Monthly archives: ජූලි, 2018

දුම් සහතිකය ගෙන නොගියොත් එතැනම දඩ…

(22.07.2018 – 16:40 +0530 – lankacnews.com) සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වෙයි : දුම් පරීක්ෂණ සහතිකය රැගෙන නොයෑම 2018 ජූලි 15 වනදා සිට වහනවල හා යතුරුපැදිවල වායු විමෝචන සහතිකය (දුම් සහතිකය) වහනයේ රැගෙන නොයෑම සඳහා රු. 500 ක ස්ථානීය දඩයක් නියම කර තිබේ. 2003 වසරේ දී, විශාල ලාභ ඉපයීම සඳහා …

මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ජිවිත අවදානමකට ලක් කරයි..

(22.07.2018 – 12:40 +0530 – lankacnews.com) වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි : මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ජිවිත අවදානමකට ලක් කිරිමේ ආණ්ඩුවේ වෑයම පරදවමු ! “අලුත්ම බිල්ලකට කොටි යළි නැගිටී” යන හිසින් යුතුව පසුගිය 24 වැනිදා රිවිර ඉරිදා සංග‍්‍රහයේ පළකරන ලද ප‍්‍රධාන පුවත පිළිබඳ ප‍්‍රකාශ සටහන් කරගැනීම සඳහා රිවිර …

අද දෙරණ උකුස්සා : කොල්ලුපිටියේ නීතිවිරෝධී විදෙස් මත්පැන් ගබඩාවක් උකුසු ඇසට හසුවෙයි

(21.07.2018 – 22:18 +0530 – sinhala.adaderana.lk) රජයට බදුමුදල් අහිමිකරමින් පවත්වාගෙන ගිය නීති විරෝධී විදෙස් මත්පැන් ගබඩාවක් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සාට හැකි විය. අද අනාවරණය ඒ පිළිබඳවයි. කොල්ලුපිටිය වාලුකාරාම මාවතේ පිහිටි එක්තරා ගොඩනැගිල්ලක සමාජ ශාලාවලට බෙදා හැරීම සඳහා විදෙස් මත්පැන් සහ විදෙස් දුම්වැටි නීති විරෝධී අයුරින් ගබඩා කර ඇති බවට ලද තොරතුරකට අනුව …

හිරු සී.අයි.ඒ. : ජනතාවට අපිරිසිදු ආහාර කවන දඹුල්ලේ හෝටලය

(21.07.2018 – 19:41 +0530 – hirunews.lk/sinhala) හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කලේ ජනතාවට පිරිසිදු භාවයකින් තොරව ආහාර අලෙවි කරනා දඹුල්ල නගරයේ පිහිටි අවන්හලක් පිළිබදවයි. දින ගණනාවකට ඉහත පිසු බත් අධි ශිතකරණවල තබා ගනිමින් නැවත පාරිභෝගිකයන්ට ලබාදීමට ගබඩා කර ඇති අයුරු එහි ගිය හිරු සී.අයි.ඒ. කණ්ඩායමට දැක ගත හැකි වුණා. මේ පිළිබදව අප දඹුල්ල නගරාධිපතිවරයාව …

මේ යන්නේ ගිනි තියාගෙන යන ගමනද? මරණය කමිටුවකින් තීන්දු කරන්නේ නම් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි..! – නීති ප්‍රවීනයෝ කියති

(21.07.2018 – News e Lanka) කවුරු විරුද්ධ වුනත් මෛත්‍රී යුගය ‘මරණයේ යුගයකට’ ගෙනියන බවට ජනපති යළි ශපථ කරයි..! මරණය කමිටුවකින් තීන්දු කරන්නේ නම් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි..! – නීති ප්‍රවීනයෝ කියති මෛත්‍රී මේ යන්නේ ගිනි තියාගෙන යන ගමනද? ‘මෛත්‍රී යුගයක්’ වෙනුවට ‘මරණයේ යුගයක්’ යලි ආරම්භ කරමින් කවුරු විරුද්ධ වුනත් මත්ද්‍රව්‍ය චෝදනා ඇති අයට මරණ දඬුවම ක්‍රියාත්මක …

