Day archives: ජූලි 21st, 2018

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ පිටු 418 ක් අතුරුදන්

(21.07.2018 – newsfirst.lk/sinhala) සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යංශය මගින් පසුගියදා අත්සන් කළ සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මෙතෙක් සම්පූර්ණයෙන් ජනතාවට ප්‍රසිද්ධ කර නොමැති බවට වෘත්තිකයෝ චෝදනා කරති. සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ පිටු 1500 ක් ඇති බවට අමාත්‍යංශය ප්‍රකාශ කළ ද ජනාතවට ඉදිරිපත් කළ ගිවිසුමේ ඇත්තේ පිටු 1082 …

ලෝකයේ හොඳම වෛද්‍ය උපකරණය ලෙස රනින් පුද ලැබූ “පිටවන හුස්මෙන්” ලෙඩ හඳුනාගන්නා උපකරණයක් හැදූ අපේ විද්වතා

(21.07.2018 – nethnews.lk) නාස් පුඩුවලින් පිට කෙරෙන ප‍්‍රාශ්වාස වාතයෙන් මිනිසාගේ රෝග නිර්ණය කිරිමේ උපකරණයක් නිර්මාණය කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු වන ආචාර්ය මහේෂ් එදිරිසිංහ මහතා සමත්ව තිබෙනවා. සිය නව නිපැයුමට මේවනවිටත් ජාත්‍යන්තර නව නිපැයුම් තරගාවලීන්හිදී රන් සම්මාන කිහිපයක්ම ලැබී ඇති බවද ආචාර්ය මහේෂ් එදිරිසිංහ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියා. ආචාර්ය මහේෂ් …

ස්මාර්ට් ෆෝන් කිරණ මගින් මතක ශක්තිය නැති වීමේ අවධානමක්

(21.07.2018 – nethnews.lk) ස්මාර්ට් ජංගම දුරකථන මගින් නිකුත් කරනු ලබන කිරණ හේතුවෙන් තරුණ තරුණියන්ගේ මතක ශක්තිය හීන වීමේ අවධානමක් පවතින බවට මෑතකදී සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ කර ගෙන තිබෙනවා. බොහෝ තරුණ තරුණියන් ජංගම දුරකථනය භාවිතා කිරීමේදී වැඩි වශයෙන් සිය දකුණු කන භාවිතා කරන අතර දුරකතනයෙන් නිකුත් වන කිරණ හේතුවෙන් ඔවුන්ගේ මොලයේ දකුණ පෙදෙසට හානි සිදුවන බවයි …

දුම්රිය තාක්ෂණ නිලධාරීන් හෙට (22) සිට අකුරට වැඩ

(21.07.2018 – 14:10 +0530 – hirunews.lk/sinhala) දුම්රිය තාක්ෂණ නිලධාරින් සහ තාක්ෂණ සහයක ශිල්පීන් හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැරසෙනවා. ඒ සිය වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කරගනිමින්. මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම් සහ දුම්රිය අවලංගු වීම් සිදුවිය හැකි බවයි දුම්රිය තාක්ෂණ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.බී.එස්. …

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් අවි ආයුධ තොගයක් මතුවෙයි- LTTE පුහුණු කඳවුරක් තිබුණා දැයි සැකයක්

(21.07.2018 – 14:47 +0530 – sinhala.adaderana.lk) මුලතිව්, පුදුකුඩිඉරිප්පු, සුදන්දිරපුරම් ප්‍රදේශයේ ළිඳ තුළ තිබි ඊයේ (20) එල්.ටී.ටී.ඊ සංවිධානය නිෂ්පාදනය කළ විවිධ වර්ගයේ බෝම්බ රැසක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. පොලීසිය පැවසූවේ 18 වැනිදා සිට අදාළ ළිඳ තුළ පරීක්ෂා කිරීම් සිදුකළ කළ අතර ළිඳ තුළ තිබි ඉතා විශාල ප්‍රමාණයේ එල්.ටී.ටී.ඊ සංවිධානය කාලතුවක්කු …

මොන බාධා ආවත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා

(21.07.2018 – 12:04 +0530 – sinhala.adaderana.lk) කුමන බාධා පැමිණියද මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුවේ පැවති උත්සවයකට එක් වෙමිනි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහා ලබන අඟහරුවාදා දිනයේ සකච්ඡාවක් කැඳවා ඇති බවත් නීති, අධිකරණ, බන්ධනාගාර ඇතුළු මීට සම්බන්ධ සියලුම පාර්ශවයන් එක්ව කමිටුවක් පත් …

“ලෝන් එක ගෙවාගන්න බැරි වුනොත් අම්මව පාරට දාවී, මට මේ සල්ලි ටික දෙන්න බබා” රංජන් රාමනායක ගැන අමුතු කතාවක් උසාවියේදි එළියට ආපු හැටි !

(20.07.2018 – nethgossip.lk) නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් සිදු කළා යැයි පැවසෙන මුදල් වංචාවක් පිළිබද නඩු විභාගයක් අද (20) පැවැත්වුනා. පාසල් ගුරුවරියකට විවාහ පොරොන්දු ලබා දී ඇය රවටා ලක්ෂ දහයක පමණ මුදලක් ඇයගෙන් වංචා කළා යැයි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුනා. නාමලී විජේරත්න නම් හිටපු පාසල් ගුරුවරියක් විසින් මෙම පැමිණිල්ල …

බුදු දහම ආරක්ෂා කිරීමේ රාජ්‍ය වගකීම ඉංග්‍රීසි පාලන කාලයටත් වඩා දැන් පැහැර හැරලා

(20.07.2018 – 19:41 +0530 – sinhala.adaderana.lk) බුදු දහම ආරක්ෂා කිරීමේ රාජ්‍ය වගකීම ඉංග්‍රීසි පාලන කාලයටත් වඩා වර්තමානයේ පැහැර හැර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් පවසයි. උන් වහන්සේ මේ බව සඳහන් කළේ බෞද්ධ හිමිකම් කොමිසන් සභාව හමුවේ අද (20) සාක්ෂි ලබා දෙමින්. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය මඟින් බෞද්ධයන්ට අහිමි වන හිමිකම් …

ව්‍යාජ නෝට්ටු දෙකක් සමඟ සිවුරුකාරයෙක් අත්අඩංගුවට

(20.07.2018 – 21:47 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්) ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 1000 ක මුදල් නෝට්ටු 02 ක් සමඟ සිවුරුකාරයෙක් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අද (20) වැනිදා දහවල් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. බුලත්පිටිය ප්‍රදේශයේ රාජමහා විහාරයක වාසය කර ඇතැයි කියන සැකකාර සිවුරුකාරයා පසුව නවගත්තේගම – මහමැද්දෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කර …

ලබන සතියේ කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ

(20.07.2018 – 17:00 +0530 – hirunews.lk/sinhala) විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ මස 25 වන දා සිට 31 දක්වා කාලසීමාව තුළ කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධිවීමක් ඇති විය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ 27 වන දා පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා කොළඹ 3, …