530 – lankacnews.com) යහපාලන ආණ්ඩුව යටතේ රට විශාල වශයෙන් මහා විනාශයකට ගමන් කරමින් තිබෙන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. 2015 ජනවාරි අට වැනිදා මේ රටේ ජනතාව රාජපක්ෂ ආණ්ඩුව හා රාජපක්ෂ ජනාධිපති වරයා …

රජයේ පරිපාලන නිලධාරීන් අද (14) අනිවාර්ය ලෙඩ නිවාඩු දමයි

(14.06.2018 – 06:53 +0530 – sinhala.adaderana.lk) රජයේ පරිපාලන නිලධාරීන් අනිවාර්ය ලෙඩ නිවාඩු දමා අද (14) දිනයේ සේවා කටයුතු වලින් ඉවත් විමට තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා සඳහන් කලේ පරිපාලන සේවා නිලධාරීන්ට හිමිවිය යුතු විශේෂ දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි. අදාළ දීමනාව ලබාදීම පිළිබදව …

ඒකාබද්ධය අවසන් සංඥාවකට සැරසේ

(13.06.2018 – 18:37 +0530 – hirunews.lk/sinhala) කතරගම – කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම ඇතුලූ රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම්වලට ආණ්ඩුව වගකිව යුතු බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියා. +++++++++++++++++++++++++++++++++++ *************************************** තැපැල් වර්ජනයට තවත් පාර්ශ්වයක් එක් වෙයි (13.06.2018 – nethnews.lk) තැපැල් සේවකයින් …