Day archives: ජූලි 24th, 2018

කොළඹ ඩී. එස්‌. සේනානායක විදුහල අනතුරේ – දෙමව්පියෝ ළතැවෙති

(24.07.2018 – divaina.com) අප රටට ඉමහත් සේවාවක්‌ ඉටු කරමින් මෙලොවින් සමුගත් ආර්.අයි.ටී. අලස්‌ ගුරුපියාණන්ගේ නික්‌ම යැමේ උණුසුම තවමත් පහව ගොස්‌ නැත. නමුත් ඒ උණුසුම මැකීයැමටත් මත්තෙන් එතුමාගේ මූලිකත්වයෙන්, එතුමාගේ දහඩිය මහන්සියෙන්, කොළඹ 07, කූඹි කැලේ එළි පෙහෙළි කර ඉතාමත් අසීරුවෙන් 1967 වර්ෂයේදී ආරම්භ කළ කොළඹ 07 ඩී.එස්‌.සේනානායක විද්‍යාලයට කණකොකා හඬන්නට පටන් ගෙන ඇත. 1967 වර්ෂයෙන් …

ජෝර්ජ් කීට් සූරීන්ගේ අතුරුදන් සිතුවම් දෙක සොයන්න, මහජන සහය පතයි

(24.07.2018 – 13:05 +0530 – hirunews.lk/sinhala) කීර්තිමත් චිත්‍ර ශිල්පියෙකු වූ ජෝර්ජ් කීට් සූරීන් සිතුවම් කර තිබූ රුපියල් ලක්ෂ 120 කට අධික වටිනාකමින් යුත් චිත්‍ර දෙකක් සොරකම් කිරීමේ සිද්ධියේ සැකකරුවන් සහ එම චිත්‍ර දෙක හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය අපේක්ෂා කරනවා. මදර් ඇන්ඩ් චිල්රන්ඩ් සහ වසන්ති නම් මෙම චිත්‍ර දෙක පසුගිය 2013 වසරේ ජුලි …

ඉන්දික ගිනිගේ මහතා ගේ අවසන් කටයුතු හෙට (25)

(24.07.2018 – 13:47 +0530 – hirunews.lk/sinhala) යොවුන් රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (25) මහනුවර – මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුළත් කෙරුණු ඔහු ඊයේ රාත්‍රියේ මිය යන විට 37 වන වියේ පසුවුණා. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව ඔහුගේ දේහය මහනුවර පෞද්ගලික මල් ශාලාවක …

ගාලු ක්‍රිකට් පිටියට එරෙහිවන්නේ පාපන්දුවද? යුනෙස්කෝවටත් සැක

(24.07.2018 – 18:45 +0530 – hirunews.lk/sinhala) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සහයෝගය පළ කරන්නේ, එය මහජන ක්‍රීඩාංගණයක්ව පැවති සමයේ පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිටි පිරිසක් බව, ශ්‍රී ලංකා ජාතික යුනෙස්කෝ කොමිෂන් සභාවේ මහ ලේකම් ප්‍රේමලාල් රත්නවීර පවසනවා. කෙසේ වෙතත් යුනෙස්කෝ සංවිධානය ගාලු ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ ක්‍රීඩාංගණය ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු නිර්දේශයක් …

20 වන සංශෝධණය ඇතුලේම ෆෙඩරල් ව්‍යවස්ථාව රිංගවයි … ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න සූදානම් …

(24.07.2018 – 03:26 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමය පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය: විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජවිපෙ ඉදිරිපත් කළ විසි වන සංශෝධනය 2018 ජූලි 6 දින ගැසට් මගින් ප්‍රසිද්ධ කළා. ස්ථාවර නියෝග 52(5) අනුව ගැසට් කිරීමෙන් සති දෙකකට පසු …