Day archives: ජූලි 30th, 2018

උතුරට එපා කියන යුද හමුදාවෙන් කිලිනොච්චියේදී පින් පිරෙන වැඩක්..

(30.07.2018 – 17:30 +0530 – lankacnews.com) කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයන්හි නැවත පදිංචිව සිටින වැසියන් වෙනුවෙන් නොමිලේ වෛද්‍ය සායනයන් පැවත්වීමට පියවර ගෙන ඇත. එහි එක් පියවරක් වශයෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් නිශ්ශංක රණවන මහතාගේ උපදෙස් පරිදි 66 වන සේනාංකෙයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක මහතාගේ අධීක්ෂණයෙන් එම බල ප්‍රදේශයට අයත් …

කටුනායක ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීම තහනම්

(30.07.2018 – 14:43 +0530 – hirunews.lk/sinhala) කටුනායක ගුවන් තොටුපළ ප්‍රදේශයේ කිලෝමීටර් 5 ක් පමණ වට ප්‍රමාණය තුළ සරුංගල් යැවීම තහනම් කර තිබෙනවා. ගුවන් තොටුපළ මාධ්‍ය ඒකකය නිවේදනය කළේ සරුංගල් හා එහි නූල් පැටලීමෙන් ගුවන් යානාවල අවර පෙතිවලට හා යානාවල විවිධ කොටස්වලට හානි සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. එම ප්‍රදේශවල සරුංගල් යැවීම නීති විරෝධී සහ …

මත්තල ගුවන්තොටුපල ගැන විවිධ අදහස්

(30.07.2018 – 19:53 +0530 – hirunews.lk/sinhala) මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම් පැවරීම සම්බන්ධයෙන් ඉන්දියාව සමග රාජ්‍ය මට්ටමින් සාකච්ඡා සිදු නොවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් සහ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලනඥයින් කිහිප දෙනෙකු අදත් විවිධ අදහස් පළ කළා. ************************************ නව මැතිවරණ ක්‍රමය සම්මත වනතුරු පැරණි ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකියි – හිටපු ජනපති …

විදුලි පාරිභෝගිකයින් ගසා කෑම සදහා විදුලිබල පනත සංශෝධනය කරමින් කැබිනට් පත්‍රිකාවක්..

(30.07.2018 – 16:40 +0530 – lankacnews.com) පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි : = විදුලි පාරිභෝගිකයින් ගසා කෑම සදහා විදුලිබල පනත සංශෝධනය කිරීමට විදුලිබල ඇමතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමේ සැලැස්මක් = විදුලි පාරිභෝගිකයින්ගේ තැන්පතු සදහා පොලී ගෙවීමට විදුලිබල පනත මගින් පනවා ඇති නීතිය ඉවත් කිරීම සදහා විදුලිබල අමාත්‍ය …

හෙට (31) ප්‍රදේශ රැසකට පැය 15 ක් වතුර නවතී

(30.07.2018 – 10:23 +0530 – hirunews.lk/sinhala) හෙට (31) පෙරවරු 9 සිට පැය 15 ක් බියගම උතුර,සියඹලාපේ වත්ත, දෙල්ගොඩ, කඳුබොඩ, මල්වාන, දොම්පේ, නාමලුව, දෙකටන ඇතුළු ප්‍රදේශ රැසක ජලය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින් : බියගම උතුර සියඹලාපේ වත්ත අළුබෝවිල දෙල්ගොඩ අකුරුමුල්ල කඳුබොඩ උලහිටිවල වල්ගම යබරළුව මල්වාන දොම්පේ නාමළුව දෙකටන නාරම්පල ගලවලගොඩ කළුකොදවාව …

විග්නේෂ්වරන් සාවද්‍යයි, අශාස්ත‍්‍රීයයි; මහාචාර්ය රාජ් සෝමදේව කියයි

(29.07.2018 – divaina.com) අප විසින් උතුරේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා වෙත යොමු කරන ලද ප‍්‍රශ්න සහ එම ප‍්‍රශ්න වලට ඒ මහතා ලබාදුන් පිළිතුරු පසුගිය සතියේ දිවයින ඉරිදා සංග‍්‍රහයේ පළවිය. විග්නේෂ්වරන් මහතා වෙත යොමු කළ ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දක්වමින් ඒ මහතා උතුරේ ඓතිහාසික දෙමළ රාජ්‍යයක් පැවතියා ද යන කාරණය පිළිබඳව යම් සැකයක් තිබේනම් ඒ පිළිබඳව …

අද (30) රාත්‍රී 12 සිට පැය 48 ක දුම්රිය වර්ජනයක්

(30.07.2018 – 07:35 +0530 – hirunews.lk/sinhala) දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයක නිරතවන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පී.එම්.ටී. පීරිස් මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීමට විරෝධය පළ කරමින් …

උසස් පෙළ හින්දා හෙට ඉදන් උපකාරක පංති සියල්ල තහනම්

(30.07.2018 – 06:57 +0530 – sinhala.adaderana.lk) මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට සැප්තැම්බර් මස පළමුවනදා දක්වා මෙම තහනම් බල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. මීට අමතරව මෙවර 05 ශ්‍රේණිය …