Day archives: ජූනි 25th, 2018

“ලංකාවේ ඉතිහාසයේම ප්‍රථමයා, ලෝකෙන්ම පස්වෙනියා” සිරගතව සිටියදි උපාධියක් ලබා ගත් ඉන්දික තවත් පියවරක් ඉදිරියට තබයි!

(25.06.2018 – nethgossip.lk) මරණීය දණ්ඩනයට නියමව වැලිකඩ බන්ධනාගාරගත කර සිටින සිරකරුවෙක් සිරගතව සිටියදීම ශාස්ත්‍රවේදී කලා උපාධිය (BA) ලබා ගත් පුවත නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා කළෙමු. හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන ඉන්දික බමුණුසිංහ මෙලෙසින් උපධිය හිමිකරගත් සිරකරුවා වූවා. මේ අතර එලෙසින් ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත් ඉන්දික බමුණුසිංහ පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලැබූ සමාජ …

ජනාධිපතිවරණයට තරඟ කරන්නැයි හිටපු ජනපති මහින්ද තාම මට කීවේ නෑ.. – ගෝඨා

(25.06.2018 – 14:10 +0530 – lankacnews.com) = ජනාධිපතිවරණයට තරඟ කරන්නැයි හිටපු ජනපති මහින්ද තාම මට කීවේ නෑ.. ඇමරිකා පුරවැසිකම අතහැර ජනාධිපතිවරණයට සූදානම්.. – ගෝඨා = ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා තරඟ කරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ වන තෙක් තමන්ගෙන් ඉල්ලීමක් කර නැති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. එවන් අවස්තාවක් ලදොත් ඇමෙරිකානු …

මාතර – ගාල්ල සහ අම්බලන්ගොඩ – කොළඹ, දුරගමන් සේවා පෞද්ගලික බස් රථ වර්ජනයක්

(25.06.2018 – 07:25 +0530 – hirunews.lk/sinhala) කෙටි ගමන් සේවා බස් නැවතුම්පලවල දුරගමන් සේවා බස් රථ නැවැත්වීමට ඉඩ ලබා නොදීමට විරෝධය පළ කරමින් දකුණු පළාත් දුරගමන් සේවා පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක නිරතවනවා. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මාතර, ගාල්ල සහ අම්බලන්ගොඩ සිට කොළඹට පැමිණෙන දුරගමන් සේවා බස් රථ …

දසදහසක්‌ පර්පෙචුවල් චෙක්‌ දුන්නේ කාටද ?

(24.06.2018 – divaina.com) පසුගිය කලාන්තරය තිස්‌සේම අඛණ්‌ඩව පුවත් මවමින් නිරන්තර මහජන අවධානයට ලක්‌ වෙමින් ඉදිරියට ඇදෙන ප්‍රධානතම සිදුවීම වන්නේ වත්මන් රජය යටතේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ මහ බැංකු අධිපතිත්වය යටතේ සිදුවූ බැඳුම්කර මගඩියයි. මුලින් නම් මේ රජයේ (විශේෂයෙන්) එජාප පාර්ශ්වය නියෝජනය කරන අය කීවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවල කිසිදු වරදක්‌ සිදුව නැති බවයි. අගමැති රනිල් වික්‍රමසිංහ පවා පාර්ලිමේන්තුවේ …

ඔඩ්ඩුසුඩාන් කල්ලිය මෙහෙයවන්නේ ප්‍රංශ කොටියෙක්‌

(25.06.2018 – divaina.com) කොටින්ගේ තවත් අවි තොගයක්‌ මුතූර්වල – අල්ලාගත් කොටි වමාරති මුලතිව් ඔඩ්ඩුසුඩාන් පේරාරු ප්‍රදේශයේදී ක්‌ලේමෝ බෝම්බයක්‌, පුපුරන ද්‍රව්‍ය, එල්. ටී. ටී. ඊ. ඇඳුම් ඇතුළු ද්‍රව්‍ය රැසක්‌ රැගෙන යමින් සිටි කණ්‌ඩායම මෙහෙයවා ඇත්තේ ප්‍රංශයේ සිටින කොටි සාමාජිකයකු බව ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය සිදුකළ විමර්ශනවලදී හෙළිකර ගෙන ඇත. මෙම පුපුරන ද්‍රව්‍ය රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් …