Day archives: ජූලි 31st, 2018

මංගල සොයා ගත් ඩොලර් ගැන ගම්මන්පිල ප්‍රශ්න කරයි

(31.07.2018 – 18:22 +0530 – sinhala.adaderana.lk) රාජපක්ෂවරුන් සන්තකයේ තිබූ මුදල් සොයා ගත් බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සිදු කරන ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට පිවිතුරු හෙළ උරුමය පවසයි. එම පක්ෂ මුලස්ථානයේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය. …

මොරගහකන්ද ගැන පච කියු හැමෝගෙම රෙදි ලිහේ.. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට ලිපියක්..

(31.07.2018 – 11:20 +0530 – lankacnews.com) මොරගහකන්ද කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීම සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත. එම සම්පුර්ණ ලිපිය මෙහි දැක්වෙයි : අධ්‍යක්‍ෂ ජනරාල්තුමා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ලේකම් කාර්යාල ගොඩනැගිල්ල, කොළඹ 01. හිතවත් මහත්මයාණෙනි, මොරගහකන්ද කළුගඟ …

යහපාලනය ටෙන්ඩර් 150 ක් දුන්නත් එකම බලාගාරයක් තවම නෑ

(31.07.2018 – 06:49 +0530 – sinhala.adaderana.lk) වත්මන් ආණ්ඩුව මේ වන විට ටෙන්ඩර් 150 ක් ප්‍රදානය කර තිබුණ ද බලයට පත්වූ දා සිට අද දක්වා එක මෙගාවෝට් එකක් අලුතෙන් විදුලි බල පද්ධතියට එකතු කර නොමැති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. රාජගිරියේ ඊයේ(30) පැවති පුවත්පත් සාකච්ඡාකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පත්තර දැන්වීම්වලින් …

ඒ 321 එයාර් බස් ගුවන් යානය රැගෙන ඒමේ පිටුපස කොමිස් මුදල් තියෙනවා

(30.07.2018 – 23:02 +0530 – sinhala.adaderana.lk) ඒ 321 එයාර් බස් ගුවන් යානය රැගෙන ඒමේ පිටුපස කොමිස් මුදල් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහ මහතා කියයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් එක් කරන ලද ඒ 321 එයාර් බස් රථය රැගෙන ඒම පිටුපස විශාල කොමිස් මුදලක් ලැබි ඇති බව අන්තර් සේවක සංගමයේ සභාපති හා …