Day archives: ජූනි 22nd, 2018

ජාතික ආරක්ෂාවට මුවාවී මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ දමයි.. ලක්බිම පුවතක් ගැන CID පරීක්‍ෂණ ඇරඹෙයි..

(22.06.2018 – 16:40 +0530 – lankacnews.com) වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේචනයක් මෙහි දැක්වෙයි : ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ දැමීමට ගන්නා උත්සාහය වහා හකුලා ගනු ! ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජිවිත අනතුරේ දැමිමට ගන්නා උත්සහය වහාම හකුලා ගන්නා ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි ජනපතිවරයාට, අගමැතිවරයාට …

අවුරුදු දහඅටකට පසු චිත්‍රපට බෙදාහැරීම රජයට පවරාගනී; සතුටින් දෑස්‌ පියාගත හැකියි – නිළිරැජින කියයි

(22.06.2018 – divaina.com) රට පුරා චිත්‍රපට බෙදාහැරීම සිදුකළේ පෞද්ගලික සමාගම් හතරක්‌ විසිනි. ඒ 1971 ජාතික චිත්‍රපට සංස්‌ථා පනතට පටහැනිව යමිනි. වසර දහඅටක්‌ පුරා සිදුවූ මෙම ක්‍රියාවලිය උඩු යටිකුරු කරමින් වහා ක්‍රියාත්මක වන පරිදි යළි චිත්‍රපට බෙදා හැරීම ජාතික චිත්‍රපට සංස්‌ථාව වෙත පවරාගෙන ඇත. ඒ විෂය භාර ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මතය. මේ පිළිබඳව …

මාතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Update : මාතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට (22.06.2018 – 12.25 +0530 – hirunews.lk/sinhala) මාතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මිට සුළු මොහොතකට පෙර මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඔහු චාමර ඉන්ද්‍රජිත් නමැති වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි මුලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ෴ ——————————————- …

කෙරවළපිටිය LNG විදුලිබලාගාර ව්‍යාපෘති ටෙන්ඩරයෙන් අසමසම වංචාවක්..

(22.06.2018 – 08:02 +0530 – lankacnews.com) කෙරවළපිටිය LNG විදුලිබලාගාර ව්‍යාපෘති ටෙන්ඩරයේ සිදු වී ඇති අවභාවිතාව පිළිබඳව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. දූෂණ විරෝධී පෙරමුණෙන් ඊයේ දිනයේ මෙම පැමිණිල්ල බාර දී තිබේ. සංවිධනයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි, උපදේශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මෙම අවස්ථාවට එක්වූහ. සම්පූර්ණ පැමිණිල්ල …

ඇමති සුජීවට එරෙහිව තවත් සාක්ෂියක් සී.අයි.ඩී.යට

(21.06.2018 – 19:13 +0530 – hirunews.lk/sinhala) අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ රුපියල් මිලියන 3 ක මුදලක් ලබාගෙන ඇති බවට සනාථ කෙරෙන තවත් සාක්ෂියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. එම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සම්පිණ්ඩනය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමටයි …

23 වන සෙනසුරාදා කොළඹ නගර සභා සීමාවට ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ

(21.06.2018 – 17:33 +0530 – sinhala.adaderana.lk) අත්‍යවශ්‍ය ජලනළ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 23 වන සෙනසුරාදා දිනයේ මධ්‍යහන 12.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 12 ක කාලයක් කොළඹ නගර සභා සීමාවට අයත් සියලුම ප්‍රදේශයන්හි අඩුපීඩන තත්ත්වයක් යටතේ ජල සැපයුම ලබාදීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි ෴ ****************************************** සිසුන් පිරිසක් පහරදී ප්‍රධාන ශිෂ්‍ය …

හමුදාවේ පිරිස් බලය 25% කින් කප්පාදු කරයි.. බලඇණි 33 ක් හමුදා කඳවුරු 100 ක් ඉවතට…

(21.06.2018 – 22:28 +0530 – lankacnews.com) ‘යුද්ධ හමුදාව තුළ ක්‍රියාත්මක සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම’ යන ශීර්ෂය යටතේ යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන මාණ්ඩලික, මේජර් ජෙනරාල් ජී. ඩී. අයි කරුණාරත්නගේ අත්සනින් නිකුත් කර ඇති 2018 ජූනි 14 දාතම සහිත ලිපියෙන් 2018 ජූලි මාසය අග වන විට යුද හමුදාවෙහි පිරිස් බලය 25% කින් කප්පාදු කිරීමටත් රෙජිමේන්තු බලඇණි …