Monthly archives: අගෝස්තු, 2018

ඇමති මලික් විසින් ජනපති රවටයි.. ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු හතක්…

(31.08.2018 – 13:20 +0530 – lankacnews.com) නිසි ක්‍රමවේද කිසිවක් අනුගමනය කර නොමැති නිසා ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර වෙළෙඳ ගිවිසුමක් නොමැති බව සලකා එය ශූන්‍ය සහ බලරහිත කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ කපිල ගමගේ මහතා පෙන්වා දෙයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ඉහත ගිවිසුම පිළිබඳව සමාලෝචනය …

ගෝඨා ජන සටනට.. 05 වැනිදා සියළු බල ඇණි කොළඹ වටලන්න කැදවයි.. නිවේදනය මෙන්න…

(31.08.2018 – 14:10 +0530 – lankacnews.com) හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි : ශ්‍රී ලංකාව ජාතියක් ලෙස ඓතිහාසිකව සමාජයීය දේශපාලනික සහ ආර්ථික වශයෙන් මෙතරම් පහළට වැටුණු අවධියක් නොමැති බව ඔබත් මමත් පැහැදිළිව නිරීක්ෂණය කර ඇත්තෙමු. පසුගිය කාලය තුළ අපි මේ තත්ත්වය වටහාගෙන මෙය නිවැරදි කරගැනීමේ ක්‍රියාමාර්ගයක් අපේක්ෂාවෙන් විවිධ …

විහාරමහාදේවි උද්‍යානයට එන දරුවන්ගෙන් මුදල් අය කර ගැනීමට සියල්ල සූදානම් – පැයට 400 යි – යෝජනාවත් සම්මතයි

(30.08.2018 – nethgossip.lk) කොළඹ විහාර මහා දේවි උද්‍යානයට සහ කාක දූපත උද්‍යානයට ක්‍රීඩා කිරීමට පැමිණෙන කුඩා දරුවෙකුගෙන් මුදල් අය කර ගැනීම සඳහා වන යෝජනාවක් කොළඹ නගර සභාව විසින් සම්මත කර ගෙන ඇති බව වාර්තාවෙයි මෙලෙස ක්‍රීඩා කිරීමට පැමිනෙන දරුවන්ගෙන් පැයකට රුපියල් 400 අය කර ගැනීමට සූදානම් වන අතර එය පෞද්ගලික සමාගමක් වෙත පවරනු ඇති බවටත් …

හුස්ම ගන්න විතරක් තාම බදු ගහලා නෑ – යම පාලනයට විරුද්ධව කලාකරුවන් නැගී සිටී

(30.08.2018 – 16:38 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්) “අපේ ගම” පරිශ්‍රය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කිසිඳු අය කිරීමකින් තොරව දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදෙන ලෙස ලබාදුන් බවත් වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව ඒ සඳහා මුදල් අයකරන බව කලාකරුවන් පවසයි. අද (30) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කලාකරුවෙකු වන ජනනාත් වරකාගොඩ මහතා මේ බව ප්‍රකාශ …

ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට

(30.08.2018 – 18:37 +0530 – hirunews.lk/sinhala) අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 06 ක බරපතල සිරදඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන එනු ලැබුවා. පසුගිය 20 වැනිදා උන්වන්සේගේ වකුගඩුවල පවතින ගලක් ඉවත් කිරීම සඳහා පැයක පමණ කාලයක් සැත්කමක් සිදුකළේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදීයි. මේ …

සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව “රට සුරකින ජනපවුර”

(30.08.2018 – 19:36 +0530 – hirunews.lk/sinhala) සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් “රට සුරකින ජනපවුර” නමින් අද නව සංවිධානයක් පිහිටවනු ලැබූවා. රටට ගැලපෙන ජාතික වෙළෙද ප්‍රතිපත්තියක් සැකසීම හා රටට අහිතකර සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අහෝසි කිරීම මෙම නව සංවිධානයේ අරමුණු අතර වනවා. ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්, …

මහින්දට යලිත් පුළුවන් කියූ සරත් එන් සිල්වාම මහින්දට කිසිදා බැරි වෙන විදිහට හිර කරන හැටිත් ආණ්ඩුවට කියා දෙයි..

(30.08.2018 – 22:32 +0530 – lankacnews.com) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මීලග ජනාධිපතිවරණය සදහා ස්ථිරවම තරග වැදිය හැකි බවත් එයට කිසිදු නීතිමය බාධාවක් ව්‍යවස්ථාවෙන් නැති බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බිහි කර ඇති නව ජනාධිපතිවරයා කලින් 78 ව්‍යවස්ථාවේ සිටි ජනාධිපතිවරයා නොවන බවත් පවසන ඔහු ජනාධිපතිවරණ පනත මෙන්ම …

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවි විජේගුණරත්න අත්අඩංගුවට ගන්න යයි

(29.08.2018 – 12:13 +0530 – lankadeepa.lk) සැකකාර නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්’ යන අයට සැඟවී සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවි විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලීසිය අද (29) අධිකරණයට දැනුම් දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් …

නොමිලේ ‘සුවසැරිය’ හිලවුවට ගාළු වරායේ කොටසක්ද.. නිර්මාතෘගෙන් කට උත්තරයක්..

(29.08.2018 – 18:48 +0530 – lankacnews.com) ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : • “සුවසැරිය“ මෙරට ක්‍රියාත්මක කරන්නේ GVK කියන ඉන්දීය සමාගම නෙවෙයි. මේක 100% අපේ රජයට අයත් ව්‍යාපෘතියක් • පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ අසත්‍ය චෝදනා ප්‍රතික්ෂේප කරමින් “සුවසැරිය“ නිර්මාතෘ කරුණු පහදයි …

රටම ලස්සන කරමින් දකුණු ලක ඉදිවන සුන්දර දුම්රිය මගේ මෙතෙක් ඔබ නොදුටු දර්ශන මෙන්න

(29.08.2018 – 10:00 +0530 – hirunews.lk/sinhala) ලංකාවේ දිගම දුම්රිය වේදිකාව බවට පත්වෙමින් ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතින බෙලිඅත්ත දුම්රිය ස්ථානය වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ තවත් සුන්දරම දුම්රිය මාර්ගයක් වන කිලෝමීටර් 26 පමණ දිගින් යුතු මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගයේ වැඩකටයුතු මේ වනවිට කඩිනමින් අවසන් වෙමින් පවතිනවා. මෙම දුම්රිය මාර්ගයේ …