Day archives: ජූලි 22nd, 2018

ආචාර්ය තිස්ස ගුණවර්ධන මහතා දිවිමගෙන් සමුගනී

(22.07.2018 – nethnews.lk) ප‍්‍රවීණ නාට්‍යවේදී ආචාර්ය තිස්ස ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 85 ක්. නාට්‍යවේදීයෙකු මෙන්ම චිත‍්‍ර සහ මූර්ති ශිල්පියෙකු ලෙසද ආචාර්ය තිස්ස ගුණවර්ධන මහතා කටයුතු කළා. ඔහු නිර්මාණය කළ මොණරවිල, වාඩිය, සමනළ කන්ද හා දුටුගැමුණු රසිකයින් අතර ජනපි‍්‍රයත්වයට පත්වූ නාට්‍ය අතරින් කිහිපයක්. ගුරුවරයෙකු ලෙස ආචාර්ය තිස්ස ගුණවර්ධන මහතා පෙන්වා …

අනුරාධපුර මහනගර සභාවේ රුපියල් තුන් කෝටි විසිතුන් ලක්ෂයකට අධික මූල්‍ය වංචා විමර්ශන සී.අයි.ඩී.යට

(22.07.2018 – 16:31 +0530 – lankacnews.com) අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය විසින් සිදුකර ඇති මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. අදාළ වැටුප් සකසන්නිය විසින් සිදුකළ මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් තුන් කෝටි විසිතුන් ලක්ෂයකට අධික බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී අනුරාධපුර මහ නගර සභාවේ නාගරික …

දුම් සහතිකය ගෙන නොගියොත් එතැනම දඩ…

(22.07.2018 – 16:40 +0530 – lankacnews.com) සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වෙයි : දුම් පරීක්ෂණ සහතිකය රැගෙන නොයෑම 2018 ජූලි 15 වනදා සිට වහනවල හා යතුරුපැදිවල වායු විමෝචන සහතිකය (දුම් සහතිකය) වහනයේ රැගෙන නොයෑම සඳහා රු. 500 ක ස්ථානීය දඩයක් නියම කර තිබේ. 2003 වසරේ දී, විශාල ලාභ ඉපයීම සඳහා …

මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ජිවිත අවදානමකට ලක් කරයි..

(22.07.2018 – 12:40 +0530 – lankacnews.com) වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි : මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ජිවිත අවදානමකට ලක් කිරිමේ ආණ්ඩුවේ වෑයම පරදවමු ! “අලුත්ම බිල්ලකට කොටි යළි නැගිටී” යන හිසින් යුතුව පසුගිය 24 වැනිදා රිවිර ඉරිදා සංග‍්‍රහයේ පළකරන ලද ප‍්‍රධාන පුවත පිළිබඳ ප‍්‍රකාශ සටහන් කරගැනීම සඳහා රිවිර …

අද දෙරණ උකුස්සා : කොල්ලුපිටියේ නීතිවිරෝධී විදෙස් මත්පැන් ගබඩාවක් උකුසු ඇසට හසුවෙයි

(21.07.2018 – 22:18 +0530 – sinhala.adaderana.lk) රජයට බදුමුදල් අහිමිකරමින් පවත්වාගෙන ගිය නීති විරෝධී විදෙස් මත්පැන් ගබඩාවක් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සාට හැකි විය. අද අනාවරණය ඒ පිළිබඳවයි. කොල්ලුපිටිය වාලුකාරාම මාවතේ පිහිටි එක්තරා ගොඩනැගිල්ලක සමාජ ශාලාවලට බෙදා හැරීම සඳහා විදෙස් මත්පැන් සහ විදෙස් දුම්වැටි නීති විරෝධී අයුරින් ගබඩා කර ඇති බවට ලද තොරතුරකට අනුව …

හිරු සී.අයි.ඒ. : ජනතාවට අපිරිසිදු ආහාර කවන දඹුල්ලේ හෝටලය

(21.07.2018 – 19:41 +0530 – hirunews.lk/sinhala) හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කලේ ජනතාවට පිරිසිදු භාවයකින් තොරව ආහාර අලෙවි කරනා දඹුල්ල නගරයේ පිහිටි අවන්හලක් පිළිබදවයි. දින ගණනාවකට ඉහත පිසු බත් අධි ශිතකරණවල තබා ගනිමින් නැවත පාරිභෝගිකයන්ට ලබාදීමට ගබඩා කර ඇති අයුරු එහි ගිය හිරු සී.අයි.ඒ. කණ්ඩායමට දැක ගත හැකි වුණා. මේ පිළිබදව අප දඹුල්ල නගරාධිපතිවරයාව …

මේ යන්නේ ගිනි තියාගෙන යන ගමනද? මරණය කමිටුවකින් තීන්දු කරන්නේ නම් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි..! – නීති ප්‍රවීනයෝ කියති

(21.07.2018 – News e Lanka) කවුරු විරුද්ධ වුනත් මෛත්‍රී යුගය ‘මරණයේ යුගයකට’ ගෙනියන බවට ජනපති යළි ශපථ කරයි..! මරණය කමිටුවකින් තීන්දු කරන්නේ නම් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි..! – නීති ප්‍රවීනයෝ කියති මෛත්‍රී මේ යන්නේ ගිනි තියාගෙන යන ගමනද? ‘මෛත්‍රී යුගයක්’ වෙනුවට ‘මරණයේ යුගයක්’ යලි ආරම්භ කරමින් කවුරු විරුද්ධ වුනත් මත්ද්‍රව්‍ය චෝදනා ඇති අයට මරණ දඬුවම ක්‍රියාත්මක …