Day archives: ජූනි 20th, 2018

එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට වන්දි ලබාදීමේ ආණ්ඩුවේ උත්සහයක් – මහින්දානන්ද

(20.06.2018 – 19:16 +0530 – hirunews.lk/sinhala) එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට හා පවුලේ සාමාජිකයන්ට වන්දි ගෙවීමට ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් ගෙන එන්නේ මීලග ජනාධිපතිවරණයෙදි උතුරේ ජනතාවගේ ජන්ද ලබා ගැනිමේ අරමුණින් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ් අර්ජුන් ඇලෝසියස් ගෙන් මුදල් ලබා ගත් මන්ත්‍රීවරුන්ද කෝප් කමිටුවෙන් ඉවත් කිරිමටද කථානායකවරයා …

එල්.එන්.ජී බලාගාර ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීනයට ලබාදීම අත්හිටුවයි

(19.06.2018 – 18:23 +0530 – lankadeepa.lk) කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමට ලබාදීම සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කැබිනට් මණ්ඩලයට අද (19) ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව මෙම ටෙන්ඩරයට අදාළ චීන සමාගමට ලබාදීම අත්හිටුවා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ජාතික ප්‍රසම්පාදන කොමිසම …

අලි ප්‍රශ්නය විසඳන්න බැරි වුණොත් ‍ෆොන්සේකා ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

(19.06.2018 – 19:27 +0530 – sinhala.adaderana.lk) මාස 3 ක් ඇතුළත සිංහරාජ වනාන්තරයේ සිටින වන අලින් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දිමට රජයෙන් සහයක් නොලැබුනහොත් තමා අමාත්‍යධූරයෙන් ඉවත් වන බව වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. වන අලීන් සම්බන්ධයෙන් අද (19) රඹුක රජවත්ත විහාරස්ථානයේ පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. සිංහරාජ වනාන්තරයේ දැනට ඉතිරිව සිටින …