Day archives: ජූනි 16th, 2018

පානදුරේ අනතුරකින් දෙදරු පියෙකුගේ දිවි අහිමිවෙයි. මිනීමැරුමක් දැයි සැකයක් !

(16.06.2018 – 16:10 +0530 – hirunews.lk/sinhala) පානදුර, ගොරකපොළ ප්‍රදේශයේ අද (16) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාර්ගය පසෙක නවතා තිබූ ත්‍රිරෝද රථයක් පසුපසින් පැමිණි ගලි බවුසරයක් විසින් අනතුරකට පත්කර ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ. අනතුරෙන් ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ මෙරියවත්ත, තොටුපොළ පාර ප්‍රදේශයේ …

නකල්ස් ගැන ඇමති කියූ බොරුව සමන්ත විද්‍යාරත්න ඔප්පුකළ හැටි

(16.06.2018 – nethnews.lk) නකල්ස් සංරක්ෂිත කදු පන්තියේ ස්වාරක්ෂිත කළාපයේ කිසිදු ඉඩමක් විකුණා හෝ බදු පදනම මත ලබා දී නොමැති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා පැවසුවත් එය බොරුවක් බව බදු පදනම මත ලබාදුන් ඉඩමක් තුළ සිටිමින් තමන් ඔප්පුකර අවසන් බව ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ නකල්ස් සංරක්ෂිත කඳු පන්තියේ …

වෛද්‍යපීඨ ආචාර්යවරු කොතලාවල ඉගැන්වීම් නතර කරති

(15.06.2018 – 19:51 +0530 – lankadeepa.lk) වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම සඳහා වන අවම සුදුසුකම් නොමැති සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර නොගන්නා ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ආචාර්යවරු කොතලාවල වෛද්‍ය පීඨයේ ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර සිටිති. වෛද්‍ය විද්‍යාව හැදැරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිර්දේශ කරන ලද සී සාමාර්ථ දෙකක් හා එස් …