Day archives: ජූලි 28th, 2018

යුද්ධය නිමා කළ පිරිස් අද අපරාධකරුවන් වෙලා – පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්

(28.07.2018 – nethnews.lk) යුද්ධය වැපුරූ පිරිස් වර්තමානයේ ගුණවත් මිනිසුන් වී ඇති අතර යුද්ධය නිමා කළ පාර්ශව අද අපරාධකරුවන් බවට පත්ව ඇතැයි පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවේණාධිපති, ශී‍්‍ර ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. උන් වහන්සේ මෙම අදහස් පළ කළේ කපිතාන් සාලිය අලදෙණිය ඇතුළු රණවිරුවන් 64 දෙනෙකු දිවිදුන් කොකාවිල් ප‍්‍රහාරයේ 28 …

අල්ලස් කොමිසම දෙවැනි ඉනිමක් ගහන හැටි අධ්‍යක්ෂ ජනරාල් කියයි

(28.07.2018 – 15:47 +0530 – sinhala.adaderana.lk) තම ‍කොමිසමෙන් අපේක්ෂිත අරමුණු ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් මේ දක්වා තමන් වෙත ලැබී නොමැති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සරත් ජයමාන්න මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභවෙන් එන සාක්ෂි මත රැඳිලා …

කොළඹට දකුණෙන් ප්‍රදේශ කිහිපයකට අද (28) රාත්‍රියේ ජල සැපයුම අත්හිටුවයි

(28.07.2018 – 12:48 +0530 – hirunews.lk/sinhala) අඹතලේ සිට දෙහිවල දක්වා ජලය ගෙන යන නළ මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (28) රාත්‍රී 9 සිට හෙට උදෑසන 6 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 9 ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, කළුබෝවිල, නැදිමාල සහ නුගේගොඩ …

ව්‍යවස්ථා කමිටුව කැළඹු අත්සන් හුටපටේ

(28.07.2018 – deshaya.lk) මේ දිනවල රටේ ඇතිව තිබෙන ප්‍රශ්න අතරින් තවත් එක් ප්‍රධාන ගැටලුවක් වන්නේ නව ව්‍යවස්ථාවය. මෙකී ව්‍යවස්ථාව රටම බලා සිටින ව්‍යවස්ථාවකි. එයට හේතුව නම් එය යහපාලනය රජය පත්වන විට ලබාදුන් පොරොන්දුවලින් එකක් වීම නිසාය. අනෙක් කාරණය නම් ආණ්ඩු විරෝධී පිරිස බලා සිටින්නේ මෙය රට බෙදන ව්‍යවස්ථාවක්ද නැද්ද යන්නය. මේ නිසා ව්‍යවස්ථා භීතිකාව රට …

ඩුබායි සේප්පුවකින් දියමන්තියක් සොරා ගත් ලාංකිකයෙක් අත්අඩංගුවට

(27.07.2018 – 16:45 +0530 – lankadeepa.lk) ඩුබායිහි නිදහස් වෙළඳ කලාපයේ පිහිටි සමාගමක සේප්පුවකින් සොරකම් කළ ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 320 ක්ට වැඩි) වටිනාකමකින් යුත් දුර්ලභ ඝණයේ නිල් දියමන්තියක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමටත්, එම සොරකම සිදු කළැයි සැකපිට ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලීසිය සමත් වී ඇතැයි කලීජ් ටයිම්ස් පුවත්පත් …

කටුනායක සුනඛ සිද්ධියට, කුවේට් තානාපති කාර්යාලයත් මැදිහත් වේ

(28.07.2018 – 08:31 +0530 – hirunews.lk/sinhala) කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් 5 දෙනෙකුට පහර දුන් කුවේට් සිට මෙරටට පැමිණි යුවළ කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ යුවළ රැගෙන ආ සුනඛයා සත්ත්ව නිරෝධායන රෙගුලාසි යටතේ රදවා ගැනීම හේතුවෙන් ඊට උරණ වූ ඔවුන් බලහත්කාරයෙන් සුනඛයා ද සමඟ ගුවන් තොටුපළෙන් පිටව යාමට උත්සාහ කිරීම වැළැක්වීමට …

ලංකාවට ඇවිත් හෙළ වෙදකම ඉගෙන ගන්නා සුදු ජාතික බටහිර වෛද්‍යවරු

(28.07.2018 – 10:15 +0530 – sinhala.adaderana.lk) ලොව මවිත කළ පාරම්පරික හොරිවිල හෙළ වෙදකම පිළිබඳව ඉගෙන ගැනීම සඳහා සහ ගස් වැල් වල කොළ පොතු මුල් මල් වලින් විශ්මිත හෙළ ඔසු සාදා රෝග නිවාරණය කරන ආකාරය පිළිබඳව දැනගැනීම සඳහා බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය සිසු වූ පිරිසක් මේ දිනවල පලුගස්වැව හොරිවිල පාරම්පරික වෙද ගෙදරට පැමිණ සිටිති. පාරම්පරික හොරිවිල හෙළ …

ඩිලාන් පෙරේරා තියාගන්නවාද.. මා තියාගන්නවාද..- සරත් වීරසේකර තීරණයක් ගන්නැයි මහින්දට කියයි..

(28.07.2018 – 06:27 +0530 – lankacnews.com) තව දුරටත් ලග තබා ගන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා ද නැතහොත් තමන්දැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තීරණයඛ් ගත යුතු යයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සදහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කරන ලද ප්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් සරත් වීරසේකර මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයක මේ බව …

දෙමළ ජනතාවට ආර්ථික නිදහස දෙන බවට ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

(27.07.2018 – 13:02 +0530 – hirunews.lk/sinhala) තමා ජනාධිපති වුවහොත් ආර්ථික නිදහස අත්කරදීම දෙමළ ජනතාවට ලබාදෙන මුල්ම විසඳුම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ එම කටයුතු සිදුවූ නමුත්, දෙමළ ජාතික සන්ධානය සහ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ඊට බාධා කළ බවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ. …

සංහිඳියාවට නිදසුනක් බලංගොඩින්

(27.07.2018 – 18:49 +0530 – hirunews.lk/sinhala) ජාතීන් අතර සංහිඳියාව මාතෘකාවක් වී ඇති යුගයක ඊට හොඳම නිදසුනක් අපට බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ, හින්දු පූජකයෙකුව සිට පසුව සම්බුදු සසුනේ උරුමය රකින්නට එක්වී පසුගියදා උපසම්පදාව ලැබූ පූජ්‍ය බගවන්තලාවේ රාහුල හිමියන්ගේ ජීවන පුවතෙන්. උන්වහන්සේගේ ගිහි නම මහේෂ්වර ශර්මා වන අතර, බගවන්තලාව – සෙල්වකන්ද වත්ත ප්‍රදේශයේ ජීවත් වූ කන්ද …