Day archives: ජූලි 23rd, 2018

මත්තල ඉන්දියාවට විකිණීමෙන් බලවත් රටවල් දෙකක් අතර ගැටුමක්

(23.07.2018 – 19:26 +0530 – hirunews.lk/sinhala) මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමෙන් ලෝකයේ බලවත් රටවල් දෙකක් අතර, ගැටුමක් නිර්මාණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹ අද පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. ************************************** 23.07.2018 ********************************************* ෆෙඩරල් යක් පැටියා ඉපදීමට පෙර කළලය ගබ්සා කළ යුතුයි (23.07.2018 – 16:37 +0530 – sinhala.adaderana.lk) 20 වන …

ආගමන – විගමන නීති උල්ලංඝනය කළ බවට මාකඳුරේ මධුෂ්ට සහ කොස්ගොඩ සුජීට චෝදනා

(23.07.2018 – 12:51 +0530 – hirunews.lk/sinhala) පාතාල නායකයන් වන මාකඳුරේ මධුෂ් සහ කොස්ගොඩ සුජී ඩුබායි රාජ්‍යයට ඇතුලුවී ඇත්තේ ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් බවට හෙළිවී තිබෙනවා. ඒ, එරට තානාපති අංශ සිදුකළ විශේෂ විමර්ශනයකදියි. ඒ අනුව මෙම පාතාල නායකයන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් කර ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ. …

වෛද්‍යවරුන් යළි වර්ජනයකට සූදානමින්

(23.07.2018 – 13:12 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඇතුලු තවත් ගැටළු 10 ක් මුල් කර ගනිමින් අගෝස්තු 3 වනදා දීපව්‍යාප්ත වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ ලබන සතිය වනවිට විසඳුමක් නොලැබුණහොත් එලෙස වර්ජන ක්‍රියාමාර්ගයට …

ජනපති එල්ලුම් ගහේ එල්ලිලා ගොඩයන්න හදනවා.. ලංකාව අරාජික පාතාල රාජ්‍යයක් කලේ ඔහුයි..

(23.07.2018 – 16:40 +0530 – lankacnews.com) මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරන අදහස ජනතා ප්‍රසාදය අතින් අන්තයටම පිරිහී ගොස් තිබෙන අවස්ථාවකට එල්ලුම් ගහේ එල්ලී හෝ ගොඩයාමට දැරූ උත්සාහයක් පමණක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ දී ද ජනාධිපතිවරයා මෙවැනිම පුහු අදහස් රැසක් දේශපාලන …

‘හැප්පිලා බලමු’ ප‍්‍රබල ඇමති නෙත් FM ට තර්ජනය කරයි..

(23.07.2018 – 18:48 +0530 – lankacnews.com) නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි : ජනමාධ්‍යයට එරෙහි පාතාල හා දේශපාලන තර්ජන හෙළා දකිමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නමගිය අපරාධකරුවන් ලෙස සැලකෙන පුද්ගලයන් සහ දේශපාලන බලවතුන් අතර ඇති සබඳතා හෙළිකරමින් නෙත් එෆ්. එම්. මාධ්‍ය ඔස්සේ පළවූ පුවතක් ගලවා ඉවත් කරන ලෙස පවසමින් තිරසර සංවර්ධන, …

බන්ධනාගාරගත මත්ද්‍රව්‍ය අපරාධකරුවන් ගත් දුරකථන සංවාද 3000 ක් ගැන විමර්ශන

(22.07.2018 – 19:56 +0530 – newsfirst.lk/sinhala) බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් අතර සිදුවූ දුරකථන සංවාද තුන් දහසකට අධික සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. ඒ අතරට ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ද ඇතුළත් බව වාර්තා වේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ඉන්දියාව, ඩුබායි, නයිජිරියා සහ පකිස්ථානය වන …