Day archives: ජූනි 18th, 2018

‘භික්ෂුන් වහසේලාගේ නඩු විමසිමට වෙනම අධිකරණයක් ඕනෑ’ – චම්පික රණවක

(18.06.2018 – 15:44 +0530 – lankadeepa.lk) භික්ෂුන් වහන්සේලා සම්බන්ධ නඩු විමසීම සඳහා වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී අද (18) පැවසීය. ඒ සඳහා ව්‍යවස්ථාවෙන් පවා ප‍්‍රතිපාදන සකස් වී ඇති බවත් සඳහන් කරයි. කොළඹ 7, නිදහස් ආකේඩ් පරිශ‍්‍රයේ දී පැවති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා …

තැපැල් වර්ජනය නිසා 1 ශ්‍රේණියට අයදුම් පත් බාර ගන්නා අවසන් දිනය දිගු වෙයි

(18.06.2018 – 16:45 +0530 – sinhala.adaderana.lk) 2019 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමට අදාළ අයදුම් පත් භාරගන්නා අවසන් දිනය, පවත්නා තැපැල් වර්ජනය සැලකිල්ලට ගනිමින් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව, ජුනි මස 30 වන දායින් අවසන් වීමට නියමිතව තිබූ 2019 වසරේ පළමු ශ්‍රේණියට …

ඉල්ලීම් වෙනුවෙන් පාරට බැස්ස තැපැල් වර්ජකයින්ගේ බලාපොරොත්තු බිඳ වැටෙයි

(18.06.2018 – 18:39 +0530 – sinhala.adaderana.lk) සිය ඉල්ලීම්වලට වහාම විසඳුම් දෙන ලෙස රජයට බලකරමින් තැපැල් වර්ජකයන් අද (18) කොළඹදී විරෝධතා පා ගමනක නිරත විය. දිවයින පුරා තැපැල් සේවකයින් විසිහය දහසක් පමණ මෙම වර්ජනයට එක් ව සිටින අතර ඒ හේතුවෙන් තැපැල් කාර්යාල 653 ක උපතැපැල් කාර්යාල 3410 ක වැඩ කටයුතු අඩාල වී ඇති බව තැපැල් වෘත්තිය …

ප්‍රවීන ගායක අයිවෝ ඩෙනිස් සූරීන් අභාවප්‍රාප්ත වෙයි

(18.06.2018 – 15:16 +0530 – hirunews.lk/sinhala) ප්‍රවීන ගායක සහ සංගීතඥ අයිවෝ ඩෙනිස් සූරීන් වයස අවුරුදු 86 ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වුණා. සීදුවේ පිහිටි ඔහුගේ නිවසේදී අයිවෝ ඩෙනිස් සූරීන්, සිය දිවි මඩළෙන් සමු ගත් බවයි ගායක, ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කළේ. 1950 දශකයේ සිට සිංහල සංගීතයට, සිංහල ජන ගී ආර එක් කළ සුනිල් …

අසත් පුරුෂයන් පිරිසකට වගකිම් ගිය විට සිදු වන්නෙ මහ විනාශයක්..

(18.06.2018 – 06:31 +0530 – lankacnews.com) = පාලකයන් දැහැමිකම පැත්තකට දමා කිසි ලැජ්ජා බයක් නැතිව හැසිරෙනවා.. අසත් පුරුෂයන් පිරිසකට වගකිම් ගිය විට සිදු වන්නෙ මහ විනාශයක්.. = යහපත් සමාජයක් ගොඩ නැගීමට නම් පාලකයන් දැහැමි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළ යුතු බවත් අද වන විට ඔවුන් දැහැමිකම පැත්තකට දමා කිසිදු ලැජ්ජා බයක් නොමැතිව හැසිරෙන බවත් හිටපු ජනාධිපති …

මාර්ග අංක 100 පානදුර – පිටකොටුව සහ මාර්ග අංක 101 මොරටුව – පිටකොටුව පෞද්ගලික බස් රථ වර්ජනයක

(18.06.2018 – 08:20 +0530 – hirunews.lk/sinhala) මාර්ග අංක 100 සහ 101 පානදුර – පිටකොටුව සහ මොරටුව පිටකොටුව පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. දුරගමන් සේවා බස් රථ, කෙටි ගමන් සේවා බස්රථ නැවතුම්පලවල සිටිනා මගීන් නංවාගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න …

පොලිස් වෙඩි තැබීමෙන් අයෙකු මිය යාමට විරෝධය.. ප්‍රකෝපකාරීන් මැඩලන්න STF කැදවයි..

(18.06.2018 – 08:40 +0530 – lankacnews.com) = යාපනය යලි ගිනියම් වෙයි.. පොලිස් වෙඩි තැබීමෙන් අයෙකු මිය යාමට විරෝධය.. කන්කසන්තුරෙයි මාර්ගය වසයි.. ප්‍රකෝපකාරීන් මැඩලන්න STF කැදවයි.. = යාපනය මල්ලාකම් කතෝලික දේවස්ථානය ඉදිරිපිටදී ඊයේ (17) රාත්‍රියේ තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මැඩලීමට ගිය පොලිස් නිලධාරියෙකුට පහරදීමට පැමිණි පුද්ගලයෙකුට සිදු කළ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය යාම …

අලුතින් ඉදිවූ යාල කලපුවේ හෝටලයට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ විරෝධය

(17.06.2018 – 21:33 +0530 – hirunews.lk/sinhala) තිස්සමහාරාම යාල කලපුව ආශ්‍රිත ප්‍රදේශයක ඉදිකර ඇති හෝටලයක් හේතුවෙන් පරිසර හානියක් සිදුවන බවට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා චෝදනා කරනවා. එලෙස ඉදිකර ඇති හෝටලය ඊයේ (16) විවෘත කෙරුණේ අමාත්‍ය රාජිත සේනාරත්න අතින්. චෝදනා එල්ල වන හෝටලය පිහිටා ඇත්තේ නිමලව අභයභූමිය ඉදිරිපසින් පිහිටි තිස්සමහාරාම, යාල කලපුව ආශ්‍රිතවයි. ඒ අවට වෙනත් කිසිදු …