Day archives: ජූලි 25th, 2018

ජනපති නියමයෙන් උසස්වීම් 1014 ක් අත්හිටුවයි

(25.07.2018 – 16:51 +0530 – lankadeepa.lk) දේශපාලන පළිගැනීම්වලට ලක් වු අධ්‍යාපන ක්ෂේත්‍රයේ 1014 දෙනකුට අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ඉහළ තනතුරු ලබා දීම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් අත්හිටුවා තිබේ. දේශපාලන පළිගැනීමවලට ලක්වු 1014 දෙනකුට ඉහළ තනතුරු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබු අතර ඒ සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති සංගම් දිගින් දිගටම විරෝධය දැක්වීය. …

මත්තල විතරක් නෙමෙයි කටුනායකත් පෞද්ගලීකරණය වෙන ලකුණු

(25.07.2018 – 14:37 +0530 – sinhala.adaderana.lk) මත්තල ගුවන්තොටුපොළ පමණක් නොව කටුනායක ගුවන්තොටුපොළත් පෞද්ගලික ගුවන් සමාගමක් ලෙස ස්ථාපිත කිරීමට මේ වනවිටත් කටයුතු සිදුකෙරෙමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. අද (24) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් …

ආණ්ඩුව වංචනික ලියවිල්ලක් නීතිගත කර ගැනීමේ උත්සහයක

(25.07.2018 – 14:56 +0530 – sinhala.adaderana.lk) නව ව්‍යවස්ථාවක් ගෙන එන මුවාවෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුව තුල වංචා සහගත ලියවිල්ලක් නීතිගත කිරිමට වත්මන් ආණ්ඩුව උත්සහ කරමින් සිටින බව එකාබද්ධ විපක්ෂය චෝදනා කරයි. කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ කාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා මේ බව පැවසීය. එම්. ඒ. සුමන්තිරන් සහ ජයම්පති වික්‍රමරත්න යන …

ඉපදී පැය කිහිපයකින් මහ මඟ දමා ගිය බිළිඳිය සොයා ගත් හැටි – බාරකරුවන් සොයා පොලිස් පරීක්ෂණ

(25.07.2018 – 17:03 +0530 – sinhala.adaderana.lk) ඉපදී පැය කිහිපයක් පමණ ගතවූ කුඩා බිළිඳියක් දඹුල්ල ජයමාවත ප්‍රදේශයේ පාළු පාරක දමා ගොස් තිබිය දී ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මත දඹුල්ල පොලීසිය විසින් සොයා ගෙන දඹුල්ල මූලික රෝහලට අද (25) උදෑසන බාර දී තිබුණි. අද අලුයම 4.30 ට පමණ දඹුල්ල මූලස්ථාන පොලීසියට ලැබුණු තොරතුරක් මත දඹුල්ල ජයමාවත ප්‍රදේශයේ පාළු …

ඒ-9 මාර්ගයේ රිය අනතුරකින් 18 දෙනෙකුට තුවාල

(25.07.2018 – 09:08 +0530 – hirunews.lk/sinhala) ඒ-9 මාර්ගයේ පූනාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද (25) අලුයම කොළඹ සිට පුදුකුඩිඉරිප්පු දක්වා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධියෙන් බස් රථයේ ගමන් කළ මගීන් 18 …

මොරගහකන්ද අවුරුදු තුනහමාරෙන් හැදීම විශ්මකර්ම වැඩක්.. මං කිසි වැඩක් කර නෑ.. ඔක්කොම කලේ මේ ආණ්ඩුවෙන්… – මහින්ද මොරගහකන්ද ගැන හෙලි කරයි..

(25.07.2018 – 15:00 +0530 – lankacnews.com) මොරගහකන්ද කළුගග ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැක්වූ අදහස් සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතිචාර පල කරයි. වසර තුනහමාරකින් එවන් විශාල ව්‍යාපෘතියක් වැඩ නිම කිරීම විශ්ම කර්ම වැඩක් යයිද කී රාජපක්‍ෂ මහතා තමන් කිසිම දෙයක් සිදු කර නැති බවත් කර ඇති සියළු දේ කර ඇත්තේ මේ ආණ්ඩුවෙන් …

‘අයි’ නමින් යාපනයේ තවත් සන්නද්ද කල්ලියක් හැදේ.. 13 ක් අත්අඩංගුවට..

