Day archives: ජූලි 26th, 2018

විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගයට අධි චෝදනා ගොනු කෙරේ

(26.07.2018 – 16:50 +0530 – hirunews.lk/sinhala) විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩු විභාගයට අදාළව ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අයට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී නීතිපති දෙපාර්තමේන්තුව එය තහවුරු කළා. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරුන් වන පියදාස …

මහ බැංකුවෙන් යැයි පවසා පන්සල්වලින් මුදල් ගැරූ මව සහ දුව පොලීසියට හසුවෙයි

(26.07.2018 – 12:01 +0530 – sinhala.adaderana.lk) මහ බැංකුවේ විගනන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියක් බව හඟවමින් මහා පරිමාන මුදල වංචාවක යෙදුන 55 හැවිරිදි කාන්තාවක් සහ 19 හැවිරිදි ඇගේ දියණිය හා ඔවුන් පැමිණ කුලී රථයේ රියදුරා අද (26) අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි. මෙම කාන්තාව විහාරස්ථානවලට ගොස් විහාරස්ථාන සංවර්ධනයට රුපියල් කෝටි ගණනින් මුදල් මහ බැංකුව හරහා ලබාදිය …

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට විදුලිය විසන්ධි කරයි

(26.07.2018 – 10:11 +0530 – hirunews.lk/sinhala) විදුලි රැහැන් පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් හෙට පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අදාළ කාලය තුළ කොළඹ 03, 04, 05, 07 සහ කොළඹ 08 යන ප්‍රදේශවලට විදුලිය විසන්ධි කෙරෙනු ඇති. ඊට අමතරව ලබන …

ලන්ඩන් යාමට කටුනායකට පැමිණි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ගුවන් යානයෙන් බස්සවයි

(26.07.2018 – 11:10 +0530 – hirunews.lk/sinhala) ආගමික වැඩසටහනකට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවර බලා වැඩම කිරීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ආගමන විගමන නිලධාරීන් විසින් යලි හරවා යවා තිබෙනවා. ඒ උන්වහන්සේට විදෙස් ගතවීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක සඳහන් දිනය පිළිබඳව ඇති වූ ගැටළුවක් හේතුවෙන්. ඕමාන් එයාර් ගුවන් සමාගමට අයත් යානයකින් ලන්ඩන් නුවර …

ලකුණු අතර සිටින ධනුෂ්ක ගුණතිලක විදෙස් කාන්තාවක් පටලවා ජාතික කණ්ඩාමෙන් ඉවත් කිරිමේ කුමන්ත‍්‍රණයක්.. පුද්ගලික කලමණාකරුවන්ගේ ගැටුම් හෙලිවේ..

(26.07.2018 – 10:00 +0530 – lankacnews.com) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නෝර්වේ ජාතික තරුණියකට දෙමල තරුණයෙකු අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ කර ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත්කිරීම පිටුපස විදේශීය කළමනාකරුවකු සිටින බව මේවන විට කරුණු හෙළිවෙමින් තිබේ. ධනුෂ්ක ගුණතිලක මෙම විදේශීය ජාතිකයාගේ කළමනාකාරිත්වයෙන් වසරකට පෙර ඉවත්වීමත්, කණ්ඩායමේ ටෙස්ට්, එක්දින හා විස්සයි යන අංශ තුනේම …

බුද්ධ ශාසනයේ පාලනයට නීතිරීති ගේන්න මහා සංඝරත්නයෙන් ඉඩක් ලැබෙන්නේ නෑ

(26.07.2018 – mawbima.lk) අපේ පෞරාණික ශාසනික දායාද පාලනය කිරීමේ වක්‍ර වෑයමකට සූදානම් වෙන වත්මන් ආණ්ඩුව භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ගෙන ඒමට යෝජනා කර ඇති නීති රීති මාලා ගෙන ඒමට කිසිම විටක මහ සංඝ රත්නයෙන් ඉඩක් නොලැබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. අණ්ඩුව ගෙන එන ලද යෝජනාවකට අනුව භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් රාජ්‍ය අනුමැතිය සහිත නීති මාලාවක් …

ජීවත්ව සිටියදී වකුගඩුවක් දන් දුන් පුද්ගලයා මිය ගිය පසු ඉතිරි වකුගඩුවත් පරිත්‍යාග කරලා

(26.07.2018 – mawbima.lk) ජීවත්ව සිටියදී තම වකුගඩුවක් අසාධ්‍යව ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක නියැළි වකුගඩු රෝගියකුට පරිත්‍යාග කර ඉන් වසරකට පමණ පසු හදිසි රිය අනතුරකට ලක් වී මොළේ මියයෑම හේතුවෙන් අනෙක් වකුගඩුවද තවත් රෝගියකුට පරිත්‍යාග කිරීමට අවස්ථාව ලැබීමේ අතිශය දුර්ලභ පින්කමක් රඹුක්කනින් වාර්තාවේ. රඹුක්කන හේනේපොළ උඩඅරබේ පදිංචිව සිටි යුද හමුදාවේ හිටපු කමාන්ඩෝ සෙබළකු මෙන්ම රඹුක්කන …