Day archives: ජූලි 13th, 2018

විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සහ නිලධාරීන් එකට එක්වෙයි

(13.07.2018 – 19:33 +0530 – hirunews.lk/sinhala) ලංකා විදුලිබල මණ්ඩලය තුළ වංචාවට හා දූෂණයට එරෙහිවූ වෘත්තිය සමිති නායකයින් සහ නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව කරුණු දැක්වීමට විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. මේ සඳහා වැඩ තහනමට ලක්වූ විදුලි බල මණ්ඩලයේ බලශක්ති මිලදී ගැනීම් පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාද එක්ව සිටියා. ************************************* 17, ආණ්ඩුවට …

රෝහලට කිලෝමීටරයක් තිබියදී 1990 ගිලන් රියේදී දරුවා බිහිකළ අම්මා

(13.07.2018 – gossiplankanews.com) හෝමාගම මූලික රෝහලට කිලෝමිටරයක් තිබියදී දරු ප්‍රසූතිය සඳහා අමාරුවූ මවකට 1990 සුව සැරිය ගිලන් රථය තුළදී පහසුකම් සැලසීමෙන් පසු සියලු කටයුතු සාර්ථකව නිමකරන්නට හැකිවීමේ පුවතක් පසුගියදා වාර්තා වුණා. දරුවා බිහිකිරීමට අවශ්‍ය සියලු කටයුතු කිරිමට ම ගිලන් රථයේ හදිසි වෛද්‍ය තාක්ෂණේ නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වූ බව 1990 සුව සැරිය ගිලන් රථ …

කටුමැටි ගොඩනැඟිල්ලේ අකුරු කරන පුත්තලමේ පාසල් සිසුන්

(13.07.2018 – 15:30 +0530 – sinhala.adaderana.lk) ප්‍රමාණවත් ගොඩනැඟිලි පහසුකම් නොමැති වීමෙන් දුෂ්කරතාවට පත්ව සිටින පාසල් සිසුන් පිරිසක් පිළිබඳව පුත්තලම වේලාසිය ප්‍රදේශයෙන් දෙරණට වාර්තා විය. පළමු ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා දෙන මෙම පාසලේ සිසුන් 550 ක පිරිසක් අධ්‍යාපනය හදාරයි. කෙසේ වෙතත් මෙම සිසුන් පිරිසට සරිලන පරිදි පවතින ගොඩනැඟිලි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සිසුන් පත්ව …

රුපියල් මිලියන 66 ක හෙරොයින් සාම්පූර් වෙරළ තීරයෙන් සොයාගැනේ

(13.07.2018 – 14:50 +0530 – hirunews.lk/sinhala) සාම්පූර් – ඉලක්කන්ද වෙරළ තීරයේ තිබී හෙරොයින් කිලෝ පහමාරක් අඩංගු පාර්සල් 21ක් පොලීසිය අද (13) සොයා ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මෙම හෙරොයින් තොගය රුපියල් මිලියන 66 ක වටිනාකමින් යුක්ත බවයි. කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හෙරොයින් පාර්සල් වෙරළ තීරයේ දමා ගොස් ඇති බවටයි …

වැරැද්ද පෙන්වූ විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ වැඩ තහනම්

(12.07.2018 – 23:20 +0530 – lankadeepa.lk) නීති විරෝධී ඩීසල් බලාගාරයකින් විදුලිය මිලදී ගැනීමට විරෝධය දැක්වීම නිසා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය කටයුතු කර ඇතැයි ලංකා විදුලි සේවක සංගමය චෝදනා කරයි. නීතිවිරෝධි ලෙස අත්සන් කළ ගිවිසුමක් මගින් ඩීසල් බලාගාරයකින් විදුලිය මිලදී ගෙන ඇති අතර ඒ වෙනුවෙන් දින 22 ක කාලයක් සඳහා …

විජයකලාගේ එල්.ටී.ටී.ඊ අදහස ගැන පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමේ සූදානමක්

(13.07.2018 – 07:56 +0530 – hirunews.lk/sinhala) එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බවට හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි සියලුම දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය තීරණය කර තිබෙනවා. එම ප්‍රකාශය පිළිබඳව පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට පොලිස්පතිවරයා මීට පෙර …

අමාත්‍ය රිෂාද් බදියුදීන්ට එරෙහිව අභියාචනාධිකරණයට පැමිණිල්ලක්

(12.07.2018 – 16:57 +0530 – hirunews.lk/sinhala) අමාත්‍ය රිෂාද් බදියුදීන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණය හමුවේ අද පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. ඒ මීට පෙර නීතිඥවරයා සහ තවත් පාර්ශවයක්, විල්පත්තු විලත්තිකුලම් රක්ෂිතයේ පදිංචි කිරීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමක කරුණු දැක්වීම් පදනම් කර ගනිමින්. එම නඩුවේදී දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් අමාත්‍යවරයා …