Day archives: ජූලි 29th, 2018

සැලසුම් කළ පරිදි අගෝස්තු මස 3 වන දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය දියත් කිරීමට සිදු වෙනවා

(29.07.2018 – 17:10 +0530 – sinhala.adaderana.lk) රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් සැලසුම් කළ පරිදි අගෝස්තු මස 3 වන දා වැඩ වර්ජනය දියත් කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද (29) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළේය. අන්තර් ජාතික වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ …

බීමත්ව සැකකරුවෙකුට පහර දුන් ඉංගිරිය පොලීසියේ නිළධාරීන් 3 දෙනා රිමාන්ඩ්

(29.07.2018 – 17:06 +0530 – hirunews.lk/sinhala) බීමත්ව සැකකරුවෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඉංගිරිය පොලීසියේ නිළධාරීන් තුන්දෙනා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, මොවුන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඉංගිරිය පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක්. මොවුන් ඊයේ රාත්‍රියේ ඉංගිරිය ප්‍රදේශයේ මාර්ගයක …

රතන හිමි ජනාධිපති උපදේශක ධුරය අතහරී.. කොලඹ සමුළුවක් කැදවා ලොක්කන්ට පළු යන්නම බනී…

(28.07.2018 – 22:30 +0530 – lankacnews.com) තමන් විසින් දරන ලද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරය අතහරින බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති. උන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවී උදයානයේදී පැවති ‘අරාජිකත්වය කරා යන අපගේ දේශය හරිමගට ගැනීම උදෙසා ජාතික සම්මුතියක් ගොඩනැගීම’ සමුළුව අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලේය. එහිදී රතන හිමියන් …

රුපියල් මිලියන 20 ක් මිරිස්කුඩු ගහලා මංකොල්ල කාලා

(28.07.2018 – 22:42 +0530 – sinhala.adaderana.lk) ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර සඳහා මුදල් ගබඩා කිරීම සඳහා රැගෙන යමින් තිබූ පෞද්ගලික සමාගමකට අයත් රුපියල් මිලියන 20 ක මුදලක් බුලත්සිංහල ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් කොල්ලකා පලාගොස් තිබේ. මෙම කණ්ඩායම විසින් ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර සඳහා මුදල් පිරවීම සඳහා රැගෙන යමින් තිබූ පිරිසට මිරිස් කුඩු ප්‍රහාරක් එල්ල කර මෙම මංකොල්ලය සිදුකර …