(25.07.2018 – 16:40 +0530 – lankacnews.com) යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියට අමතරව අයි නමින් හැඳින්වෙන කල්ලියක සාමාජිකයින් 13 දෙනෙකු පලෙයි පොලීසයේ මෙහෙයුමකින් ඊයේ (24) දින අත්අඩංගුවට පත්ව ඇත. කොඩිකාමම් එලුදුමට්ටුවාල් ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට පත් තරුණයින් දෙදෙනෙකුගෙන් කොඩිකාමම් පොලීසිය විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අදාල නව කල්ලිය පිළිබඳව තොරතුරු අනාවරනය වී ඇති අතර ඒ බව …

එකට බැඳුණු හම්බන්තොට වරාය.. මත්තල ගුවන්තොට.. ශ්‍රී ලංකාව හසුරුවන පාලන සුක්කානම මත්තල හරහා ඉන්දියාව අතට..

(25.07.2018 – 03:21 +0530 – lankacnews.com) ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශකවරයා ‘ ශ්‍රී ලංකාව යනු ඉන්දියානු වෙරළේ සිට කිලෝමීටර් 14 ක් දුරින් පිහිටි ප්‍රහාරක ගුවන් යානා රඳවන යුද නෞකාවක්’ ලෙස සඳහන් කර ඇති බවත් ඉන්දියාව සැමදා සිහින දුටුවේ මේ ‘ශ්‍රී ලංකාව නැමැති යුද නෞකාව හසුරුවන සුක්කානම’ තමන්ගේ අතට ගැනීමට බවත් ඔවුන් මත්තල ගුවන්තොටුපළ මිලදී ගැනීමත් සමග …

ජූලියේදී දැයට අහිමි වූ “අපේ කාලයේ කලාකරුවා ” ප්‍රේමකීර්ති ද අල්විස්

(25.07.2018 – 00:10 +0530 – lankadeepa.lk) 1987-1989 වකවානුවේ අපට අහිමි වූයේ පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන් පමණක් නොවේ. මේ රටේ අනාගත අභිවෘද්ධිය සලසන්නට සිටි බුද්ධිමත්හු මාධ්‍යවේදීහු සිවිල් සේවකයෝ විශ්වවිද්‍යාල සිසු දරු දැරියෝ ජවසම්පන්න තරුණ ක්‍රියාශීලීහු හා කලාකරුවෝ රැසක් ද අකාලයේ දිවියෙන් සමුගත්හ. එක අතකින් ශ්‍රී ලංකා හමුදාව හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර සිවිල් යුද්ධය කෙරෙමින් තිබිණ. තවත් අතකින් …

මොන්සැන්ටෝ සමාගමෙන් “ජරාව” කන උන් ගොඩගිය යහපාලන ගැසට්‌ටුව

(24.07.2018 – divaina.com) ග්ලයිෆොසේට්‌ අර්බුදය” යළිත් අර්බුදයක්‌ බවට පත්ව තිබේ. ග්ලයිෆොසේට්‌ ඇතුළු (විෂ) කෘෂි රසායන වගාවන් සඳහා භාවිතය මෙරටේ සැබෑම අර්බුදයකි. එය නිකම්ම අර්බුදයක්‌ නොව, ජාතිය නසන අර්බුදයකි. සිංහල, දමිළ, මුස්‌ලිම් වේවා, බෞද්ධ, ඉස්‌ලාම්, හින්දු, බර්ගර් වේවා මේ කාහටත් මෙම කෘෂි රසායනවලින් ගැලවී ගත නොහැකි වීම “ජාතික අර්බුදය” වේ. ඒ නැතිව සිංහල, දමිළ, මුස්‌ලිම් වශයෙන් …