Day archives: ජූනි 21st, 2018

රෝගීන්ගෙන් 75% කට බෙහෙත් ගත්තත් ප්‍රෙෂර් බහින්නේ නෑ – විශේෂඥ වෛද්‍ය රුවයිස්‌ හනීෆ්

(21.06.2018 – divaina.com) මෙරට රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ලබන අධිරුධිර පීඩනයෙන් (හයි බ්ලඩ් ප්‍රෙෂර්) පෙළෙන්නන්ගෙන් සියයට 75 කට රෝග තත්ත්වය සඳහා බෙහෙත් නියම කළද ඔවුන්ගේ රුධිර පීඩන මට්‌ටම පහළ නොබසින බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රුවයිස්‌ හනීෆ් මහතා “දිවයින”ට පැවසීය. බෙහෙත් නියම කිරීමෙන් රෝග තත්ත්වය පාලනය කිරීමට හැකිව ඇත්තේ …

තැපැල් වර්ජනය අඛණ්ඩව – තැපැල්පතිගෙන් සේවකයන්ට දැනුම්දීමක්

(21.06.2018 – 16:34 +0530 – hirunews.lk/sinhala) වර්ජනයේ නිරත වෘත්තිය සමිති සහ විෂයභාර අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා සමඟ අද පැවති සාකච්ඡාවද එකඟතාවකින් තොරව අවසන් වූ බව තැපැල් වෘත්තිය සමිති එකමුතුව ප්‍රකාශ කළා. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිය ඉල්ලීම් ලැබෙනතුරු තම වෘත්තිය ක්‍රියාමාර්ගය අඛන්ඩව දියත් කරන බවයි. මේ අතර වර්ජනය අවසන් කර …

පොහොට්ටුවෙන් අලුත් මෙහෙයුමක් අරඹයි…

(21.06.2018 – 12:00 +0530 – lankacnews.com) පළාත් පාලන මැතිවරණ ජයග‍්‍රහණයේ උණුසුම සමග අලුත් ආසන සම්මන්ත‍්‍රණ මාලාවක් මෙහෙයවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. දැනට නිල කාලය අවසන් වී ඇති නමුත්, මැතිවරණය කල් දමා තිබෙන උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් 03 ක් එළැඹෙන ඔක්තෝම්බර් මාසයේදී නිල කාලය අවසන්වීමට නියමිත වයඹ, උතුර සහ මධ්‍යම …

පිළිකා එන්නත් ටෙන්ඩරයෙන් මිලියන ගණනක පාඩුවක්.. ටෙන්ඩරය නෑයෙකුටයි.. ටෙන්ඩර් කමිටු ප‍්‍රබලයෙක් ඉල්ලා අස්වේ..

(21.06.2018 – 14:10 +0530 – lankacnews.com) පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වෙයි : පිළිකා එන්නත් ටෙන්ඩරයෙන් මිලියන ගණනක පාඩුවක්! ටෙන්ඩරය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂකගේ නෑයෙකුට… 2018 මැයි විසි එක් වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සැපයුම් කරුවන්ගෙන් පිළිකා රෝගය සදහා වන ට්‍රස්ටුසුමැබ් (Trastuzumab) නැමැති එන්නත මිලදී ගැනීම …

බැදුම්කර මගඩිය ‘විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ’ (UPF) මිලියන 880 ක් කොල්ල කාලා..

(21.06.2018 – 03:23 +0530 – lankacnews.com) බැදුම්කර වංචාව විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන සේවකයින් 15,000 කගේ විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ (UPF) රුපියල් මිලියන ගණනක් ගිල දමා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී තෙන්නකෝන් මහතා අනාවරණය කළේ මෙයට පෙර සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල හා …

මාස 02 කදී නව බදු ගොනු 69,000 ක් විවෘත වෙලා

(20.06.2018 – biz.adaderana.lk) නව දේශීය ආදායම් පනත ක්‍රියාවට නැංවී මාස 02 ක් ඇතුළත නව බදු ගොනු 69,000 ක් විවෘත වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ පැවසීය. “දේශීය …