Day archives: ජූනි 23rd, 2018

සිසුන් පිරිසකගේ පහරදීමට ලක්වූ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා අවසන් ගමන් යයි

(23.06.2018 – 12:25 +0530 – sinhala.adaderana.lk) ‍සිසුන් පිරිසකගේ පහරදීමකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හලාවත ප්‍රදේශයේ පාසලක ප්‍රධාන නායකයා ජිවිතක්ෂයට පත්ව තිබේ. අද (23) අළුයම මෙම සිසුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. පසුගියදා 10 වනදා රාත්‍රියේ පැවැති ආගමික වැඩසටහනකට සහභාගීවී නැවත පැමිණෙමින් සිටි අවස්ථාවේදී මෙම සිසුවා …

හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කියන්නේ බොරු… මෙන්න මාණ්ඩලික ප‍්‍රධානී දුන් නියෝගය…

(23.06.2018 – 03:21 +0530 – lankacnews.com) ‘යුද හමුදාවේ බලඇණි 33 ක් ඉවත් කිරීමට සහ නිලධාරි තනතුරු 938 ක්, සෙසු නිලයන් 23,266 ක් ඉවත් කිරීමට 2018 ජූලි මස අග වන විට කටයුතු කරන ලෙස යුද හමුදා රෙජිමේන්තු ප්‍රධානීන් හා අදාළ ඉහළ නිලධාරීන්ට නියෝග කරමින් එහි ප්‍රධාන මාණ්ඩලික, අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් ජී.ඩී.අයි. කරුණාරත්න නිකුත් කළ 2018 …

ධර්මද්වීපය හාල්පාරුවන්ගේ අසූචි වළක් කරලීමට ඉඩ දෙමුද?..

(23.06.2018 – 12:00 +0530 – lankacnews.com) = ධර්මද්වීපය හාල්පාරුවන්ගේ අසූචි වළක් කරලීමට ඉඩ දෙමුද?.. අනුනාහිමි හා ගෝටා වෙනුවෙන් විමල් පෙරට.. ‘හිට්ලර් මිලිටරි’ කතාව සහසුද්දෙන්ම කියා දෙයි.. = ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ධර්මද්වීපය දේශපාලන හාල්පාරුවන්ගේ දේශපාලන අසූචි වළක් බවට පත් කරලීමට ඉඩ දී බලා …

එල්.ටී.ටී.ඊ.යේ යෑයි සැක කරන පීඩන බෝම්බයක්‌ සහ ආයුධ ඔඩ්ඩුසුඩාන්හිදී අත්අඩංගුවට

(23.06.2018 – divaina.com) එල්. ටී. ටී. ඊ. සංවිධානයට සම්බන්ධ බවට සැක කරන පිරිසක්‌ විසින් කිසියම් ප්‍රහාරයක්‌ සඳහා රැගෙන යමින් තිබූ පීඩන බෝම්බයක්‌, දුරස්‌ථ පාලක උපකරණය දෙකක්‌ ඇතුළු තවත් ආයුධ තොගයක්‌ සමඟ සැකකරුවෝ දෙදෙනෙක්‌ මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ විසින් ඊයේ (22 දා) අලුයම අත්අඩංගුවට ගනු ලැබූහ. ඔඩ්ඩුසුඩාන් පුදුකුඩිඉරිප්පු මාර්ගයේ ඊයේ (22 දා) අලුයම 4.00 ට …