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ පිටු 418 ක් අතුරුදන්

(21.07.2018 – newsfirst.lk/sinhala) සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යංශය මගින් පසුගියදා අත්සන් කළ සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මෙතෙක් සම්පූර්ණයෙන් ජනතාවට ප්‍රසිද්ධ කර නොමැති බවට වෘත්තිකයෝ චෝදනා කරති. සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ පිටු 1500 ක් ඇති බවට අමාත්‍යංශය ප්‍රකාශ කළ ද ජනාතවට ඉදිරිපත් කළ ගිවිසුමේ ඇත්තේ පිටු 1082 …

ලෝකයේ හොඳම වෛද්‍ය උපකරණය ලෙස රනින් පුද ලැබූ “පිටවන හුස්මෙන්” ලෙඩ හඳුනාගන්නා උපකරණයක් හැදූ අපේ විද්වතා

(21.07.2018 – nethnews.lk) නාස් පුඩුවලින් පිට කෙරෙන ප‍්‍රාශ්වාස වාතයෙන් මිනිසාගේ රෝග නිර්ණය කිරිමේ උපකරණයක් නිර්මාණය කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු වන ආචාර්ය මහේෂ් එදිරිසිංහ මහතා සමත්ව තිබෙනවා. සිය නව නිපැයුමට මේවනවිටත් ජාත්‍යන්තර නව නිපැයුම් තරගාවලීන්හිදී රන් සම්මාන කිහිපයක්ම ලැබී ඇති බවද ආචාර්ය මහේෂ් එදිරිසිංහ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියා. ආචාර්ය මහේෂ් …

ස්මාර්ට් ෆෝන් කිරණ මගින් මතක ශක්තිය නැති වීමේ අවධානමක්

(21.07.2018 – nethnews.lk) ස්මාර්ට් ජංගම දුරකථන මගින් නිකුත් කරනු ලබන කිරණ හේතුවෙන් තරුණ තරුණියන්ගේ මතක ශක්තිය හීන වීමේ අවධානමක් පවතින බවට මෑතකදී සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ කර ගෙන තිබෙනවා. බොහෝ තරුණ තරුණියන් ජංගම දුරකථනය භාවිතා කිරීමේදී වැඩි වශයෙන් සිය දකුණු කන භාවිතා කරන අතර දුරකතනයෙන් නිකුත් වන කිරණ හේතුවෙන් ඔවුන්ගේ මොලයේ දකුණ පෙදෙසට හානි සිදුවන බවයි …

දුම්රිය තාක්ෂණ නිලධාරීන් හෙට (22) සිට අකුරට වැඩ

(21.07.2018 – 14:10 +0530 – hirunews.lk/sinhala) දුම්රිය තාක්ෂණ නිලධාරින් සහ තාක්ෂණ සහයක ශිල්පීන් හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැරසෙනවා. ඒ සිය වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කරගනිමින්. මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම් සහ දුම්රිය අවලංගු වීම් සිදුවිය හැකි බවයි දුම්රිය තාක්ෂණ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.බී.එස්. …

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් අවි ආයුධ තොගයක් මතුවෙයි- LTTE පුහුණු කඳවුරක් තිබුණා දැයි සැකයක්

(21.07.2018 – 14:47 +0530 – sinhala.adaderana.lk) මුලතිව්, පුදුකුඩිඉරිප්පු, සුදන්දිරපුරම් ප්‍රදේශයේ ළිඳ තුළ තිබි ඊයේ (20) එල්.ටී.ටී.ඊ සංවිධානය නිෂ්පාදනය කළ විවිධ වර්ගයේ බෝම්බ රැසක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. පොලීසිය පැවසූවේ 18 වැනිදා සිට අදාළ ළිඳ තුළ පරීක්ෂා කිරීම් සිදුකළ කළ අතර ළිඳ තුළ තිබි ඉතා විශාල ප්‍රමාණයේ එල්.ටී.ටී.ඊ සංවිධානය කාලතුවක්කු …